ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම තහනම් කරමින් තමන්ට පනවා ඇති නියෝග සම්බන්ධයෙන් තවත් ස්වාධීන විමර්ශනයක් ඉල්ලා හිටපු ක්‍රිකට් සභාපති, රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කොට ඇත.
පසුගිය රජයේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්තාවක් පදනම් කරගනිමින් සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ වගකීම් දැරීම තහනම් කිරීමට පියවර ගෙන තිබිණ.
ඒ සදහා පාදක කරගෙන තිබුණේ සූදු ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරිය නොහැකි බවට වූ වගන්තිය.
කෙසේවෙතත් නව ජනාධිපතිවරයකු පත්වීමත් සමග නැවත වතාවත් අදාළ තීරණයට එරෙහිව නඩු මගට පිවිසීමට සුමතිපාල මහතා කටයුතු කොට ඇත.










