• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙටම එකයි… බුදු රුව යොදා කාසියක් ගැසූ කනිෂ්ක රජ්ජුරුවෝ…

November 10, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ලෝකෙටම එකයි… බුදු රුව යොදා කාසියක් ගැසූ කනිෂ්ක රජ්ජුරුවෝ…
Share on WhatsAppShare on Facebook

වර්තමානය වන විට ‘මුදල්’ යනු කොයි කාටත් නැතුවම බැරි දෙයක් බවට පත්වී අවසානය. වඩාත් සරලව ගතහොත් භාණ්ඩ සහ සේවා හුවමාරුවේ අන්තර් මාධ්‍යය ලෙස මුදල් හැඳින්විය හැකිය. මෙම මුදල්වල ඉතිහාසය සොයා යෑමේදී පෙනී යන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් ඈත දුරකට එය දිවයන බවයි. එසේම කාලයෙන් කාලයට එම මුදල් සඳහා විවිධ අර්ථ නිරූපණයන් ලබාදී තිබූ බවද හඳුනාගත හැකිය.

ශිෂ්ටාචාරය ආරම්භයේදී මිනිසා තමන් සතු වූ අතිරික්ත ද්‍රව්‍ය අනෙකා සමග හුවමාරු කර ගනිමින් තමන්ට අවශ්‍ය දෑ ලබාගැනීමට පුරුදු වී සිටියා. මෙසේ භාණ්ඩයකට, භාණ්ඩයක් හුවමාරු කර ගැනීම ‘බාටර්’ ක්‍රමය ලෙස හැඳින්වූ අතර, ඉතිහාසඥයන් පවසන්නේ භාණ්ඩ හුවමාරුවේ පැවැති දුර්වලතාවන් මඟහරවා ගැනීම සඳහා පොදු මාධ්‍යයක් භාවිත කිරීම අවශ්‍යතාවක් පැනනැඟුණු හෙයින් මීට වසර 10,000කට පමණ පෙර මිනිසා බාටර් ක්‍රමය අත්හැර දැමූ බවයි.

ධාන්‍ය වර්ග සහ ඛනිජ ද්‍රව්‍ය වැනි දෑ හුවමාරු කරගැනීම වෙනුවට පහසුවෙන් මැනිය හැකි මාධ්‍යයක් භාවිත කිරීමට ඉන් පසුව මිනිසා යොමුවී තිබෙනවා. ඒ අනුව ක්‍රිස්තුපූර්ව 10 වැනි සියවසේ දී මුදල් ලෙස භාවිත වී ඇත්තේ ගවයන් සහ එළුවන්ය. කෘෂිකාර්මික දියුණුව සමග ක්‍රිස්තුපූර්ව 08 වැනි සියවසේදී මෙසපොතේමියාව ආශ්‍රිත ප්‍රදේශවල මුදල් ලෙස ධාන්‍ය වර්ග භාවිත වීම ඇරැඹී ඇත. එහෙත් මේ කාලයේදී කෘෂි නිෂ්පාදනවලින් සශ්‍රීක නොවූ අනෙක් රටවල් කාසිවලට සමාන යැයි පැවසිය හැකි නොයෙකුත් ටෝකන් භාවිත කිරීම ආරම්භ කර තිබෙනවා. මෙසේ ටෝකන් භාවිත කිරීමේ අරමුණ වී ඇත්තේ හුවමාරු වූ භාණ්ඩ පිළිබඳ සිහිපත් කිරීමයි.

ක්‍රිස්තු පූර්ව 07 වැනි සියවස වන විට බටහිර සහ මධ්‍යම ආසියාව ආශ්‍රිතව වර්ධනය වූ ශිෂ්ටාචාරයන් හුවමාරු මාධ්‍යයක් ලෙස රන්, තඹ සහ ටින් වැනි ලෝහ කැබලි භාවිත කිරීම ආරම්භ කර ඇත. එම ක්‍රමය වේගයෙන් දියුණු වී ඇති අතර ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවස වන විට ඊජිප්තුව සහ මෙසපොතේමියාව නිසි ප්‍රමාණයකින් යුතු රන් කුට්ටි භාවිත කිරීම කෙරෙහි යොමු වෙනවා. නමුත් නැගෙනහිර​ ආසියාවේ සහ අප්‍රිකාවේ පැවැති නොදියුණු සමාජයන් ඒ වන විටත් ඔවුන්ගේ පොදු හුවමාරු මාධ්‍ය ලෙස භාවිත කරමින් සිට ඇත්තේ ගල් කැබැලි, කවඩි, පබළු, සත්ව සම් වැනි ද්‍රව්‍යයි.

ඉතිහාසඥයන් විශ්වාස කරන අන්දමට ප්‍රථම කාසිය ලොවට හඳුන්වා දී ඇත්තේ පුරාණ රාජධානියක් වූ ලිඩියාව (වත්මන් තුර්කිය ආශ්‍රිත ප්‍රදේශය)යි. ඔවුන් කාසි නිෂ්පාදනය කර ඇත්තේ රන් සහ රීදී 4 : 1 අනුපාතය ලෙස මිශ්‍ර කරමින් සකසා ගත් ඉලෙක්ට්‍රම් නම් මිශ්‍රණය භාවිත කරමිනි. වර්තමානයේ දක්නට ලැබෙන කාසි මෙන් රවුම් හැඩයෙන් යුතු නොවූ අතීත කාසි, බොහෝ විට විෂම හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුතු වී තිබෙනවා. නමුත් සමාන බරින් යුතු වූ පැරණි ලිඩියානු කාසිවල පුරාතන ලිඩියානු අක්ෂරයන්ගෙන් ඔවුන්ගේ රජුවරුන්ගේ නම් සටහන් කර ඇති ආකාරය පවා දැකගැනීමට හැකියි.

මේ ආකාරයට වසර දහස් ගණනක් පුරා විකාශය වෙමින් පැමිණි ‘මුදල්’ නම් සුවිශේෂ ඒකකය අද වන විට යම් රටක ආර්ථික ප්‍රගමනය, දියුණුව තීරණය කෙරෙන ප්‍රධානතම සාධකය බවට පත්ව අවසන්. නෝට්ටු සහ කාසි වශයෙන් මුදල් ඒකකය කොටස් දෙකකින් හැඳින්වුවත් මෙහි අප විශේෂයෙන් සඳහන් කරන්නේ කාසි පිළිබඳවයි. ලොව සෑම රටකම විවිධ ලෝහයන්ගෙන් නිර්මාණය වූ කාසි වර්ග සිය දහස් ගණනක් වර්තමානය වන විට දැකගත හැකියි.

පුරාණ ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය සම්බන්ධ තොරතුරු ඓතිහාසික, ආගමික, සංස්කෘතික හා පුරාවිද්‍යා යන මූලාශ්‍රයන්හි දැකගත හැකි වන මුත්, එහි නිශ්චිත ආරම්භය සිදුවූයේ කවදා කොතැනදීද යන්න අවිනිශ්චිතය. එසේම මෙරට පැරැණි මුදල් සම්බන්ධයෙන් ඉන්දීය වෙළෙඳුන්ගේ බලපෑම් බහුලව යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙරට මුදල් භාවිතය සම්බන්ධ පැරණිම තොරතුර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාම්පිට විහාරයේ වූ ශිලා ලිපියක දැකගත හැකි වේ. ක්‍රි.පූ. 03 වැනි සියවසට පමණ අයත් යැයි විශ්වාස කෙරෙන එම සෙල්ලිපියෙහි කහපණ, කර්ශපාන යන වචනවලින් දක්වා ඇත්තේ එකල භාවිතයේ පැවැති මුදල් විශේෂයන් වන්නට ඇති බව විශ්වාස කෙරේ. එසේම විල්ගම්මුල හිමියන් විසින් රචිත සිංහල බෝධිවංශයෙහි ‘කර්ශපාන’ යනුවෙන් භාවිත වූ කිසියම් මුදල් ඒකකයක් සම්බන්ධවද සඳහන් කොට තිබේ. අනතුරුව විවිධ රජවරුන් යටතේ සහ යටත්විජිත පාලන සමයන්හිදී ශ්‍රී ලංකාවේ කාසි අද පවතින ආකාරයට විකාශය වෙමින්, පරිවර්තනයන්ට ලක්වෙමින් පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව සෑම රටකම පාහේ විවිධ කීර්තිමත් පුද්ගලයන්ගේ රුව මුද්‍රණය කළ කාසි වර්ග අතීතයේ පටන් අද දක්වාම භාවිත වෙයි. අපේ රටේද අවස්ථා කිහිපයකදී එවැනි කාසි නිකුත් වූ අතර මේ වන විට ඒවා භාවිතයෙන් ඉවත්ව ගොස් ඇති අයුරු දැකගත හැකිය. ඇතැම් අවස්ථාවල විශේෂ සැමරුම් උත්සවයක් හෝ සංවත්සරයක් අවස්ථාවේදී එවැනි කාසි සීමිත ප්‍රමාණයක් මහබැංකුව විසින් නිකුත් කරනු ලබන අවස්ථාද පවතී. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය ජනතාවගේ පරිහරණයට එම කාසි මුදාහරින අයුරුද ඉතිහාස පුරා අප දැක ඇත්තෙමු.

රජවරුන්, රැජිනියන්, ජනාධිපතිවරුන්, හමුදා නායකයන් වැනි විවිධ සුවිශේෂ පුද්ගලයන්ගේ රුව මුද්‍රණය කළ කාසි වර්ග ලෝකයේ සෑම රටකම පාහේ දැකගත හැකිය. එහෙත් බුදුජාණන්වහන්සේගේ රූපය නිරූපණය කෙරෙන කාසියක් ලොව ප්‍රථම වරට නිකුත් කර ඇත්තේ ක්‍රි.ව. 78 – 144 අතර කාලයේ ඉන්දියාවේ රාජ්‍ය විචාල කනිෂ්ක රජුගේ සමයේදීය. බුද්ධ රූපය වටා ග්‍රීක අක්‌ෂරයෙන් ‘බොඩ්ඩෝ’ (BOΔΔO) ලෙස සඳහන්ව ඇති අතර, නිසැකවම එය රූපය බුදු රුව බව පුරාවිද්‍යාඥයන් පවා පිළිගන්නා මතයයි.

කාසියේ අනෙක්‌ පස කනිෂ්ක රජුගේ රූපය සටහන් කර ඇත. රජතුමා පාර්ශ්ව දර්ශීව (පැත්ත හැරී සිටින සේ) එහි දක්වා ඇත. වමතේ කඩුවක් සහිත, ඔටුනු පැලඳ සිටින රජු, රාජකීය ඇඳුමෙන් සැරසී සිටී. ඝනව වැවුණු රැවුල සහිත රජතුමා වටා ග්‍රීක අක්‌ෂරයෙන් ‘ෂාඔනා ඔෂාඕ කනෙශ්කි කොෂානෝ’ ලෙස සඳහන්ය. එමගින් කියැවෙන්නේ රාජ රාජ කුෂාන් කනිෂ්ක බව පුරාවිදු මතයයි.
අන්තර්ජාලය ඇසුරෙනි…

සැකසුම-චානක ලියනගේ

SendShareShare
Previous Post

ඊයේ ගෝල්ෆේස් එකේදි හාමුදුරුවරුන්ට කුණුහරුපෙන් බැන්න කෝකියා ගැන සමාජ මාධ්‍ය සියල්ල හොයාගනී! නම සුනිල් සිල්වාලු! හෝටල් හිමිකරුවෙක්ලු! පොහොට්ටුවෙන් ජන්දෙත් ඉල්ලලාලු! තවත් ආන්දෝලනාත්මක ‌තොරතුරු රැසක් එළියට! (VIDEO)

Next Post

ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

MORE NEWS

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

Load More
Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

උතුරෙන් තමිල්නාඩුවට තමිල්නාඩුවේ මහජන විප්ලවයකින් බලය අල්ලා මහඇමැති ධුරයට පත්වූ සුපිරි නළු තලපති විජේ දිවුරුම් දෙන විටදී අප ‘රාජ්‍ය රහස්’...

Read more

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.