බැදුම්කර හොරු-ටොප් ටෙන් හොරු අල්ලන්නේ නැතිව පොලිසිය ගොස් අනවශ්‍ය අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත්, බැදුම්කර හොරු අල්ලන්නේ නැතිව සිටියහොත් අපටද සිදුවන්නේ ගෙදර යාමට බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අද (05) පැවැති උත්සවයකින් පසු රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර තවත් උත්සවයකදී අමාත්‍යවරයා සදහන් කර සිටියේ රාමනායක මහතා අත්අඩංගුවට ගත්තේ පොලිසිය කියන පරිදි ගිනි අවියකට බලපත්‍රයක් නොමැති සිද්ධියක් මත නොව රාමනායක මහතා ඉකුත් සමයේදී රහස් පොලිස් නිලධාරීන්ට, විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ සිද්ධීන් මත බවයී.
මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ හා කංචන විජේසේකර යන මහත්වරුන්ද අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම පසුපස රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණක් කිසිවකුට හෝ තිබූ බවට සැක මතුවන බවකි.










