• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය එක්ක මිනිස්සු හැප්පෙන මොකක්ද මේ අවනඩුව?

November 9, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
පොලිසිය එක්ක මිනිස්සු හැප්පෙන මොකක්ද මේ අවනඩුව?
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන මොහොත වන විට ශ්‍රී ලංකාව තියෙන්නේ ඉතා තීරණාත්මක තැනක. බොහෝ ප්‍රශ්න ගැටලු ලංකාව තුළ තියෙනවා. බොහෝ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් හොයන්න බොහෝ දෙනෙක් ඉදිරියට එමින් ඉන්නවා. ඒ අතරතුරේ ආණ්ඩුව යම් යම් තීරණ ගන්නවා. ඒ තීරණ ජනතාවට හොඳ පැත්තට විසඳෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන අවස්ථාත් තියෙනවා. ඒවායේ හරි වැරැදි තියෙනවා. සමහර දේවල් හරි කියලා කියන්න බෑ වගේම සමහර දේවල් වැරැදියි කියලා කියන්නත් බෑ. මිනිස්සුන්ගේ ආවේගවලට සාධාරණ හේතු තියෙනවා වගේම ආවේගශීලී නොවිය යුතු අවස්ථාවලදී මිනිස්සු ආවේගශීලී වෙලත් තියෙනවා. බොහෝ විට හරි මොකක්ද, වැරැදි මොකක්ද කියන එක තීරණය කරන්න අපි පුංචි වැඩි වුණත් ඔබේ ජීවිතයේ ඔබ විසින් ගන්නා තීරණය හරිද වැරැදිද කියන එක සම්බන්ධව ඔබ, ඔබ සම්බන්ධයෙන් තීරණ ගන්න පුංචි වැඩි නෑ. ඒක නිසා රටක් විදියට ඉස්සරහට යනකොට මිනිස්සු තමන්ගෙ යුතුකම් වගකීම් සහ නීතිය තියෙන්නේ කුමන සීමාවෙද කියන එකත් දැනගෙන ඉන්න ඕනෙ. නීතිය රකින අය වගේම නීතියෙන් රැකෙන අයත් මේ හැම අවස්ථාවකදීම ඉතා ගුණයහපත් යුතුකම් දන්න සහ වගකීම් දරන අය බවට පත්විය යුතුයි. එහෙම නොවුණාම නීති හදන තැන ඉඳලම දූෂණය, වංචාව රජවෙන්න ගත්තාම රටක් ඉදිරියට පත්වාගෙන යන්න බැරි වෙනවා. අද අපි මේ තරම් අගාධයකට වැටිලා තියෙන්නේ අන්න ඒ නිසා කියලයි ලියුම්කරු හිතන්නේ. මේ රට වැටිලා තියෙන තැනට වරදකරුවා වෙන කවුරුවත් නෙවෙයි. ඒ ඔබ සහ මම. එහෙම නැත්නම් ඔබ සහ මම විසින් හදපු ආණ්ඩු. මේ ආණ්ඩු හුදෙකලාව නිර්මාණය වුණු ඒවා නෙවෙයි. තමන්ගෙ කැමැත්ත මත නිර්මාණය වෙච්ච ඒවා නෙවෙයි. මේ ආණ්ඩු පත්කළේ අපි. මේ ආණ්ඩුවල මැති ඇමැතිවරු නිර්මාණය කළෙත් අපි. ජනාධිපතිවරු හැදුවේ අපි. පාර්ලිමේන්තු බලය නිර්මාණය කළේ අපි. ඇමැතිවරු පාර්ලිමේන්තු යැව්වේ අපි. ඒ නිසා වරදක් තියෙනවා නම් ඒ වරදේ ලොකු කොටසක් අපේ පපුව ඉස්සරහා තියෙනවා කියලා දැනගෙන අපි වැඩ කළොත් තමයි හරි. ඒ වගේම වරද නිවැරැදි කිරීමේ වගකීම තියෙන්නෙත් අපට කියලා දැනගෙන වැඩ කළොත් තමයි අපි නිවැරැදි.

කොහොම නමුත් රටක් විදියට ඉස්සරහට යනකොට අපිට යුතුකම් වගකීම් මනුස්සකම් කියලා ජාතියක් තියෙනවා කියලා ආයෙත් කියනවා. එහෙම කියන්නේ කැබිතිගොල්ලෑව සිද්ධියේ වීඩියෝ දර්ශන කිහිපයක් දුටුවායින් පසුව. එක්තරා පුද්ගලයෙක් එම ස්ථානයේදී මියයනවා. ඔහු පොලිස් නිල ඇඳුමකින් සැරසිලා බිම වැටිලා ඉන්නවා පේනවා. ඔහු වටා තවත් පොලිස් නිලධාරීන් සිටින්නට ඇතැයි කියලා සැක හිතෙනවා ඒ සමහර වීඩියෝ රූපරාමු දැක්කට පස්සේ. ඔවුන් සමහර විට මේ නිලධාරියාගේ සහෝදර නිලධාරීන්. එකම රාජකාරි ස්ථානයේ වැඩකරන අය. දන්නා හඳුනන අය. ඒ වගේම විදුලි පන්දම් අතින් අරගෙන, ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් එහෙට මෙහෙට ඇවිදින්නේ ගම්වැසියන්. ඔවුන් ඉන්නේ කෝපාවිෂ්ට වෙලා. ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අලි ප්‍රශ්නය. අලි ප්‍රශ්නය කොයි තරම් ‘අලි’ වුණත් ඒ ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ කවුද කියන එක ගැන ගම්වැසියෝ දැනුවත් නෑ. ඒ වගේම ගම්වැසියෝ දැනුවත් විය යුතුත් නෑ. ගම්වැසියන්ව අලින්ගෙන් බේර ගන්න ආණ්ඩුවට බැරි වුණාට ආණ්ඩුව අලි වැටවල්වලින් පැනලා ඡන්දෙ කාලෙට ගමට එනවා. දේශපාලකයෝ පාට පක්ෂ භේදවලින් තොරව මිනිස්සු රකින එකෙන් අයින් වෙලා තමන් රැකෙන්න අවශ්‍ය ඡන්ද බලය නිර්මාණය කරගෙන තියෙනවා. මිනිස්සුන්ටත් අලි ගමට එනකොට අලි කරදරය මතක් වුණාට, දේශපාලකයෝ ගමට එනකොට අලි කරදරය මතක් වෙන්නේ නැද්ද කියලා අපට හිතෙනවා. ඇත්තටම මිනිස්සු විදියට එකතු වෙලා එක තීරණයක ඉඳලා ‘එකෙකුටවත් ඡන්දෙ දෙන්නේ නෑ’ කියලා මේ දේශපාලකයන්ව පන්නලා දැම්මා නම් එක රැයින් මුළු රටේම අලි වැටවල් ඉදිවෙයි කියලා ලියුම්කරුට හිතෙනවා. හැමදාම ප්‍රවෘත්තිවලට අලියෙක් ගහලා මනුස්සයෙක් මැරුණා කියන ප්‍රවෘත්තිය කියනකොට අපේ පපුවට දැනෙන්නේ ඒ අපේ නෑයෙක්, අපි දන්න කෙනෙක්, අපේ හිතවතෙක් මියගියා වගේ හැඟීමක්. ඒ හැඟීමම ගමේ මිනිස්සුන්ගෙ මොකක් හරි හේතුවක් නිසා අලියෙක් මියගියාම වනයේ වනස්පති අතර එහේ මෙහේ ඇවිදින අලින්ටත් දැනෙනවා ඇති. හැබැයි අවාසනාවකට තමන්ගෙ එකෙක් මියගිය එදා ඒ වේදනාව සහෝදර පොලිස් නිලධාරීන්ට දැනුණේ නැද්ද කියලා ලියුම්කරුට හිතෙන්නේ සමහර විට නොදැනුවත්කම හින්දා වෙන්න ඇති.
වීඩියෝව විතරක් බලලා මේ කතාව ලියනකොට ඇතැම් වැරැදි සිද්ධ වෙන්න පුළුවන්. එතැන අපි නොහිටපු නිසාත්, එතැනට ගිහිල්ලා හොයා බලන්න තරම් අපේ රටේ මේ වෙනකොට අපි ශක්තිමත් නොවන නිසාත් මේ කතාව මේ විදියට ලියනවා. ඇත්තටම පොලිසිය වැරැදිද? මේ ප්‍රශ්නය අපි උත්තර දිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු හොයාගත යුතුයි. ඒකට හේතුව අපි දෙන කුමන හෝ පිළිතුරක් නිසා ඔබ අපිත් එක්ක අමනාප වේවි. ඔබ හිතාවි අපි ඔබට එරෙහිව ඔබේ හිත රිදවන්න, ඔබේ කැමැත්තට පිටින් මේවා කියනවා කියලා. අපි පොලීසියට කඩේ යනවා නෙවෙයි. හැබැයි සමහර තැන්වලදී යුක්තිය සහ අයුක්තිය එක අකුරක වෙනසක් විතරක් නෙවෙයි කියලා ඔබ සහ අපි දැනගත යුතුයි. ගාල්ලේදී සිසුවාට වෙඩිතබා මැරූ පොලීසිය නිවැරැදි කරන්න යම් කිසිවකුට හැකියාව තියෙනවද කියලා අපි දන්නේ නෑ. ඔවුන්ට පිස්තෝලය දීලා තියෙන්නේ වඳුරෙක්ට දැළිපිහියක් දුන්නා වගේ දේකට නෙවෙයි කියලයි අපි හිතන්නේ. වඳුරෙක්ට දැළිපිහියක් දුන්නාම ඒ දැළිපිහියෙන් වඳුරා වගේම වඳුරා වටේ ඉන්න අයත් කැපෙනවා. හැබැයි මේ වඳුරෝ නොවන නිසාත්, ඔවුන් අතේ තියෙන්නේ දැළිපිහි නොවන නිසාත්, අපි පොලිසිය ළඟින් යනකොට බයෙන් හැකිලෙන්නෙ නෑ. හැබැයි වඳුරෙක් දැළිපිහියක් අරන් ආවොත් අපි ඇත්තටම බය වෙනවා. ඒ නිසා දැන් ඔබ මතක තියාගන්න. කාකි නිල ඇඳුමක් ඇඳලා, පිස්තෝලයක් අරන් ඔබ අසල ඉන්න කෙනාට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ දැළිපිහියක් අරන් ආපු වඳුරට වගේම තමයි. පිස්තෝලයක් දීලා තියෙන්නේ ඔළුවට වෙඩි තියන්න නෙවෙයි.

ඕනෑම වංචාකාරයෙක් හොරක් පළමු අවස්ථාවේ, දෙවැනි අවස්ථාවේ, තුන්වැනි අවස්ථාවේදී දණහිසෙන් පහළට වෙඩි තියලා අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට තියෙනවා. ඒත් පළමු අවස්ථාවෙ, දෙවැනි අවස්ථාවෙ, තුන්වැනි අවස්ථාවෙ නෙවෙයි ඊළඟ අවස්ථාවේදී. ඒත් මෙතැන සිදුවෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඇත්තටම පිස්තෝලයක් ලෝඩ් කරලා තමන් ගාව තියාගන්න අයිතියක් පොලිස් නිලධාරීන්ට තියෙනවද කියන්න අපි දන්නේ නෑ. පිස්තෝලයක් ලෝඩ් කරලා කොකාට ඇඟිල්ල තියාගෙන මනුස්සයෙක්ගෙ ඔළුවට තිබ්බට පස්සේ ඒ පිස්තෝලෙ ඉබේ පත්තු වෙනවා නම් මේ නිලධාරීන්ට තුවක්කු දෙන්න නෙවෙයි, ඔවුන් එළියෙ තියෙන එකත් ප්‍රශ්නයක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඇතුළු බොහෝ නිලධාරීන් එකතු වෙලා එක එක දේවල් කියලා මේ සිද්ධියෙන් ඔහුව ගලවා ගත්තත් ඔහුට කවදාවත් හෘදය සාක්ෂියෙන් ගැළවෙන්න බැරි වෙයි. හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට හෘදය සාක්ෂියක් කියලා දෙයක් නෑ. පොලීසිය සහ ජනතාව මේ විදියට දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙන්නේ ඇයි? පොලිසියට මොකක්ද මේ තියෙන ප්‍රශ්නෙ? මිනිස්සුන්ට ඇත්තටම පොලිසියට යම් විරෝධයක් තියෙනවා. ඒ විරෝධයට පොලිසියත් හේතු වෙලා තියෙනවා. මොකද දූෂණ, වංචා, හොර මැරකම් සියල්ලම පොලීසිය විසින් වැළැක්විය යුතු වුණත් මිනිස්සු විශ්වාස කරනවා මේ සියල්ල සිද්ධ වෙන්නේ පොලිසිය යටතේ, පොලිසියේ ආදරය, ගෞරවය, ප්‍රේමය මේ සියල්ල අස්සේ කියලා. ඒ නිසා ඒක නෑ කියලා කියනවා නම් අපි එකඟයි. හැබැයි මේකට නෑ කියලා කියන්න පුළුවන් පොලිස් නිලධාරියෙක් ඉන්නවා නම් ඔහුට සමහර කාරණා අමතක වෙලා හෝ ඔහු නොදන්නා නිසා එසේ කියනවා විය හැකියි. ඒ නිසා බොහෝ තැන්වලදී මේ වගේ දේවල් සම්බන්ධව පොලීසියේ නම්ගම් ගෑවිලා තියෙනවා. ඒත් ඔබ අමතක නොකළ යුතු කාරණය තමයි කොරෝනා කාලයේදී පවා එතෙක් මෙතෙක් සෑම අවස්ථාවකදීම පොලිසිය තමන්ට පැවරූ රාජකාරියෙනුත් එහාට ගිහිල්ලා රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ආයතනයක් කියන එක. අනෙක් සියලු දෙනා අත පිහදාගන්නකොට, හැංගෙනකොට, හැකිලෙනකොට පොලිසිය තමයි හැම දේටම මුලින්ම එන්නේ. වන අලියා ගමට ආවම මිනිස්සු පොලිසියට කතා කළාම, ඒක පොලිසියේ වරදක් නෙවේ කියලා අපේ රටේ මිනිස්සුන්ට නොතේරෙන එක තමයි අවාසනාව. වන අලියෙක් ගමට ආවට පස්සේ මිනිස්සු කතාකරන්න ඕනෙ පොලිසියට නෙවෙයි. වනජීවී, වනසංරක්ෂණ ආදී වනාන්තරය සම්බන්ධ ආයතනවල නිලධාරීන් රාශියක් ඉන්නවා.

ඔවුන්ට පඩි ලැබෙනවා, ඔවුන්ට අලි වෙඩි ලැබෙනවා, ඔවුන්ට ජීප් රථ ලැබෙනවා, ඔවුන්ට තෙල් ලැබෙනවා, ඔවුන්ට මේ සියල්ල ලැබෙනවා. හැබැයි එහෙම තියෙද්දීත් පොලිසිය නෑ බෑ නොකියා, ඇතැම් විට එක වතාවක් දෙවතාවක් නෑ බෑ කියා හෝ ඒ ස්ථානයට යන එක ඇත්තටම ලොකු දෙයක්.

පහුගිය කාලේ කොරෝනා ආපු වෙලාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කරන්න ඕනෙ වැඩ ටිකත් පොලීසියෙන් තමයි ගමට ගිහින් කළේ. ඒ වගේම පවුල් ආරවුලක් සිදුවුණාට පස්සේ ඒ ආරවුල විසඳන්න වුණේ පොලීසියට. සුරාබදු නිලධාරීන්ගේ රාජකාරියත් අද කරන්නේ පොලීසිය. ඒක වැඩි වැඩ කිරිල්ලක් විදියට සලකලා, එහෙම නැත්නම් බල්ලගෙ වැඩේ බූරුවා කිරීමක් ලෙස සලකලා පොලීසියට අගෞරව කරන්න එපා. පොලීසිය ඒ සියල්ල කරමින්, ඉවසමින් ඔය රළු කාකි ඇඳුම ඇඳගෙන පැය ගණන් අවු කාෂ්ටකේ හිටගෙන ඉන්නේ ඔබේ දරුවාව පාර පන්නන්න කියලා ඔබ අමතක කරන්න එපා. හැබැයි ඔබේ දරුවා පාර පැන්නූ පමණින් පොලීසිය කරන හැම ජඩ වැඩක්ම, හැම බලු වැඩක්ම අනුමත කරන්න අපි එකඟ නෑ. ඒත් අවසාන වශයෙන් කතන්දරය මේකයි. පොලීසිය සහ ජනතාව අතර මේ විරසකය නිර්මාණය කළේ කවුද කියන එක ඔබ දෙපාරක් තුන්පාරක් හිතලා බලන්න. අරගල බිමේදී පොලිසිය ඇවිල්ලා මිනිස්සුන්ට ගහනකොට අපි පොලිසියට වෛර කරන්න පටන් අරගත්තා. පොලිසිය මිනිස්සු එක්ක තරහා වුණාද නැද්ද කියන්න අපි දන්නේ නෑ. හැබැයි මිනිස්සුයි පොලිසියයි කියලා කියන්නේ දෙපැත්තක් නෙවෙයි. පොලිසිය අයිති මිනිස්සුන්ට. මිනිස්සු අයිති පොලිසියට. ඔය කාකි නිල ඇඳුම් අස්සේ ඉන්නෙත් මිනිස්සු. ඒ නිසා පොලිස් නිලධාරීනුත් මේක දැනගෙන ඉන්න ඕනෙ. සාමාන්‍ය ජනතාවත් මේක දැනගෙන ඉන්න ඕනෙ. ඇඳුම විතරයි නෝනාවරුනි මහත්වරුනි පොලිසියේ සහ ඔබේ අපේ වෙනස්. ඒක අපට දැනුණු දවසක අපි ඔක්කොම එකතු වෙලා එක තැනක හිටගත්තොත් මේ රට මේ විදියට කරගෙන යන්න අපේ දේශපාලකයන්ට බැරි වෙනවා. ඒ නිසා පොලිසියයි අපියි තරහා කරවලා, ආරක්ෂක අංශයි අපියි අතර ආරවුලක් නිර්මාණය කරලා, අපි ඒ අයටත්, ඒ අය අපිටත් රිදවමින් වේදනා දෙමින් සටන් කරමින් හිත් රිදවා ගනිමින් අනෙකා මරාදමමින් පහර දෙමින් මේ කාලය ගතකළොත් දේශපාලකයන්ට හරිම ලේසි වෙනවා මේ සෙප්පඩවිජ්ජා කරමින් ආණ්ඩුව පවත්වාගෙන යන්න. ඒක නිසා ඒ කාරණාව හොඳින් මතක තියාගන්න.

පොලිසියත් එක්ක තියෙන මේ කෝන්තරය අපි ඉක්මනට නිමා කරගත යුතුයි. පොලිස් නිලධාරී මහත්වරුනුත් අපි එක්ක කෝන්තරයක් තියෙනවා නම් ඒක නිමා කරගත යුතුයි. ඔබටයි අපිටයි ප්‍රශ්නයක් නෑ. අපි දෙගොල්ලොම ඉන්නේ එකම පන්තියේ.

ඒක නිසා වෙන පන්තියක ඉන්න අය අපිට කෝචොක් කරනකොට අපි අපේ පන්තිය ඇතුළේ ගහ මරාගන්නේ නැතුව අපි උන්ගේ හරි වැරැද්ද කොතැනද කියලා හොයාගමු. පොලිස් නිලධාරීන් කරන්නේ රාජකාරිය. ඔවුන්ට රාජකාරියක් පැවරුවාට පස්සේ ඉහළින් එන නිලධාරියෙක් තමන්ගෙ තනතුර තාන්න මාන්න ගැන ආඩම්බර වෙන්න, සතුටු වෙන්න හිතාගෙන කරන සමහර දේවල්වලදී ඒගොල්ලන්ට ඉහළට ගිහිල්ලා ඊළඟ නිලය ලබාගන්න අවශ්‍ය පහසුකම් ටික නිර්මාණය කරගන්න අහිංසක පොලිස් නිලධාරීන් ටික කඩේ යවනකොට අන්තිමට මියයන්නේ පොලීසියෙන් කවදාවත් සාධාරණයක් ඉෂ්ට නොවිච්ච සැරයන් මහත්වරු, එස්.අයි. මහත්වරු. අදටත් තමන්ට ලැබිය යුතුව තියෙන ඒ.එස්.පී. තනතුර වෙනුවෙන් හැමදාම හීන දකින, අනේ අපට මේක හදලා දෙන්න කියමින් කට්ට කන සී.අයි. මහත්වරු උතුරේ දහසක් දුක් විඳලා අද ගෙදර ඇවිල්ලා කාකි කෝට් එක ගලවලා අමාරුවෙන් ජීවිතේ ගතකරනවා කියලා ඔබ නොදන්නවා නම්, ඒ ගැනත් හොයලා බලන්න. ඇත්ත තියෙන්නේ කොතැනද කියලා දැනගත්තම ඒක හරිම තිත්තයි කියලා ඔබට තේරේවි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කොවිඩ් වැලදුණු මෛත්‍රීට සුවය පතා රට පුරා බෝධි පූජා පවත්වන්න ශ්‍රීලනිපයෙන් තීන්දුවක්! (VIDEO)

Next Post

ගහයි පොත්තයි වගේ එකට ඉඳගෙන ගේම් ගහපු තිලිණියි ජානකීයි කාකොටාගන්න පටන් අරන්! ජානකීව වහාම මීගමුවට අරන් යයි!

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News
Exclusive

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News
Exclusive

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News
Exclusive

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

Load More
ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

යුද පරාජයක් යනු යුද්ධයකදී හෝ යම් සටනකදී යම් පාර්ශ්වයක් තම ප්‍රතිවාදියා හමුවේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් හෝ පසුබෑමට, අඩපණ වීමට...

Read more
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.