එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීන්දු කරන ඉතා තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන බදාදා (08) පැවැත්වීමට තීන්දු වී ඇත.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පෙරේදා (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසේ හමුවී පැවැති සාකච්ජාවේදී ලබන බදාදා මෙම හමුව පැවැත්වීමට තීන්දු වී තිබේ.
එහිදී වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය බාර නොදුනහොත් ප්‍රේමදාස මහතා වෙනම සන්ධානයකින් එළඹෙන මහමැතිවරණයේදී තරග වදින බවද එම පිරිස වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබිණ.
මේ අනුව ලබන බදාදා මෙම තීරණාත්මක පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට තීන්දු වී ඇත.








