එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේ.
රජය අපහසුතාවට පත් කරන ලිපි ලේඛන සහ සී.ඩී. පට සොයා පොලිසිය රන්ජන්ගේ නිවෙස පැය කිහිපයක් තිස්සේ පරීක්ෂා කළද අවසානයේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ගිනි අවියේ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොතිරීමේ චෝදනාව මතය.
මේ ආකාරයටම පසුගිය දිනෙක පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනුණේ 2016 වසරේ සිදුව තිබූ රිය අනතුරක් සම්බන්ධයෙන්ය.










