• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ආණ්ඩුවට අකැමැතියි කියන 90%ට වඩා කැමැති 10% මාරයි කියන නල්ලමලේ මාධ්‍ය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 5, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ආණ්ඩුවට අකැමැතියි කියන 90%ට වඩා කැමැති 10% මාරයි කියන නල්ලමලේ මාධ්‍ය!  (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘රනිල් ජනාධිපති වෙලා කරපු හොඳම දේ දන්නවද…?’

මේ උපන්ගෙයි රනිල් විරෝධියෙක් රනිල්වාදියකුට කී කතාවය.

‘ඒ මොකක්ද ඒ…?’ රනිල්වාදියා ඇහුවේය.

‘ලංකාවේ මාධ්‍යවල හෙලුව ගලවපු එක…’ රනිල් විරෝධියා කීවේය.

‘ඇයි එහෙම කියන්නේ…?’ රනිල්වාදියා ඇහුවේය.

‘දැක්කද පහුගිය සතියේ මාධ්‍යවල තිබුණා වෙරිටාස් රිසර්ච් ඔපීනියන් පෝල් එකක්…?’ රනිල් විරෝධියා ඇහුවේය.

‘දැක්කා. මාධ්‍ය ලොකුවට දැම්මේ රනිල් ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා 7%කින් නැගලා කියලා…’ රනිල්වාදියා කීවේ උජාරුවෙන්ය.

‘ඒක තමයි බං කියන්නේ. වෙරිටාස් ඔපීනියන් පෝල් එකට අනුව රටේ ජනතාවගෙන් 90%ක් රනිල්ගේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ගෝඨාගේ ආණ්ඩුව ගැන 97%කට විශ්වාසය තිබිලා නැහැ. ඒ කියන්නේ ගෝඨාගේ ආණ්ඩුව ගැන විශ්වාසය තියලා තියෙන්නේ 3%යි. රනිල් ඒක 10%ක් කරගෙන. හැබැයි 90%ක් තවම රනිල්ගේ ආණ්ඩුවට කැමැති නෑ…’ රනිල් විරෝධියා කීවේ නක්කලයට හිනාවෙමිනි.

‘90%ක් කැමැති නැත්නම් ආණ්ඩුව හාන්සීනේ. හැබැයි මාධ්‍යවල තිබුණේ 3%ට තිබුණු කැමැත්ත 7% කරගත්තා කියලානේ…’ රනිල්වාදියා කිව්වේ ඇස් උඩ තියාගෙනය.

‘ඒකනේ කොහොමද රනිල් මාධ්‍ය පාවිච්චි කරලා 90%ක් ආණ්ඩුවට කැමැති නැති එක හංගලා කැමැති 10% ඇතුළේ 7%ක් නැග්ග හැටි විතරක් පෙන්වන්නේ…? දැන් රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයානේ. මේ මාධ්‍ය ඔක්කොම රාජපක්ෂලාගේ ආරක්ෂකයෝ කියලා කිව්වේ රනිල්. දැන් රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයා වෙලා, රාජපක්ෂලාගේ ආරක්ෂකයොයි කියලා මාධ්‍ය ගැන එහෙම කිව්ව කතාව ඔප්පු කරලා පෙන්වලා ඒ මාධ්‍ය ලව්වා එයාව ආරක්ෂා කරගන්නවා…’ රනිල් විරෝධියා දුන්නේ මාර විග්‍රහයකි.

කතාව ඇත්තය. රනිල් ඒ දවස්වල මාධ්‍යයට ගැහුවේ මාධ්‍ය රාජපක්ෂලාගේ ආරක්ෂකයන් කියාය.

මේ රනිල් 2016.12.18 දින සිරිකොතදී දෙරණ මාධ්‍ය ජාලය ගැන කිව්ව කතාවය.

‘දෙරණත් දැන් මේ විකාරය පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීමයි. එහෙම ඒගොල්ලෝ රාජපක්ෂලාව ආරක්ෂා කරනවා නම් අපට කියන්න පුළුවන් ඒ අයත් හොරකම් කළ හැටි…’

මේ රනිල් එදිනම ‘ඩේලි මිරර්’ පුවත්පත ගැන කිව්ව කතාවය.

‘ඩේලි මිරර් පත්තරේ ඉන්න ඔක්කොම රාජපක්ෂලාට ටැග්වෙලා ඉන්නේ. මම අහනවා ඒ පත්තරේ මාධ්‍යවේදීන්ගෙන් අපේ අලුත් ගමනට එක්වෙනවාද නැද්ද කියලා. කරුණාකරලා කියන්න. බොරු ලියන්නේ නැතුව…’

පහත දැක්වෙන්නේ රනිල් ලංකාදීප පත්‍රය ගැන 2007.04.12 දින කී කතාවය.

‘ලංකාදීප පත්තරෙත් අද බොරු ප්‍රවෘත්තියක් දමල තියෙනවා. ඉන්දියාව එල්.ටී.ටී.ඊ. එකේ ගුවන් බලය නැති කරන්න යනවා කියලා. මම අහනවා ලංකාදීප කර්තෘට චීනයට යන්න රාජපක්ෂලා දුන්න ටිකට් එක නිසාද මෙහෙම බොරු ලියන්නේ කියලා….’

‘හිරු’ එකට නම් රනිල් බැණලා නැත. ඒත් මංගල 2019.05.17 දින මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කීවේ රාජපක්ෂලා යළි බලයට ගෙන එන්න ජාතිවාදය අවුස්සන හිරු සහ දෙරණට ආණ්ඩුවේ මාධ්‍ය දැන්වීම් දෙන්නේ නැහැ කියලාය.

දැන් රනිල් සහ මංගල බැන්න මාධ්‍ය එදා සිංහයෝ වගේ ඉඳලා අද රනිල් ජනාධිපති වුණාට පස්සේ රනිල් ඉස්සරහ ඉන්නේ පූස් පැටව් වගේය. නැත්නම් වෙරිටාස් ඔපීනියන් පෝල් එකේ රනිල්ගේ ආණ්ඩුවට 90%ක් කැමැති නැහැ කියන ජන මතය හංගා කැමැති 10% ආණ්ඩුවේ ලොකු ජයග්‍රහණයක් ලෙස පෙන්වන්නේ නැත. ඒකෙන් පේන්නේ මහින්දට වඩා හොඳට රනිල් මේ මාධ්‍යවලින් වැඩ ගන්නා බවය.

මේ මාධ්‍ය රනිල්ට ලව් කරන්න පටන්ගත්තේ සජිත් සහ යූ.ඇන්.පී. මන්ත්‍රීවරු යූ.ඇන්.පී.යෙන් ඉවත් වී සමගි ජන බලවේගය හැදුවාට පසුවය. ඒ වෙලාවේ රනිල් තනිවිය. එවිට මේ මාධ්‍ය සිතුවේ රනිල් දේශපාලනයෙන් අයින් වුණොත් සජිත්ලා ශක්තිමත් වී රාජපක්ෂලාට ගහයි කියලාය. ඒක වළක්වා සජිත්වත්, සමගි ජන බලවේගයත් ඉවර කොට රාජපක්ෂලා ශක්තිමත් කරන්න රනිල්ව උස්සන්න ඕනා යැයි මේ මාධ්‍ය සිතීය. රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන විට රනිල්ව ඉස්සුවේ මේ මාධ්‍යයය. රනිල් අගමැති වී ජනාධිපති වූ විට ඔවුන් හිතුවේ දැන් රනිල් රාජපක්ෂලාව ආරක්ෂා කරනවා වගේ අපිවත් ආරක්ෂා කරයි කියලාය.

පසුගිය සතියේ සජිත් සහ පෙරටුගාමීන් ඇතුළු වෘත්තීය සමිති අරගල නායකයන් පළමු වරට රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව එකට එක්වී කොළඹට එක්රොක් වෙද්දී මේ මාධ්‍ය වෙව්ලන්න පටන්ගත්හ. මේ රැස්වීම ගැන ප්‍රවෘත්ති පළ නොකොට රැස්වීමට ආ සජිත්ට ‘හූ’ කියා පන්නාගත්තා යැයි මේ මාධ්‍ය සියල්ලම ලොකු ප්‍රවෘත්තියක් පළ කළේ සජිත්වයි, අරගලයයි දෙකම ඉවර කරන්නටය. සජිත්ලා ගෝඨාභයට එරෙහිව කොළඹට මහජනතාව ගෙන එද්දී මේ මාධ්‍ය ඒ ජනතා රැල්ල නොපෙන්වා, සජිත් අනෙකුත් පක්ෂ නායකයන්ට කතා කරන්න දුන්නේ නැහැ කියා ලොකු ප්‍රවෘත්තියක් හදලා ප්‍රචාරය කරනු ලැබීය. මෙවර සජිත්ට ‘හූ’ කිව්වා කියලා ලොකු නිවුස් එකක් හදලා ප්‍රචාරය කළේය. හැබැයි මේ මාධ්‍ය නොදන්නා කතාව නම් අද මේ මාධ්‍ය කියන දේ මහජනතාව පිළිගන්නේ නැත. පිළිගන්නවා නම් එදා රාජපක්ෂ පවුලටම එරෙහි මහජන අරගලයක් නැඟිටින්නේ නැත. මේ මහජන අරගලය එන තෙක් මේ මාධ්‍යවත් දැන සිටියේ නැත. ඔවුහු රාජපක්ෂලාට ප්‍රශස්ති ගී ගායනා කරමින් සජිත් සහ සජබය කැඩිලා බිඳලා විනාශ වෙන දවස ගණන් කරමින් සිටියහ. අරගලයෙන් රාජපක්ෂ පවුලටම ගෙදර යන්න සිදුවිය. රාජපක්ෂලා ආරක්ෂා කරගන්න රනිල් අගමැති වී ජනාධිපති වුණාම ඔවුන් සැනසුම් සුසුම් හෙලූහ. රනිල් අරගලය මර්දනය කරන විට අරගලයේ හිටියේ කුඩුකාරයන් ගංජාකාරයන් හොරුන් කියා පුවත් මැවූහ. දැන් සජිත්, පෙරටුගාමීන්, ශ්‍රීලනිපය, ඩලස් – ජී.එල්. පිල, වෘත්තීය සමිති, බහුජන සංවිධාන යළිත් අරගලයට පණ දෙන්න ඉදිරියට ඇවිත් ඇත. රනිල්, රාජපක්ෂලා සහ මේ මාධ්‍ය බය සජිත් රටේ විපක්ෂ නායක ලෙස මේ අරගලයට සහාය දීමෙන් අරගලයට ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන නිසාය. ඔවුන්ට ඕනෑ අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන්නටය. සජිත් සහ අරගලය වෙන් කරන්න රනිල් දත කයි. සජිත්ට ‘හූ’ කිව්වා කියා නිවුස් දමන්නේ ඒ නිසාය. අරගලය මර්දනයට එරෙහිව ට්විටර් පණිවුඩ නිකු් කරපු මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද රනිල්ගේ ආණ්ඩුවට සහ මේ මාධ්‍යයට කරදරයක් විය. ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය ඇයගේ ට්විටර් පණිවුඩ උපහාසයට ලක් කරන අතර ව්‍යාජ ට්විටර් ගිණුමක්ද ඇය නමින් විවෘත වුණේ ඇයව අරගලයෙන් වෙන් කරන්නටය. ඒත් ඇය පසුගිය සතියේදී අරගල රැස්වීම වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය.

අරගලය ගෙදර යැව්වේ රාජපක්ෂලා පමණක් නොවේ. අරගලය මේ මාධ්‍යයද නිරුවත් කළේය. එහෙව් මාධ්‍යවල නිවුස් මවලා රනිල් ගොඩ යන්න හිතනවා නම් රනිල්ට දෙයියන්ගේම පිහිටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජානකී සිරිවර්ධනයි තිලිණි ප්‍රියමාලියි සිරිසුමන හිමියනුයි එකතුවෙලා ගහපු ගේම් සියල්ල CIDයේදී එකින් එක හෙළිවෙයි! සේමිණී ඉද්දමල්ගොඩ ඇවිත් පැය 4ක් තිස්සේ එළියට දාපු රහස් මෙන්න!

Next Post

කොටි මාධ්‍ය ප්‍රකාශක තමිල්සෙල්වම් මතකද? මැරිලා අවුරුදු 15ක්! උතුරේ පුංචි සැමරුමක්! (PHOTOS)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.