• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිසුන්ට බදු ගහලා, IMF කොන්දේසි කරලා, ලංකාවට වෙන්න යන දේ හින්දු පත්තරේ ලස්සනට විග්‍රහ කරයි…

November 2, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
මිනිසුන්ට බදු ගහලා, IMF කොන්දේසි කරලා, ලංකාවට වෙන්න යන දේ හින්දු පත්තරේ ලස්සනට විග්‍රහ කරයි…
Share on WhatsAppShare on Facebook

පැය 24 පුරා ශ්‍රී ලංකාවේ මිනිසුන් දැවෙන දුක් ගින්දර ගැන කියන්නට කෙනෙක් නැත. අහන්නට කෙනෙක්ද නැත. මිනිසුන් මුහුණදී සිටින මහා ප්‍රශ්න සමුදායක් මධ්‍යයේ මිනිසුන්ට රාත්‍රියේදී නින්ද යන්නේ පවා නැත. බොහෝ මිනිසුන් විවිධ භයංකර සිහින දකිමින් සිටියි. රට වෙළාගත් දරිද්‍රතාවයේ යක්ෂයන්, අමනුෂ්‍යයන් පැමිණ තමන් වෙලාගන්නා ආකාරය මේ අහිංසක මිනිසුන් සිහිනෙන් දකියි. එම දසුන් දුටු ඔවුහු විටෙක බියවී නින්දෙන් නැඟිටිති. තවත් විටෙක සිහිනෙන් පෙනෙන්නේ IMF නමැති ජාත්‍යන්තර සංවිධානයක් පැමිණ අප ගලවා ගන්නා හැටිය. පසුගිය කාලයේ හිටපු ගමන් විරාජමාන වූ IMF දැන් නැවතත් දූරීභූතවී ඇත. වත්මන් ආණ්ඩුව අණ බෙර ගසමින් IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) නාටකය රඟදක්වන්නට විටින් විට කටයුතු කළත්, එහි කිසිදු ජවනිකාවක් හරිහැටියට වේදිකාව මත දිගහැරෙන්නේ නැත. ආණ්ඩුවේ දේශපාලනික නායක රංගන ශිල්පීන්ට හරියාකාරව චරිත රඟදැක්වීමට නොහැකිය. අද මේ රටේ යහමින් මුදල් තිබෙන මිනිසුන්ට නම් මොනම ප්‍රශ්නයක්වත් නැත. මෙරට සිටින දේශපාලකයන්ද වැටෙන්නේ මේ සල්ලිකාර මිනිසුන්ගේ ගොඩටමය. මේ මිනිසුන් අදත් රටේ තිබෙන තරු පහේ හෝටල්වලින් හොඳින් කා බී විනෝද වන ආකාරය දක්නට හැකිය. එසේම රුපියල් කෝටි ගණන්වල සුපිරි වාහනවල යන එන ආකාරයද දක්නට හැකිය. ඒ, විටෙක ඔවුන්ගේ වාසනාවද විය හැකිය. එහෙත් අද මේ රටේ බහුතර ජනතාව සිටින්නේ කොතැනකද? ඔවුන් කබලෙන් ළිපට වැටී දැවෙන ආකාරය දක්නට හැකිය.

මෑත කාලයක් පුරා මේ රටේ සිටි අදූර්දර්ශී දේශපාලකයන් රාජ්‍ය නායක තනතුරු දරා සිටිමින් රටට සිදුකළ විනාශය අතිමහත්ය. එසේම මෙම දේශපාලකයන් කාලයක් පුරා සිදුකළ අතිශය දරුණු දූෂණ වංචා මෙන්ම මහා අමනෝඥ අයුරින් සිදුකළ රාජ්‍ය පාලනය නිසා රටේ ආර්ථිකය දැවැන්ත විනාශයකට පත්විය. ඩොලරයක් බෙහෙතකට සොයාගන්නට බැරි විය. එහෙත් උන්ගේ බැංකු ගිණුම්වල ඩොලර්, පවුම් ඉතිරී යන තරම්ය. ඒවා බොහොමයක්ම ඇත්තේ විදේශ රටවල රහසිගත ගිණුම්වලය. අද මෙරට මිනිසුන් කරවටක් දරිද්‍රතාවයේ සහ ආහාර සාගතයේ ගිලී සිටියි. කෙදිනක හෝ මේ පාපකර්ම මෙම දේශපාලකයන් විසින් ගෙවිය යුතුමය. ශ්‍රී ලංකාවේ මෙසේ සිදුවී ඇති මහා ශෝචනීය ඛේදවාචකය ගැන අද ලොව බොහෝ මාධ්‍ය තමන්ගේ පුවත්පත්වල පිටු ගණන් පුරවමින් ලිපි ලියා තබයි. මෙයට දින කිහිපයකට ඉහතදී එවැනි බොහෝ විශ්ලේෂණාත්මක ලිපියක් පළවූයේ ඉන්දියාවේ ප්‍රකට පුවත්පතක් වූ ‘ද හින්දු’ (The Hindu) පුවත්පත් ආයතනයට සම්බන්ධව පළකෙරෙන ‘ෆ්‍රන්ට් ලයින්’ (Frontline) සඟරාවේය. ශ්‍රී ලංකාවේ වත්මන් බියකරු අර්බුදකාරී තත්ත්වය ගැන එම දීර්ඝ ලිපිය කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු. මෙය ඉංග්‍රීසි බසින් පළවූ ලිපියකි.

‘දැනට ශ්‍රී ලංකාව තුළ නොයෙකුත් ආකාරයෙන් සිදුකෙරෙන විවිධ කප්පාදු මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් කළ හැකිද? ශ්‍රී ලංකා ණය අර්බුදයට ලබාදීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම යනු රෝගයට වඩා ප්‍රතිකාරය දරුණු වීමක් විය හැකිය…’ යන සිරස්තලය යටතේ මෙම ලිපිය සම්පාදනය කර ඇත.

‘2022 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව විසින් අප්‍රේල් 18 වැනි දිනට නියමිතව තිබූ බාහිර ණය සඳහා ගෙවීම් පැහැරහරින බව රජය ප්‍රකාශ කරන ලදී. එදින සිට දැනට මාස 06ක කාලයක් ගතවී ඇතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වුවහොත් ගත හැකි මාවත අවිනිශ්චිතභාවයෙන් පිරී ඇත. මේ අතර ආර්ථිකය ගැඹුරු අගාධයක සිරවී ඇති අතර ජනගහනයෙන් විශාල පිරිසක් අන්ත දරිද්‍රතාවකට තල්ලු වෙමින් සිටියි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය (ඉන්ධන සිට ආහාර සහ ඖෂධ දක්වා) ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැති වීම ඉතා බරපතළ තත්ත්වයක් බවට පත්ව ඇත. සීමිත ඉපැයීම් හෝ සොච්චම් ඉතුරුම්වලින් ඔබ්බට බොහෝ දෙනකුගේ ජීවන වියදම තල්ලු කරමින් උද්ධමනය 70%ක් දක්වා ඉහළ නැඟ තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තෘප්තිමත් කිරීම සඳහා කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබුණත්, ඊට පෙර රටේ ආර්ථිකය දරුණු ආකාරයෙන් හැකිලෙමින් පවතිනවා. අනුරූපමය ලෙස සසඳන විට 2022 ජුනි මාසයෙන් අවසන් වූ මාස තුන තුළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 8.4%කින් පහත වැටී තිබෙයි. රට තුළ තිබෙන විනාශකාරී අර්බුදය කඩිනමින් විසඳීම වෙනුවට තව තවත් ප්‍රශ්න උත්සන්න වන ආකාරයෙන් කටයුතු සිදුවන ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. රජය ජනතාව වෙත බදු මුදල් ඉහළ දැමීම මෙන්ම තවත් සහනාධාර කප්පාදුවන් සිදුකිරීමද මෙහිදී දැකිය හැකියි…’

‘පසුගිය සැප්තැම්බර් 01 වැනිදා දිවයිනට පැමිණි IMF නියෝජිත කණ්ඩායම වසර හතරක් පුරා ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පැකේජයක් ශ්‍රී ලංකා රජයට ලබාදීමට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට පැමිණියා. මෙම මුදල අර්බුදය විසඳීමට ප්‍රමාණවත් දැයි යන්න ප්‍රශ්නයක් වී තිබෙනවා. මාස 06ක් පුරා අත්‍යාවශ්‍ය ආනයන සඳහා පමණක් මූල්‍යමය වශයෙන් ඩොලර් බිලියන 05ක මුදලක් අවශ්‍ය වනු ඇතැයි රජය ජුනි මාසයේදී ඇස්තමේන්තුගත කර තිබුණා. ඒ අනුව ජාත්‍යන්තර අරමුදලේ සහාය ඒ සඳහා උපකාර කරගත හැක්කේ කෙසේද? එසේම මේ ආකාරයට රටේ විදේශ සංචිත තාවකාලිකව වැඩිදියුණු කිරීමක් පමණක් බලාපොරොත්තු විය හැකිය. එපමණක් නොව IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම තවමත් එම සංවිධානයේ මණ්ඩලය හරහා ගොස් නැති අතර, නිසි අනුමැතියද තවම ලබාගෙන නැත. එසේම ශ්‍රී ලංකාවේ අනෙකුත් ණයහිමියන් ශ්‍රී ලංකාවේ ණය තිරසාර වන ආකාරයෙන් ‘ණය ප්‍රතිව්‍යුහගත කිරීම’ සහ ‘ණය ප්‍රතිනිර්මාණය කිරීම’ සහතික කරන සැලැස්මකට එකඟ වන්නේ නම් පමණක් IMF සහාය ලැබෙනු ඇත. ප්‍රායෝගිකව ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු, ණය කපාහැරීම, ණය කොන්දේසි ලිහිල් කිරීම සහ ආනයන සහ සේවා ණය කොන්දේසි ලිහිල් කිරීමක් වෙයි. එමෙන්ම විදේශ මූල්‍යකරණය සපුරාලිය හැකි සහනදායී කොන්දේසි මත නව මුදල් ලබාදීමේ එකතුවක්ද වෙයි. එවැනි සංයෝජනයන් පිළිබඳ එකඟතාවකට පැමිණීම අනිවාර්ය වුවද එවැන්නක ප්‍රමාදය තවද සිදුවෙමින් පවතී. 2020 අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය තොගය ඩොලර් බිලියන 46ක් පමණ වූ අතර දැන් එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52ක්ද ඉක්මවා යයි. මෙවැනි අතිවිශාල ණය කන්දරාවක් ශ්‍රී ලංකාවට කෙදිනක ගෙවන්නට වේදැයි සිතාගැනීමට හෝ නොහැකිය…’

‘ශ්‍රී ලංකාව වෙත ඇති මෙම විදේශ ණය තොගයෙන් 20%ක් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වික ආයතනවලට ගෙවිය යුතු අතර 36%ක් පුද්ගලික පාර්ශ්ව වෙත ගෙවිය යුතුය. ප්‍රතිඵලයක් වශයෙන් ණයහිමියන්ගේ එකතුව විසින් ණය ආතතිය සමග කටයුතු කිරීමේ කාර්යය දුෂ්කර කර ඇත. ඇතැම් බහුපාර්ශ්වික නියෝජිතායතන අර්බුදයට මුහුණ දීම සඳහා තවත් අමතර ණය ලබාදීමට කැමැති වුවද ඔවුන්ට ගෙවිය යුතු ණයවලින් කොටසක් කපා නොහරින බව පිළිගත් පිළිවෙතක් බවට පත්කරගෙන තිබෙනවා. ඔවුන් එසේ සිදුකරන්නේ ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීම්වලට හානිකර වන නිසායි. නමුත් ණය පියවීමේදී එම විකල්පය ක්‍රියාත්මක කිරීම, මෙම ණය දෙන්නන්ට ලබාදී ඇති වරප්‍රසාද ලත් තත්ත්වය මගින් වළක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අර්බුදයේදීද IMF සංවිධානය සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. එනම් එය මීට පෙර අවස්ථා 16කදී ගෙවුම් ශේෂ සහාය සහිතව ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදී ඇත. තවද එම ණය රේඛාවලට සම්බන්ධ කර ඇති කොන්දේසි හරහා එය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි සැලකිය යුතු බලපැමක් ඇතිකර ඇත. කොවිඩ් වසංගතය හෝ යුක්රේන යුද්ධයෙන් පසු ගෙවුම් ශේෂයේ ස්ථායිතාව සහතික කිරීමට හෝ එවැනි ආකාරයේ කම්පනවලට ඔරොත්තු දීමට ආර්ථික ව්‍යුහය ප්‍රමාණවත් නොවන බැව් ඔප්පුවී ඇත. මෑත වසරවලදී ශ්‍රී ලංකාව තුළ ඉහළ ගොස් ඇති පුද්ගලික ණයහිමියන්ගේ ප්‍රමාණය ඉතා විශාලය. 2020 අවසානයේදී දිගුකාලීන විදේශ ණය තොගයෙන් 31%කට ආසන්න ප්‍රමාණයක් විසුරුවා හරින ලද බැඳුම්කර හිමියන් සතු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්ර මූල්‍ය ජාලය තම පුද්ගලික ණයහිමියන්ට සාධාරණ විසඳුමක් අපේක්ෂා කරයි…’

‘මෙම පුද්ගලික ණය හිමියන්ගේ ණය මුදල් රඳවා ගැනීම් ගැන පසුගියදා රජය විශාල අර්බුදයකටද මුහුණ දුන්නේය. එනම් ශ්‍රී ලංකා රජයට ණය ලබාදුන් එවැනි ණයහිමියකු වන ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව බැංකුව (Hamilton Reserve Bank) පසුගිය මාසයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ මූලික අයිතිවාසිකම් ඉල්ලා නඩුවක්ද ගොනු කළේය. 2022 ජූලි 25 දිනට නැවත ගෙවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ 5.88%ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි එක් ස්වාධීන ණයකරුවකු වන්නේ හැමිල්ටන් රිසර්ව් බැංකුවයි. එහෙත් එම මුදලින් ශතයක්වත් නොගෙවීම හේතුවෙන් මෙම නඩුව පැවරිණි. මේ ආකාරයට ශ්‍රී ලංකා රජය පුද්ගලික ණයහිමියන් සමගද ප්‍රබල අර්බුදයක පැටලී සිටියි. කෙසේ හෝ මෙවැනි ණය හිමියන්ගේ ඉල්ලීම් මේ වන විට සාකච්ඡා සඳහා හෝ විවෘත නැත. මෙම බාධාව මඟහැරීම සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළත් ජාත්‍යන්තර මූල්‍ය ජාලය, පුද්ගලික ණය හිමියන්ට සාධාරණ පිටවීමේ ගනුදෙනුවක් ලබාදෙන විසඳුමක් අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ ඇති දුෂ්කරතාව නම් බොහෝ පෞද්ගලික ණය දෙන්නන් බටහිර දියුණු ආර්ථිකයන්ගෙන් වන අතර ද්වීපාර්ශ්වික ණය දෙන්නන් වඩාත් වැදගත් වන්නේ ආසියාවෙන් වීම නිසාය. ඒ අනුව ඉහළ ආදායම් ලබන ජපානයට අමතරව චීනය සහ ඉන්දියාව වැනි මධ්‍ය ආදායම් ලබන රටවල්ද විශේෂයෙන්ම සැලකිය යුතුය. චීනය, ඉන්දියාව සහ ජපානය එක්වූ විට ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් පහෙන් එකක් පමණ වන අතර, චීනය පමණක් 10%ක ප්‍රමාණයක් වෙයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා ‘පැරිස් ක්ලබ්’ ණයහිමියන් චීනය හා ඉන්දියාව වෙත පැමිණ තිබීම වාර්තාවීම පුදුමයක් නොවේ. මෙම රටවල් නායකත්වය භාරගන්නේ නම් සාර්ථක විසඳුම් සහතික කිරීම සඳහා ඔවුන්ගේ පීඩනයට ලක්වනු ඇත…’

‘සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආභාසයේ මෑතකාලීන අත්දැකීම් මගින් එවැනි වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවට විශ්වාසය ශක්තිමත්ව තිබේ. වැදගත් ද්විපාර්ශ්වික ණයහිමියකු වන චීනය, ‘පැරිස් ක්ලබ්’ සාමාජිකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සහ සැම්බියාව සඳහා වන නිල ණය හිමියන්ගේ කමිටුව ප්‍රංශය සමග සම සභාපති වීමට එකඟ විය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෘප්තිමත් කරන ගිවිසුමකට තුඩුදුන් අතර එය ඩොලර් බිලියන 1.3ක විස්තීරණ මූල්‍ය ණය පහසුකමක් මාස 38ක් පුරා ලබාදීමට කටයුතු කළේය. මෙම ක්‍රමවේදය වෙනත් රටවලදීද විසඳුම් ලබාදීමට හැකි සැලැස්මක් ලබාදෙනු ඇතැයි බොහෝ බලාපොරොත්තු ඇත. චීනයට, සැම්බියාවේ ආභාසයට සම්බන්ධ විය හැකි නම් ශ්‍රී ලංකාව තුළද එසේ කිරීමට චීනය පොළඹවාගත හැකි බව තර්කයයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකා අඩු ආදායම්ලාභී රටක් නොවන අතර, එබැවින් පොදු රාමුවේ ප්‍රතිකර්ම සඳහා සුදුසුකම් නොලබයි. දැනට ඩොලර් බිලියන 50කට වඩා වැඩි ශ්‍රී ලංකාවේ ණය, සැම්බියාවේ ඩොලර් බිලියන 17ට වඩා අතිවිශාලය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය විශාල ප්‍රමාණයක් පුද්ගලික ණයහිමියන්ට ගෙවිය යුතුය. සන්දර්භ දෙක අතර විශාල වෙනසක් ඇති අතර සැම්බියානු අත්හදා බැලීම ශ්‍රී ලංකාව තුළ ප්‍රතිනිර්මාණය කිරීම අපහසු වනු ඇත. එපමණක් නොව ශ්‍රී ලංකාව සඳහා යම් ආකාරයක නැවත කාලසටහන්ගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කිරීමට නියමිත ඩොලර් බිලියන 2.9 ණය මුදල කොන්දේසියකින් තොරව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැත. 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් සහතික කරන බදු සහ වියදම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රනිල් වික්‍රමසිංහ රජය විසින් එකඟ වූ බවට වාර්තා වන කොන්දේසි අතර වේ….’

‘දේශීය මුදල් අවප්‍රමාණය වන සන්දර්භයක් තුළ පිරිවැය ප්‍රතිසාධනය සහතික කරන ඉන්ධන සහ විදුලිය සඳහා මිල වැඩිකිරීම් සහ වෙළෙඳපළ තීරණය කරන ලද විනිමය අනුපාතිකයකට මාරුවීම, මුදල් ඒකකයේ තියුණු ලෙස අවප්‍රමාණය වීමට හේතුවිය හැකිය. එසේම ආනයනික රුපියලේ පිරිවැය සහ සේවා ණයට සම්බන්ධව දේශීය මුදල් බර වැඩිකරයි. සාරාංශයක් ලෙස ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීමේ මාර්ගයක් ලෙස දැඩි ආකාරයේ කප්පාදුවක් නිර්දේශ කරනු ලැබේ. අතීත අත්දැකීම්වලින් පැහැදිලි වන පරිදි එය ක්‍රියාත්මක වීමට ඉඩක් නැති අතර දැනටමත් ණය අර්බුදයෙන් විනාශ වී ඇති පුරවැසියන්ට එය මහත් රිදවීමක් වනු ඇත. කෙසේ හෝ ලාභ පිපාසයෙන් පෙළෙන මූල්‍ය ආයෝජකයන්ට නැවතත් මෙරටට පැමිණීමට ඒත්තු ගැන්වීමට එය ප්‍රමාණවත් විය හැකිය. එහෙත් එය තවත් ණය අර්බුදයකින් ආරක්ෂා වන මාවතකට ශ්‍රී ලංකාව පත්කරන්නේ නැත. එසේම දැනට ශ්‍රී ලංකාව තුළ නොයෙකුත් ආකාරයෙන් සිදුකෙරෙන විවිධ කප්පාදු මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් කළ නොහැකිය….’

‘ශ්‍රී ලංකා ණය අර්බුදයට ලබාදීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වියසඳුම් යනු රෝගයට වඩා ප්‍රතිකාරය දරුණු වීමක් හෝ උත්සන්න වීමක් හෝ විය හැකිය…’

‘ද හින්දු’ පුවත්පතේ ‘ෆ්‍රන්ට්ලයින්’ සඟරාවට මෙම ලිපිය ලියූ ලේඛකයා සී.පී. චන්ද්‍රසේකර්ය. ඔහු ඉන්දියාවේ නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයේ දශක තුනකට අධික කාලයක් කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු දැනට ඇමෙරිකාවේ ඇම්හර්ස්ට්හි මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ආර්ථික පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් 2022 අලෙවි සමුළුවේදී අතිවිශිෂ්ට අලෙවිකරුවන් අභිමානයෙන් සමරයි…

Next Post

දයාසිරිලා සජිත්ලා ආයෙත් එකතු වෙයි!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.