” අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික සහ සමාජීය විප්ලවයක් ආරම්භ කළ යුතුයි. එහිදී වතු කම්කරු ජනතාවගේ ජීවනෝපාය මට්ටම ඉහළ නැංවීම උදෙසාත් වැඩි අවදානයක් යොමු කිරීම අනිවාර්ය සාධකයක්. ඒ සඳහා සමගි ජන බලවේගය මුලිකත්වය ගැනීමට සූදානම්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම, වචනයට සීමා නොකොට ක්‍රියාවෙන්ද ඔප්පුකරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ, 38 වන බස්රථය කොටගල හැටන් කේම්බ්‍රිජ් විද්‍යාලයට පරිත්‍යාග කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
හැම තේ පඳුරක් සමග වතු ජනතාවගේ අසීමිත දුක් වේදනාව සහ කඳුල බද්දවී ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා,
මුඩු ඉඩම් තේ වගාවට යොමු කිරීමටත්, ජීවිත කාලය පුරාම කම්කරුවන් ලෙස සිටි වතු ක්ෂේත්‍රයේ ජනතාව කුඩා තේ වත්තක හිමි කරුවෙක් බවට පත්කිරීම යථාර්ථවාදී ප්‍රායෝගික ක්‍රියාවලියක් බවද පෙන්වා දුන්නා.
එදා, තමන් මෙය යෝජනා කළ අවස්ථාවේ සමච්චල් කළ පිරිස් ආණ්ඩු බලය ලබාගෙන සිදුකළේ වතු ජනතාවගේ ජීවිත අගාධයට තල්ලු කිරීම පමණක් බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළා.
රට විනාශ කළ කල්ලිය, අළු පිස දමා නැගිටීමට උත්සාහ කරන බවත්, රට බංකොලොත් කොට ජනජීවිත නරකාදියට තල්ලුකළ කල්ලියට යළිත් අනාගත පරපුරේ ජීවිත අඳුරු කිරීමට ඉඩ දෙනවාද යන්න වැඩිහිටියන්ට සිතා බැලීමට කාලය උදාවනු ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළා.























