දරුවෙකුට වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයාව මාතර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ ඊයේ (28) පස්වරු 4.30ට පමණය.
තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මාර්ගය පුරා ධාවනය කරමින් තිබූ තවත් ත්‍රිරෝද රථයක් දැක එය හඹාගොස් නවත්වා පරීක්ෂා කර ඇත.










