මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ රාජකීය ජ්‍යොතිර්වේදියා ලෙස කටයුතු කළේ සුමනදාස අබේගුණවර්ධනය.
එකල ඔහු විසින් සිදු කළ අනාවැකි නිවැරදි වීම හේතුවෙන් රට ඇතුළේ විශේෂ පිළිගැනීමක් ඔහුට තිබිණ.
කෙසේවෙතත් රාපපක්ෂවරුන්ගේ දේශපාලන පසුබෑමෙන් පසු හෙතෙම දිගු කාලයක් නිහඩව සිටි ආකාරයක් දැකගත හැකි විය.
කෙසේවෙතත් වසර 7කට පසු පළමු වතාවට අන්තර්ජාල නාළිකාවකට සම්මුඛ සාකච්ජාවක් දී ඇති ඒ මහතා යළිත් වතාවක් ආන්දෝලනාත්මක දේශපාලන අනාවැකි රැසක්ම පළ කොට තිබේ.
විශේෂයෙන් දැනට දේශපාලනයේ නියුතු රාජපපක්ෂවරුන්ගේ අනාගතය පිළිබදවත්, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ අනාගතය පිළිබදවත් හෙතෙම මෙහිදී විශේෂ හෙළිදරව්වක් සිදු කොට ඇත.