පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තරගයෙන් එක ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ පිල සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස්කරගැනීමට සමත්විය.
ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 129ක් පමණි.










