• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තාගේ උපන් දිනය සමරන්න මහියංගනයට එන්න කිව්වේ මෙහෙම යන්නද මගේ රත්තරන් පුතේ?

October 24, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
තාත්තාගේ උපන් දිනය සමරන්න මහියංගනයට එන්න කිව්වේ මෙහෙම යන්නද මගේ රත්තරන් පුතේ?
Share on WhatsAppShare on Facebook

තමන්ගෙ කුසට දරුවෙක් පිළිසිඳගත් බව දැනගත්දා අම්මා කෙනෙකුට දැනෙනේනේ මහත් සතුටක්. ඒ සතුට තවත් වැඩි වෙන්නේ තමන්ගෙ කුසින් බිහිවුණු දරුවා ලොකු මහත් වෙලා අධ්‍යාපන පැත්තෙන් ඉහළටම යනකොට. ඒ විදියට ඉහළට යන දරුවන් අතරින් වෛද්‍ය වෘත්තියට තේරී පත්වෙන්න අවස්ථාව ලැබෙන්නේ සීමිත පිරිසකට පමණයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ පුතා හෝ දුව වෛද්‍යවරයෙක් බවට පත්කරන්න දරන්නේ අප්‍රමාණ වෙහෙසක්. අම්මා තාත්තා ඒ විදියට අප්‍රමාණ වෙහෙසක් දරලා තමන්ගෙ පුතාව වෛද්‍යවරයෙක් බවට පත්කළත් ඒ දරුවාට වෛද්‍ය වෘත්තියේ නියැළෙන්න ලැබුණේ අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් නම් ඒක මොන තරම් කනගාටුදායක සිදුවීමක්ද? ජීවිතය කොයි තරම් අවිනිශ්චිතද? ජීවිතයේ අනිත්‍ය බව, අවිනිශ්චිත බව නැවත වරක් පසක් කරපු මේ සිදුවීම පසුගියදා අපට අසන්නට ලැබුණේ මහියංගන මාපාකඩ වැව් ඉස්මත්තෙන්. පසුගිය 14 වැනිදා මාපාකඩ වැවේ නාන්න ගිය 29 හැවිරිදි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ලක්ෂාන් තරිඳු විජේරත්න වැව් දියේ ගිලී ජීවිතයෙන් සමුගත්තා.

මේ වෛද්‍යවරයා සේවය කළේ මහියංගනය මූලික රෝලේ. ලක්ෂාන්ගේ උපන් ගම වුණේ ගම්පහ දිවුලපිටිය වෙලගාන ගම්මානයයි. පවුලේ දෙවැනි දරුවා වූ මොහුට බාල සොහොයුරියක් සහ වැඩිමහල් සොහොයුරියක්ද සිටිනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරු ඔහු විද්‍යාලයට කීර්තියක් අත්කර දෙමින් සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ 9ක් සහ උසස් පෙළ විද්‍යා අංශයෙන් හදාරා A සාමාර්ථ 3 හිමිකර ගැනීමට සමත්ව තිබුණා.

වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ලක්ෂාන්, රාගම වෛද්‍ය පිඨයට ඇතුළත් වුණේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. වෛද්‍යවරයකු වීමේ බලාපොරොත්තු සඵල කරමින් ඔහු නාරි හා ප්‍රසව අංශයට අදාළව සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබාගත්තේ මාතලේ මහ රෝහලෙන්. ආදරණීය මවුපියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් 2021 ඔක්තෝබර් මස 21 වැනිදා ලක්ෂාන් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් ලෙස පළමු පත්වීම ලබාගත්තේ මහිංයංගනය මහ රෝහලටයි. සතුටින් සිය වෘත්තීයේ නියැළුණු ඔහු අනෙකුත් වෛද්‍යවරු සහ හෙද හෙදියන්ගේ ආදරයට නිරන්තරව පාත්‍ර වුණා.

පසුගිය 14 වැනිදා තමන්ගේ මිතුරු වෛද්‍යවරයකු සමග මාපාකඩ වැවේ දිය නෑමට යෑම සඳහා වෛද්‍ය ලක්ෂාන් සූදානම් වුණා. ඒත් මේ ගමන ඔහුගේ ජීවිතයේ අවසන් ගමන වේ යැයි ඔහු කවදාකවත් නොසිතන්නට ඇති.

ලක්ෂාන් මේ ගමන යන්නට මත්තෙන් තමන්ගේ අම්මාට දුරකතන ඇමතුමක් දී පවසා තිබුණේ නොවරදවාම 17 වැනිදා මහියංගනයට එන ලෙසයි. ඒ තම පියාගේ උපන්දිනය සැමරීමේ අදහසින්. තමන් අද සිටින තත්ත්වයට ගෙන ඒමට ජීවිතය කැප කළ අම්මා සහ තාත්තා සතුටු කරන්න ලක්ෂාන් උපන්දින සාදයක් පවත්වන්නටයි සූදානමින් හිටියේ. එහෙත් ඒ සියලු බලාපොරොත්තු ක්ෂණයකින් බොඳ කරමින් ඔහු දියේ ගිලී මියගිය පුවත ඒ අහිංසක අම්මාට දැනගන්නට ලැබුණා.

‘මගේ පුතා මට දෙවියෙක්. අපිව බලාගන්න හිටිය පුතා අපිව දාලා ගියා කියලා කොහොම විශ්වාස කරන්නද? පුතා මහියංගන ඉස්පිරිතාලේ සේවයට ගිහිල්ලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. තාත්තාගේ උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 17 වනිදාටයි. මට කිහිප සැරයක්ම කෝල් කරලා පුතා කිව්වේ අපි හතරදෙනා මහියංගනයට එකතු වෙමු කියලා. ඒත් ඒ පුතාගේ අවසන් දවසට එන්න කියලා තියෙන්නේ කියලා අපි කොහොම දරාගන්නද? අනේ මගේ පුතා අපිව දාලා ගිහිල්ලා. මම කවදාවත් පුතා අපිව දාලා ගියා කියලා හිතන්නේ නැහැ…’ ලක්ෂාන්ගේ මෑණියන් සිය වේදනාව පිටකළේ ඒ විදියට.

මාපාකඩ වැව් ඉවුරේ ඉඳගෙන සිටින කෙනකුට දැනෙන්නේ අපූර්ව සුන්දරත්වයක්. ඒ සුන්දරත්වයට බොහෝ අය ආදරය කරනවා. කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයක ජීවත් වුණු ලක්ෂාන්ට මහියංගනයේ සුන්දරත්වය මහා සතුටක් ගෙනදෙන්නට ඇති. මේ වෛද්‍යවරයා පරිසරයට මහත්සේ ආදරය කළ බව ඔහුගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කරන්නකුට සිතාගත හැකියි. ඒ නිසාම තමයි ලක්ෂාන් තමන්ගේ අම්මාටත්, තාත්තාටත් එහි එන්නට කීවේ.

දිවයින පුරාම මේ දිනවල පවතින අධික වැසි නිසා මාපාකඩ වැවේ ජල මට්ටම ඉහළ ගිහින් තිබුණත් ලක්ෂාන්ටත්, ඔහුගේ මිතුරාටත් ඒ ගැන නොදැනුණේ ඔවුන් හැමදාම ඒ වැවෙන් නාන්නේ නැති නිසා වන්නට ඇති. එහි දිය නෑමට පැමිණෙන බොහෝ අය මේ ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම ලක්ෂාන් සහ ඔහුගේ මිත්‍ර වෛද්‍යවරයා මාපාකඩ වැවේ ජල පහරට හසුවන්නට ඇති. ලක්ෂාන්ගේ මිතුරාගේ දිවි බේරාගන්නට හැකි වුණත් දෛවයේ සරදමට ලක්වූ ලක්ෂාන් දියේ ගිලී නොපෙනී ගියා. මේ අනපේක්ෂිත සිදුවීමෙන් කරකියාගන්නට දෙයක් නොවූ තැන ලක්ෂාන්ගේ මිතුරා ගොඩට පැමිණ කෑගසන්නට වුණා.

වෙනත් දිනවල එම වැවේ දිය නෑමට බොහෝ පිරිසක් පැමිණෙන නමුත් එදින පැමිණ සිටියේ එක් කාන්තාවක් පමණයි. මිතුරාගේ කෑගැසීම හමුවේ ගම්වාසීන් පිරිසක්ද පැමිණි අතර, ඔවුන් සියලු දෙනා එක්ව පැය දෙකකට අධික කාලයක් පුරා ලක්ෂාන්ව සොයා මෙහෙයුමක් දියත් කළා. අනතුරුව ලක්ෂාන්ව සොයාගත් අතර වහාම ඔහුව සුවසැරිය ගිලන් රථයක් මගින් මහියංගනය රෝහලට රැගෙන යෑමටයි කටයුතු කළේ. එහෙත් ඒ වන විටත් වෛද්‍ය ලක්ෂාන් ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණා.

ලක්ෂාන්ගේ මරණයෙන් පසුව මාපාකඩ වැව අසල ගම්වාසීන් මෙසේ පවසා සිටියා.

‘අපි ගමේ හැමෝම ඉල්ලන්නේ මේ ගමට කිමිදුම් කට්ටලයක් ලබාදීලා මෙහෙම ජලයේ ගිලෙන අය බේරගන්න පුළුවන් පුහුණුවක් ඉදිරියේදිවත් ලබාදෙන්න කියලයි. ආරක්ෂක දැන්වීම් ගහලා නැති නිසා වැවේ ගැඹුරු තැන් ගැන පිටින් එන අය කිසි දෙයක් දන්නේ නැහැ. මීට පෙරත් කිහිප දෙනෙක්ම මේ වගේ දියේ ගිලිලා බේරගෙන තියෙනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ වැව අවට ආරක්ෂිත දැන්වීම් සවිකර මිනිස්සුන්ගේ ආරක්ෂාව සලස්වලා දෙන්න කියලයි….’

අපි අහලා තියෙන්නේ යම් කරදරයක් සිදුවෙන්න කලින් ඒ දේ යම් ඉඟියක් මගින් අපට දැනෙනවා කියලයි. වෛද්‍ය ලක්ෂාන්ගේ මවටත් එසේම වන්නට ඇති. ලක්ෂාන්ගේ මව හැඬූ කඳුළින් මෙසේ පවසා සිටියා.

‘පසුගිය 14 වැනිදා හවස 4ට විතර මහ අමුතු දෙයක් වුණා. මම ගේ ඇතුළේ ඉන්නකොට මහ සද්ධයක් ඇහුණා. මං හිතුවේ ගේ ඉස්සරහ වාහනයක් ඇවිත් නැවැත්තුවා කියලා. ඇවිල්ලා බැලුවාම කිසිම දෙයක් තිබුණේ නැහැ. ටිකකින් මහත්තයා ගෙදර ආවා. එයත් ඒ වෙලාවේ නොසිතුව විදියකට රිය අනතුරකට පත්වෙලා තිබුණා. පුතාට මේ කරදරය වුණු වෙලාවෙම මේ සිදුවීම් දෙකම වෙන්න ඇති කියලයි මට නම් දැනෙන්නේ. 17 වැනිදා අපි නොවරදවාම හමුවෙමු කියලා පුතා කිව්වත්, 17 වැනිදා එයාගේ අවසන් ගමන යන්නයි පුතා ගෙදරට ආවේ… අනේ මගේ පුතේ….’

තමන්ගේ දරුවා කොයි තරම් උස්මහත් වෙලා ලොකු තනතුරු දැරුවත් අම්මා කෙනකුට දැනෙන්නේ තමන්ගේ පුතා එදා හිටපු පුංචි පුතා කියලයි. අම්මාවරුන්ගේ හැටි එහෙමයි. ලක්ෂාන් ඒ පවුලට හිටිය එකම පුතා, පවුලේ ආඩම්බරය. ඒත් ඔහු අද ඒ සියල්ලම දාලා යන්නම ගිහින්.

ජීවිතයේ අපි ප්‍රාර්ථනා කරපු දේවල් අපට ඒ විදියටම ලැබෙන්නේ නැහැ. ලක්ෂාන් ඔහු ජීවතුන් අතර සිටියා නම් අනාගතයේ තවත් වටිනා ජීවිත කීයක් සුවපත් කරයිද? රටේ වටිනා ජීවිත මෙහෙම විනාශ වෙනකොට හිතට දැනෙන්නේ මහත් වේදනාවක්.

රාගම වෛද්‍ය පිඨයේ 24 කණ්ඩායමේ ලක්ෂාන්ගේ සගයන් සඳහන් කර තිබුණේ, ‘ජීවිතයේ මුණගැසුණු හොඳම මනුස්සයෙක්’ යනුවෙන්. වෛද්‍ය ලක්ෂාන්ගේ ජීවිතයෙන් අපට ගත හැකි වටිනා පාඩමක් තිබෙනවා. ඒ තමයි නොදන්නා පළාතකට හෝ තැනකට ගියොත් දැක්ක පලියට වැව් ගංගාවලින් නාන්න එපා කියන පණිවුඩය. මොකද අපි නොහිතන වෙලාවක අපේ මාරයා එතැනට එන්න පුළුවන්.

මෙවැනි අනාරක්ෂිත ස්ථානවල අනතුරු ඇඟවීමේ පුවරු සවිකරනවා නම් තවත් බොහෝ ජීවිත ප්‍රමාණයක් අනාගතයේදී ආරක්ෂා කරගන්නට හැකියාව ලැබේවි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය වහාම යොමුවිය යුතුයි කියලා අපි මතක් කරනවා.

දැන් සියල්ල සිදුවී අවසානයි. ප්‍රසව හා නාරි වෛද්‍ය ලක්ෂාන් තරිඳු විජේරත්න සිය ජීවන ගමනට සමුදී හමාරයි. මතු උපදින සසරේ කවදාකවත් මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ‘මව්රට’ අපි ප්‍රාර්ථනා කරනවා….

මාපාකඩ වැව් තාවුල්ලේ
අම්මේ මා ලෝකය දුටුවා
ඒ සිහිනෙන් ඇහැරෙනකොට
වැව් පතුළේ අඳුරේ මා සැඟවිලා
සිතුවම් මැවුණා
ඔබේ උණුසුම, පාසල් කාලය
වෙද පියස මං ආසා කළ පරිසරය
මේ ලොව සුව විඳින්ට
මා පෙරුම් පිරුවත්
දෛවය මට හරස් වුණා
සමාවෙන්න මට අම්මේ
මා ඔබෙන් සමු අරන් නික්මිලා
යළි නොඑන ගමනක් ගියා…
ජීවිතෙන් සමු අරන්
කඳුළින් පෙඟුණු
මේ බිමේ මා මිහිදන් වෙලා…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

දිනන්න ඔන්න ‌මෙන්න කියා තිබියදී දකුණු අප්‍රිකාව වැස්සට පරදී!

Next Post

60 දශකයේ සිනමාකරුවෝ අගයති…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.