• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොට ගල් ලෙන දෙදරයි ලෙන් දොර ගැලවෙයි…

October 19, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
හම්බන්තොට ගල් ලෙන දෙදරයි ලෙන් දොර ගැලවෙයි…
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂලා සහ හම්බන්තොට යනු දෙකක් නොව එකකි. ඒ තරමටම රාජපක්ෂලාට හම්බන්තොට කිට්ටුය. හම්බන්තොට රාජපක්ෂලාට කිට්ටුය. හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගෙන් උදුරා ගැනීම අමාරු දෙයක් නොව, කරන්න බැරි දෙයක් බවට පත්ව තිබිණි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගේ නොවෙනස් රාජධානිය බවට පත්විය.

සත්‍ය වශයෙන්ම හම්බන්තොට යනු මෙරට අතිශයින්ම දුප්පත් දිස්ත්‍රික්ක කිහිපයෙන් එකක්ව පැවතියේය. මෙරට ඉතිහාසයේ ලියවී ඇති සුවිශේෂ සාහිත්‍ය කෘතියක් වන ‘බැද්දේගම’ට පාදක වන්නේ දුෂ්කර හම්බන්තොට ග්‍රාමයකි. කලෙක අධික වර්ෂාවත්, තවත් කලෙක අධික නියඟයත් හේතු කොටගෙන හම්බන්තොට මහත් ව්‍යසනයකට ලක්විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු සැලකිය යුතු මට්ටමේ කොන්ක්‍රීට් සංවර්ධනයක් එම දිස්ත්‍රික්කය තුළ සිදුවිය.

මහින්දගේ යුගයේ යෝධ ගොඩනැගීම් ඉදිවුණු, කැපීපෙනෙන දිස්ත‍්‍රික්කයත් එයමය. මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, රන්මිණිතැන්න පම්පෝරි සිනමා ගම්මානය සහ තවත් නවීන මහාමාර්ග පද්ධතියක් එම දිස්ත‍්‍රික්කයට ලැබිණි.

එයින් ගිනිකණ වැටුණු බොහෝ පිරිස් හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාට තෑගි ඔප්පුවක් සේ පිරිනමා තිබිණි. එහෙත්, ඒ තරම් වූ බළකොටුවක් පසුගියදා රාජපක්ෂලාට අහිමි විය. හම්බන්තොට විවිධසේවා සමුපකාර සමිතියේ හම්බන්තොට ප්‍රාදේශිකයේ පැවැති නිලවරණයෙන් සමගි ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්වී තිබේ. සාමාජිකයන් 483ක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර එයින් 335ක් ඡන්දය ලබාදී ඇත්තේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයන්ටය. ඒ අනුව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයන් නව දෙනාම ජයග්‍රහණය කොට ඇති අතර පොහොට්ටුව ඉදිරිපත් කළ 9 දෙනාම පරාජය වී ඇත.

ඒ අනුව රාජපක්ෂවරුන් නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට කිසිදු අපේක්ෂකයකු ජයග්‍රහණය කළ නොහැකි මට්ටමට පත්වී තිබේ.

රට පුරා මෙතෙක් පැවැති සමුපකාර ඡන්ද අති බහුතරයක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජනබලවේගයයි. එය 98%කට අධික ප්‍රතිශතයකි. සමුපකාර ඡන්දයක ප්‍රතිඵලය තීරණාත්මක නැතැයි ඇතැමුන් පැවසුවද දේශපාලනය පිළිබඳ දිග පළල දන්නා බොහෝ දෙනා විශ්වාස කරන්නේ සමුපකාර ඡන්දයක ප්‍රතිඵලය තුළින් ඉදිරි මැතිවරණයක ප්‍රතිඵලය බොහෝ විට සනාථ වන බවය.

අනෙක් තැන් කෙසේ වෙතත් බලගතු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමුපකාරය පවා රාජපක්ෂලාට අහිමි වීම යනු ඔහුගේ දේශපාලන අනාගතය සම්බන්ධව තීරණාත්මක අවදානමක් එල්ල වන කරුණකි.

රාජපක්ෂලා හම්බන්තොට සමුපකාර ඡන්දයේදී පරාජය වන්නේ සමගි ජන බලවේගයටය. සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාසය. සජිත් හම්බන්තොට රාජපක්ෂලාගේ ලෙන් දොර කඩා ඇත්තේ ගල් ලෙන සසල කරමින්ය. රාජපක්ෂලා මීට ඉහතද සජිත් ඉදිරියේ තීරණාත්මක ලෙස අවස්ථා දෙකකදී පරාජය වී ඇත.

සජිත් දේශපාලනයට ආවේ ඈත කර්කශ හම්බන්තොටිනි. එය රාජපක්ෂලාගේ නිජබිමය. ඔහු එහි ගියේ එජාපය බිංදුවට වැටී තිබූ විටය. ඉතිහාසයේ පළමු වතාවට රාජපක්ෂ බළකොටුව කඩා රාජපක්ෂ සමූහය පරාජය කළේ කෝඩුකාර සජිත්ය. රාජ්‍ය මර්දනයේ මුදා නොගත් ප්‍රදේශයක් වූ හම්බන්තොට රාජපක්ෂ කඳවුර සමතලා කරන්නට සජිත් සමත් විය.

එය වඩාත් සුවිශේෂ වන්නේ මෙරට දෙවරක්ම ජනාධිපති වූ මහින්ද රාජපක්ෂව පිට පිටම දෙවරක් පරාජය කිරීමට සජිත් සමත් වීමෙනි. ඔහු වමට සහ ශ්‍රීලනිපයට බර, සියල්ලට වඩා රාජපක්ෂලාට බර හම්බන්තොට එජාපයට දිනවා දුන්නා පමණක් නොව මනාප ඡන්ද 98,968ක් ලබාගත්තේය. එවර මහින්ද රාජපක්ෂ ලබාගත්තේ මනාප ඡන්ද 88,726ක් පමණකි.

2001 මහ මැතිවරණයේදීද සජිත්ගේ නායකත්වයෙන් එජාපය හම්බන්තොට ජයගත්තේය. එහිදී ද සජිත් ප්‍රේමදාස මනාප ඡන්ද 92,536ක් ලබාගත් අතර මහින්ද රාජපක්ෂ ලබාගත්තේ මනාප ඡන්ද 81,855කි. ඒ වන විටත් තරුණ සජිත්, අභියෝග ජයගන්නා ස්වරූපය රටට පෙන්වා දී තිබිණි.

යම් හෙයකින් ඒ මැතිවරණ දෙක සරළ බහුතර ක්‍රමයෙන් පැවතියා නම් සජිත් යටතේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන ප්‍රබලයන්ට සිටින්නට වෙන්නේ ගෙදරය. මෙයින් පැහැදිලි වන්නේ, ඇත්ත වශයෙන්ම රාජපක්ෂලාගේ අනෙකා සජිත් බවය.

ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග පමණක් නොව හම්බන්තොට ඇතැම් පෞද්ගලික ගෙවල්වලට යන පාරවල් පවා කාපට් කළ රාජපක්ෂලා සජිත් ඉදිරියේ පරාජය වූයේ කෙසේ දැයි සොයා බැලීම රාජපක්ෂලාගේ දේශපාලන අනාගතයට හොඳය. මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති බවට පත් වුණාට පසු 2015 දක්වා පැවැති සියලු මැතිවරණ ජයග්‍රහණය කළේය.

ඔහුගේ ප්‍රතිවාදියා වූයේ රනිල් වික්‍රමසිංහය. මහින්දගේ මැතිවරණ ඉදිරියේ රනිල් දිගින් දිගටම පරාජය වූවා පමණක් නොව බලගතු එක්සත් ජාතික පක්ෂය සෝදාපාලු වී ගියේය. එක් අවස්ථාවකදී හැර 94 සිට දිගින් දිගටම පරාජයේ කටුක රස අත්විඳින්නට එක්සත් ජාතික පක්ෂයට සිදුවුණු අතර එය 2015 දක්වාම සිදුවිය. නමුත්, හැටනව ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඡන්දය ලබාදුන් ජනාධිපතිවරයෙක්ද, ඊට ආසන්න ප්‍රමාණයක් ඡන්දය ලබාදී බිහිකළ තුනෙන් දෙකක ආණ්ඩුවක්ද වසර දෙකහමාරක් තුළ කණපිට හරවන්නට සජිත්ට හැකිවිය. බොහෝ දෙනකු අමතක කරන සහ බොහෝ දෙනකුට අමතක වන ඇත්ත ඒකය.

Times of India ඉන්දීය ජාතික පුවත්පතේ Prabhash K. Dutta නම් ඉන්දීය මාධ්‍යවේදිනිය 2022.07.13 දින අපූරු ලිපියක් ලිව්වාය. ‘බලගතු රාජපක්ෂ රෙජීමය බිඳදැමූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනා’ යන්න එම ලිපියෙහි ශීර්ෂ පාඨය විය.

‘ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ දේශපාලනයේ බිඳවැටීමට තුඩුදුන් බොහෝ දුරට නිර්පාක්ෂික වූ ශ්‍රී ලංකාවේ විරෝධතා මෙහෙයවනු ලැබුවේ තම රට ආර්ථික කළු කුහරයකට ඇදී යන ආකාරය ගැන එපා වූ සාමාන්‍ය පුරවැසියන් විසිනි.’ යනුවෙන් ඈ සිය ලිපිය ආරම්භ කොට තිබිණි.

එහි තවත් තැනක මෙසේ සටහන්ව තිබිණි.

‘ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ පුත් සහ විශාලතම විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ (SJB) ප්‍රධානියා වන සජිත් ප්‍රේමදාස මාර්තු මාසයේදී විරෝධතාවයට සම්බන්ධ විය.’

මාධ්‍යවේදිනියට එසේ ලියන්නට හේතු තිබිණි. විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව බිහිවීමත් සමග වැඩි කල් යන්නට නොගොස් ආණ්ඩුවට එරෙහිව වීථි සටන් ආරම්භ කළේ සමගි ජන බලවේගයය. ඊට නායකත්වය දුන්නේ සජිත් ප්‍රේමදාසය. ජනතා අරගලය ආරම්භ වන මොහොතේ බොහෝ දේශපාලන පක්ෂ ඒ පිළිබඳ උපහාසයෙන් කතා කරද්දී සජිත් නිරන්තරව අරගලකරුවන්ගේ පැත්තේ හිටගත්තේය. ඔහු සිය සහයෝගය ප්‍රායෝගිකවද ඔවුන්ට ලබා දුන්නේය. මෙවැනි අරගල වැඩක් නැති බවත්, අරගල කළ යුත්තේ දේශපාලන නායකත්වයන් විසින් බවත් ඇතැම් දේශපාලන පක්ෂ පුරවැසි අරගලය පිළිබඳ අවතක්සේරුවෙන් කතා කරද්දී’ සජිත් ඊට නොපැකිලව සහයෝගය ලබාදුන්නේය.

ඉන් පසුව අරගලය පිළිබඳ අයිතිවාසිකම් කියන්නට බොහෝ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් වුවත් අප්‍රමාණ ගැරහුම් මැද සමගි ජන බලවේගය සහ සජිත් මුල සිටම අරගලයට සහයෝගය ලබාදුන්නේය.

මේ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වුණේ බලගතු රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉවත් වීමට සිදුවීමය. ඒ අනුව බලන විට සජිත් විපක්ෂයේ භූමිකාව ඉටුකර තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ ඕනෑම කෙනකුට අවබෝධයක් ලබාගත හැකිය.

‘සජිත් ආසයි බයයි’ කියා සමහරු සජිත්ට උපහාසයෙන් සිනාසුණේ රාජපක්ෂලා සමග එක්වී අගමැතිකම ලබා නොගත් නිසාය. හැබැයි ඒ උපහාස වදන්වලට සජිත් දුන්නේ එක උත්තරයකි.
‘මම ආසයි බයයි නෙවෙයි, මට ලැජ්ජ බයයි…’

එහෙම කියා රාජපක්ෂලා සමග ආණ්ඩු කරන්නට ඉදිරිපත් නොවූ සජිත්, රට පුරා සමුපකාර ඡන්ද ජයග්‍රහණය කරමින් සිටී. එහි කූටප්‍රාප්තිය වුණේ ඉතිහාසයේ කිසි දවසක නොවූ පරිදි හම්බන්තොට සමුපකාරයේ එකදු නියෝජනයක් හෝ ලබා ගැනීමට නොහැකි තරමට රාජපක්ෂවරු පරාජය කිරීමෙනි.

ට්‍රික්සි ජයවර්ධන

SendShareShare
Previous Post

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ප්‍රජා සත්කාරයේ දෙවැනි මෙහෙයුම අරඹයි…

Next Post

පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ නෙස්ලේ ලංකා සමාගම, සිය පාර්ශ්වකරුවන්ට සහාය වෙයි…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.