පසුගිය මැයි 09 වැනිදා ගිනිබත් කෙරැණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලය යළි පිලිසකර කිරීම ආරම්භ කෙරිණි.
එම අවස්ථාවට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පිරිස මෙහි ගිනිබත් වූ භාණ්ඩ සියල්ල සහ ගිනිගත් බස් රථයක්ද ඉවත් කිරීමට කටයුතු කළ අතර ඉදිරියේදී මෙම කාර්යාලය යළි සම්පූර්ණයෙන්ම ගොඩනැගීමට නියමිතය.










