• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රියමාලිගේ ඔක්කොම හොයාගනී! වංචාව දැනට කෝටි 1000ට කිට්ටු වෙයි! මුල් ගම කලුතර! ‌ඉගෙනගෙන තියෙන්නේ අටේ පංතියට විතරයි! කසාද 3ක් කරගෙන! පියා වඩු කාර්මිකයෙක්!

October 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි ගණන් වංචා කරපු ප්‍රියමාලිගේ සිරමැදිරියේ ෆෝන් පැටව් ගහයි!
Share on WhatsAppShare on Facebook

කොළඹ කොටුව ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ වංචාවන්ට හසු වූ බවට දැනට හඳුනාගෙන ඇති පිරිස විසින් සැබෑ ලෙස අහිමි කර ගෙන ඇති මුදල රුපියල් කෝටි 500 ඉක්මවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

ඇයගේ වංචාවට හසු වී ඇති මෙතෙක් පැමිණිලි නොකළ පිරිසකගේ ද මුදල් සමඟ ඇය සිදු කර ඇති සමස්ත මූල්‍ය වංචාව රුපියල් කෝටි 1000කට ආසන්න වනු ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව මෙරට ජනප්‍රිය නළු නිළියන් ගායකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැයකර ඇති බවට ද ඇතැම් කලාකරුවන්ගේ උපන්දින සාද පවා ඇය ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වෙනි මහලේදී සමරා ඇති බව ද ඒ සඳහා ද ඇය විසින් මිලියන ගණනක මුදල් වැයකර ඇති බව ද පෙනී ගොස් ඇත. ඊට අමතරව තරු පංතියේ හෝටල්වලද ඇය ඇතැම් කලාකරුවන් වෙනුවෙන් සාද සංවිධානය කර ඇති බව ද සඳහන්ය. ඇය එම අවස්ථා ඡායාරූප සහ වීඩියෝගත කර ළඟ තබාගෙන සිටින බවත් එම කලාකරුවන්ව ඇය සිය වංචාව ප්‍රවර්ධනයට යොදා ගෙන තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඒ අනුව දැනට හඳුනාගෙන ඇති නළු නිළියන් ඇතුළු කලාකරුවන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබී ඇත්තේ මුල් පැමිණිලි 08 පමණි. ඊට අනුව ඇය විසින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 251කි. ඇයට හසුවී රුපියල් කෝටි 75ක වංචාවකට ලක්වූ වෛද්‍යවරයෙක් ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූවත් ඔහු ඊයේ දිනයේත් එම පැමිණිල්ල ඉදිරිපත්කර නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමත් සමඟ බොහෝ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතමින් සහ විවිධ පර්ශ්ව ඔස්සේ පණිවුඩ දෙමින් තමන් ද ඇගේ වංචාවට හසුවී ඇති බව පවසා තිබුණි. ඒ අය පොලිසියට පැමිණ පැමිණිලි කරන බවද කියා තිබුණි. එහෙත් ඒ අය දැන් පැමිණිලි කිරීමට පස්ස ගසන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එසේම දේශපාලනයට සම්බන්ධ කලාකරුවෙක් ද ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින නිළියන් දෙදෙනෙක්ද හිටපු ආණ්ඩුකාරවරයෙක් ද මෙම කාන්තාවගේ වංචාවට හසුවී ඇති බව අනාවරණය වූවත් ඒ අය ද මෙතෙක් ඒ ගැන පැමිණිලි කර නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. එසේ දැනට හඳුනාගෙන සිටින අය තමන් සැබෑ ලෙසම වංචාවට හසුවී අහිමිකරගත් මුදල් ප්‍රමාණය ගැන හෙළි කරන්නේ නම් වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 500 ඉක්මවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ඊට අමතරව මෙතෙක් හෙළි නොවූ විශාල පිරිසක් මෙම කාන්තාවගේ වංචාවට හසුවී ඇති අය අතර සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අය ඇයට එරෙහිව පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන්නේ ඔවුන් ඇයට ආයෝජන සඳහා යැයි කියා ලබාදී ඇති මුදල් ඒ අයට නීත්‍යනුකූල ආකාරයට උපයා ගත් අයුරු හෙළිකර ගැනීමට නොහැකි ඒවා නිසා විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. “එයාල පැමිණිලි නොකර සිටීම නිසාම ඉදිරියේදී අමාරුවේ වැටෙන්න පුළුවන්. තිළිණි ප්‍රියමාලි එයාට මුදල් දුන්නු අයගේ විස්තර ඇතුළු බොහෝ දේවල් එයාගේ ජංගම දුරකතනයෙයි පරිගණකවලයි සටහන් තියාගෙන ඉඳල තියෙන බවයි අපිට දැනගන්න ලැබිල තියෙන්නේ. ඇගේ ජංගම දුරකතන සහ පරිගණක දැන් තියෙන්නේ අපේ ගාව. පරිගණ වෝහාරික පරීක්ෂණාගාරයට ඒවා යොමු කරල තියෙනවා. එම අංශයේ අය එම පරිගණකවල තියෙන සැඟවුණු දත්ත ඉදිරියේදී එළියට ගනීවි. එතකොට බලා ගන්න පුළුවන් ඇයට මුදල් දුන්නේ කවුද? මුදල් නොදුන්නේ කවුද? කියල. ඒ විතරක් නෙමෙයි ඇගේ ව්‍යාපාර නම්වලින් සහ ඇගේ පෞද්ගලික නම්වලින් ඇති සියලු බැංකු ගිණුම් පවා අපි මේ වන විට පරීක්ෂාවට ලක්කරමිනුයි ඉන්නේ. කාට කොහොම ඇය වියදම් කළාද කියල අපිට එහිදී අනාවරණය කරගන්න පුළුවන් වේවි. පැමිණිලි නොදාපු අය එතකොට තමයි අමාරුවේ වැටෙන්නේ. ඒ නිසා තාමත් ඒ අය ප්‍රමාද නැහැ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි නමැති මෙම කාන්තාව විවාහ තුනක් කරගෙන සිටින්නියක් බවද සඳහන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ විවාහ තුනක් යැයි සඳහන් වූවත් ඇයගේ දෙවැනි සැමියා යැයි කියමින් සිටි තැනැත්තාව ඇය විවාහ කරගෙන නොසිටි බවය. ඇය එම සැමියාවද මෙම වංචාවට යොදාගෙන සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම සැමියා ඇයට ආරක්ෂාව සපයන ලද ආරක්ෂක සමාගමේ ඇගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කළ තැනැත්තාය. ඇය අත්අඩංගුවට ගැනීමට පෙර දිනයේ ඇය සිය නීත්‍යනුකූල දෙවැනි විවාහය කරගෙන ඇත්තේ එතෙක් කාලයක් ඇය සිය සැමියා යැයි සමාජය හමුවේ පෙන්වා දුන් තැනැත්තාගේ ගෝලයා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවකි. එම දරුවන් තිදෙනාම ඇගේ පළමු සැමියාගේ දරුවන්ය. වැඩිමහල් දරුවා වයස අවුරුදු 20ක තරුණයෙකි. ඔහු ද 34 වෙනි මහලේ ඇගේ කාර්යාලයේ සේවයේ නිරතව සිට ඇති බව අනාවරණය වී තිබේ. දෙවැනි දරුවා දියණියකි. වත්තල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඇය අටේ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටී. බාලයා වැලිමඩ ප්‍රදේශයේ රජයේ පාසලක හතේ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මෙම කාන්තාව කලක් මැදපෙරදිග රටක සේවය කර ඇති බවත් එහිදී ඇය මෙරට කතුන් ලිංගික ජාවාරම් සඳහා යොදවාගෙන ඇති බවටත් විවිධ තොරතුරු පාර්ශ්වවලින් කියැවෙයි. එසේම ඇයගේ පියා වඩු කාර්මිකයෙක් බවටත් ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ අටේ පංතියට පමණක් බවටත් තොරතුරු කියැවෙති. ඇය කළුතරදී උපත ලැබූ තැනැත්තියකි. එසේම ඇය කාලයක් හෝකන්දර පදිංචිව සිට ඇති බවද කියති. ඇය කාලයක් මෙරට කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවට තොරතුරු ද තිබේ.

මේවායේ ඇත්ත නැත්ත ගැන ඇගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී අධිකරණ නියෝගයක් ගෙන බන්ධනාගාරයට ගොස් ඇගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට බලා පොරොත්තු වන බවත් එහිදී බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම කාන්තාවට හින්දි භාෂාව චතුර ලෙස කථා කිරීමට හැකියාවක් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ ලෙබනනය ඇතුළු රටවල් රැසක ඇගේ ව්‍යාපාර ඇති බවය. ඒ ගැන කෙරුණු විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එවැනි ව්‍යාපාරයක් ඇයට ලෝකයේ වෙනත් රටක තබා ශ්‍රී ලංකාවේ ද නැති බවය. ඇය බන්ධනාගාරගතවී දෙවැනි දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් කළ සෝදිසියකදී සොයාගත් ජංගම දුරකතනය මුද්‍රා තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර බලධාරීන් විසින් භාරදී ඇත. එම ජංගම දුරකතනය ද වෝහාරික විමර්ශනයකට ලක් කරමින් ඇය බන්ධනාගාරයේ රැඳී සිටිමින් එම දුරකතනයෙන් ඇමතුම් ගත් අය කවුරුන් දැයි හඳුනා ගැනීමට විමර්ශන පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ අයගේ යැයි කියා පුද්ගල ලැයිස්තුවක් ද හුවමාරු විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පුද්ගල ලැයිස්තුවේ සිටින අය පෙරේදා සිට පැමිණිලි ඉදිරිපත් කරන්නට වූයේ තමන් ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර නැති බවත් එම ව්‍යාජ ලැයිස්තුව සමාජ මාධ්‍ය වෙත යොමු කළ පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙසය. එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ වන විට ලැබී තිබුණු පැමිණිලි ගණන 06 කි. -දිනමිණ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ජන්ද කල් දැමීමට එරෙහිව විපක්ෂයේ පක්ෂ 16ක් සන්ධානගත වෙයි! තලවතුගොඩ මොනාර්ක් හෝටලයේ සාකච්ජාවක් තියයි! ජවිපෙ විතරක් ඇවිත් නෑ! (VIDEO)

Next Post

ලංකාව ගහන‌ දෙවන ප්‍රැක්ටිස් මැච් එක අද උදේ 9.30ට!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.