• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දසාව නරක් වූ අපේ කලාකරුවෝ දෙවියනි… ඔබ කොහෙද? මේ සාතන්ගේ හෝරාවද?

October 12, 2022
in Exclusive, Heart
Reading Time: 5 mins read
A A
දසාව නරක් වූ අපේ කලාකරුවෝ දෙවියනි… ඔබ කොහෙද? මේ සාතන්ගේ හෝරාවද?
Share on WhatsAppShare on Facebook

රෝගීව ලෙඩ ඇඳකවත් නොසිටි දර්ශන් ධර්මරාජ් හෘදයාබාධයකින් හදිසියේම මියගියේය. මේ තරමට ප්‍රේක්ෂකයන් කාළ වර්ණ පෙනුමකින් යුතු මේ අසහාය අතිදක්ෂ නළුවාට ප්‍රිය කළාදැයි කියා අදහන්න බැරි තරමට සමාජ මාධ්‍ය හරහා දහසකුත් එකක් වූ සමූහයා දර්ශන් වෙනුවෙන් සිය ශෝකයා ප්‍රකාශ කොට තිබුණේය.

මියයන විට දර්ශන්ට යන්තමට අවුරුදු 41 ලැබුවා පමණය. වියත් පොත පතෙහි සඳහන් වන්නේ පිරිමියකුගේ නැවත උපත වයස අවුරුදු 40 කියලාය. නමුත් දර්ශන් 41දී නැවත නොඑන්නටම සමුගෙන යන්න ගියේය. දර්ශන් ධර්මරාජ් විතරක් නෙමේය. නොසිතූ ලෙස ජීවිත කලාවෙන් අකාලයේ සමුගෙන ගිය නොසිතූ ලෙස ලෙඩ ඇඳට වැටී සිටින අතිදක්ෂ ප්‍රවීණ කලාකරුවන් ගැන දුක්මුසු කටුක පුවත් නිතර අසන්නට ලැබීම දැන් දැන් රහසක් නෙමේය.

කලාකරුවන්ට මෙහෙම වෙන්නෙ ඇයි?

ශ්‍රී ලාංකේය කලාකරුවන් මෙතරම් ශෝචනීය සිදුවීම්වලට ගොදුරු වන්නේ ඇයි?

බොහෝ විට සෑම කලාවක් තුළම නොසිතූ විදියට නගින කලාවක් සේම බහින කලාවක්ද වේ. එය ව්‍යාපාර, රැකියා, අධ්‍යාපන සේම රංගනය ඇතුළුව අන් සෑම කලා ක්ෂේත්‍රයටම අදාළ වේ. පැරැන්නන් ඒ කාලේ ඔවැනි කියමන් කීවේ කොහොමත් කට කහනවාට නොවන බව දැන් සිදුවන ඇතැම් දේ තුළ මොනවට ඔප්පු වන්නේය.

ඒ කියන්නේ ශ්‍රී ලාංකේය කලා කෙතේ බහින කලාව ඇවිදින්ද?

ශ්‍රී ලාංකේය කලා කෙතේ බහින කලාව ආවේ මීට දශක කිහිපයකට පළමුවය. ඒ, සිනමාවේ සහ වේදිකාවේ ගරාවැටීම සහ ටෙලිනාට්‍ය කලාවේ බහුරූ කෝලම් විප්ලවයත් සමගය. මේ කියන කතන්දරය එහි වෙනමම පැත්තකි. එය ශෝචනීයය. 2020, 2021 සිටම 2022 දක්වාම එක පෙළට අකාලයේ මරණය හමුවේ පරාදවී අපෙන් සමුගෙන ගිය කලාකරුවන්ගේ සංසිද්ධීන් සහ කලාකරුවන් හිටි අඩියේ කිසිවක් කරකියාගත නොහැකිව රෝගී වීමේ සංසිද්ධීන් සහතික වශයෙන්ම ඉහත කාරණයට වඩා කාගේ වුවද හිත් කොන කලඹා අමා ඇති වග නිසැකය.

වැඩිදුර සොයා වෙහෙසෙන්නට අවැසි නැත. ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ අවාසනාවන්ත සිදුවීමම ඊට කදිම සාක්ෂියකි. ජැක්සන් ගියේ සිංහබාහු අවසන අදියර නිම කිරීමේ කටයුතු සඳහාය. සිදුවූයේ කුමක්ද? එය හීනෙන් කියා හීන හතක් තුළවත් සිදුවේයැයි සිතන්නට බැරි ඉතා අවාසනාවන්ත සිද්ධියකි. ඔහු හඹා ආයේ සත්ව ආත්මයක් ලද අලියෙක්ද? එහෙමත් නැත්නම් කිසිකු මෑතකදී සඳහන් කළ පරිදි දේව කෝපයකින් ආරූඪ වූ පිල්ලියක්දැයි තවමත් නිනව් නැත. අලියාව සොයාගන්නටද නැත. සියල්ල අවසානයේ සිදුවූයේ මහා සිංහයෙක් වැඩි ප්‍රතිරූපයක් ඇති අසාමාන්‍ය කලාකරුවකු කෝමා තත්ත්වය තුළ අසරණව සිටීම පමණය. අති විශිෂ්ට ගණයේ නිර්මාණයක් වූ ‘එක ගෙයි සොකරි’ ඇතුළු ඔහුගේ නවතම චිත්‍රපට කිහිපයක දොරට වැඩුම ඔන්න මෙන්න කියා තිබියදී ඔහු තමා කවුද කියා තමාට නොවැටහෙන අඳුරු ලොවකට වී සුසුම් හෙළමින් සිටියි.

‘ජැක්සන් ඇන්තනී’ යනු ඇවිදින පුස්තකාලයකැයි කිසියම් සමාජ මාධ්‍යයක සටහන්ව තිබිණි.

‘ජැක්සන් ඇන්තනීට විකල්ප නැතැ’යි තව තැනක සටහන්ව තිබිණි.

‘උඹ හැර තව සිංහයෝ නැහැ. ඉක්මනට නැගිටලා වරෙන්’ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න බාලසූරිය, ජැක්සන්ට කළ පළමු සැත්කමෙන් අනතුරුව පවසා තිබිණි.

එච්චර වටිනා කලාකරුවකු මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට ගොදුරුව, එයින් ගොඩ ඒමට නොහැකිව සිටීම මුළුමහත් ජාතියේම වගේම රටේම අවාසනාවක් නෙවෙයිද?

ඒ අතර ප්‍රවීණ ටෙලි නිර්මාණකරු නාලන් මෙන්දිස් මහතාද රෝගාතුරව සිටින බවට තොරතුරු අනාවරණ වේ. තවත් විශිෂ්ට ගණයේ ප්‍රවීණ නිර්මාණයන් තුළ තම කුසලතාවන් මෙහෙයවන අශෝක හඳගමද එක් අතක තිබෙන ආබාධයමය තත්ත්වයක් නිසා රෝගාතුරව සිටින බව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පසුගිය දවසක සටහන්ව තිබිණි. තව නිදසුන් ඕනෑ තරම්ය.

පසුගිය වසරක එකම කාල වකවානුවක තවත් ප්‍රවීණ කලාකරුවන් තිදෙනකු තදින් රෝගාතුර විය. ඒ, සම්පත් තෙන්නකෝන්, ගිරිරාජ් කෞෂල්‍ය සහ සරත් චන්ද්‍රසිරිය. එතැනදී මාරයාට හොඳ අතුල් පහරක් දී දේව අනුහසින් හෝ දෛවෝපගත වාසනාවකින් ගොඩ ආවේ ගිරිරාජ් විතරය. ඊට ඉහතක අපෙන් සමුගෙන යන්නට ගිය ජයලත් මනෝරත්න, ජයලාල් රෝහණ, ලක්ෂ්මන් විජේසේකර, හයසින්ත් විජේරත්න, විශාකා සිරිවර්ධන වැනි අද්විතීය කලාකරුවන් කොහොම අමතක කරන්නද? කොරෝනාව හමුවේ වයසට ගිය මරණ මංචකයේ සිටි සමහර දේශපාලුවන් මාරයා පරදවද්දී ලොවක් පිනවූ ගායක, ජිප්සීස් සුනිල් පෙරේරා අවාසනාවන්ත ලෙස මරු තුරුලට ගියේය. ආරංචියේ හැටියට විවිධ වූ චරිත නිරූපණයන් හමුවේ ප්‍රේක්ෂක සිත් වසඟයට පත් කළ ප්‍රවීණ නළු සුමින්ද සිරිසේන අවුරුදු ගණනක සිට තවමත් රෝද පුටුවේය.

එහෙම වූයේ ඇයි?

අදටත් තවමත් මෙහෙම වෙන්නේ ඇයි?

එය ඔවුන්ගේ දෛවයද? එහෙමත් නැතිනම් කුමක් හෝ සාපයක ඵලයක්ද?

නැතිනම් මානසික විපර්යාසයක්ද?

චිත්‍රපට සහ වේදිකා කලාව නොසිතූ ලෙස ඇදවැටෙන විට බොහොමයක් වූ කලාකරුවන් නිහඬව සෝ සුසුම් හෙළුවේ නැතැයි කාටද කියන්න පුළුවන්? ටෙලි කලාව ලාබෙට විකිණෙද්දී විකාර රූපී පෙනුමක් ගනිද්දී එය තෝතැන්නක් කරලීමේ මෙහෙවරට දායකව සිටි සුමින්ද සිරිසේනලා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් එදා මානසිකව ඇදවැටුණේ නැතැයි කාටද කියන්න පුළුවන්?

ඒක එහෙම වුණේ නැතැයි කියා කවුරුන් හෝ කිව්වොත්, කලාකරුවන්ගේ දසාව නම් කොහොමත් මේ දවස්වල යහපත් නැත. ඊයේ දවස සහ යටගියාව මඳකට හෝ පසෙකින් තිබ්බත් ජැක්සන් ඇන්තනී සහ දර්ශන් ධර්මරාජ් දිහා බලපුවාම එය හරියටම හරිය. කෝමාවකට නැතුව ඔය ඇහැකන පියාගෙන සිටින්නේ සොඳුරු නිර්මාණ පෙළගැස්මක් රිදී තිරය මත දිගහරින්නට පෙරනිමිති බලමින් උන් කෘතහස්ත නිර්මාණකරුවෙකි. බිමල් ජයකොඩි වැනි ප්‍රවීණයන් පවා දර්ශන්ගේ දෙණ අබියස ඉකිගසා හැඬුවේ නිකමට නොව මානුෂීය වූත් හැකියාවෙන් පරිපූර්ණ වූත් තම මිතුරු සගයාගේ වටිනාකම ඔහුට වැටහෙන්නට ඇත. අප කාටත් පවා එය වැටහුණේ නැතිනම් පුදුමය. කාගෙත් හිත කිව්වේ දර්ශන් කෙදිනක හෝ දවසක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හෝ සම්මානනීය නළු ජෝ අබේවික්‍රමට සමීප වීමේ කුසලතාවක් ඇත්තෙකුය කියලාය. එය සම්ඵප්‍රලාපයකැයි කවුරුත් නොකිව්වාට දර්ශන්ගේ දෛවයට හෝ උඩ ඉන්න දෙවියන්ට එය පෙනුණේ නැත. ඒ නිසා දර්ශන් සුරතින් පපුව තෙරපාගෙන අපට ආයුබෝවන් කියා යන්නට ගියේය. වැඩකට නැති නිකමුන් යහතින් සිටියදී, අපරාධකරුවන් තව්තිසාව වැනි මන්දිරවල විල්ලුද පලස් මත කල්ගෙවද්දී යමක් කරන්නට හැකියාවක් ඇති ඇසූපිරූ තැන් ඇති වටිනා මිනිසුන් ලොවට අහිමිව යන්නේ ඇයි?

එය දේව සාපයක්ද?

සාතන්ගේ නියමයක්ද?

එහෙමත් නැතිනම් අපේ මුතුන්මිත්තන් කියන විදියට මේ ඔවුන් පතාගෙන පැමිණි විදියද? එයට උත්තර ඇත්තේද උඩ ඉන්නා දෙවියන් අතය. කොහොම නමුත් අනේ දෙවියනි, ඔබ මැවූ ලොව ඇත්තෙන්ම පුදුමාකාරය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

O/L විභාගයෙන් A 9ක් අරන් රටම දිනා ගත් දෙව්මි හදිසියේම අවසන් ගමන් යයි!

Next Post

අනිවාර්යයෙන් මාර්තු 20ට කලින් පළාත් පාලන ජන්දය තියනවා! මැතිවරණ කොමිසම ඩලස්ගේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකයක් දෙයි!

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.