• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතියි පුතයි එකතු වෙලා නකල්ස් රක්ෂිත මායිමේ අනවසර හෝටලයක් ගහලා! සරණංකර නාහිමි ස්නානය කරපු තැනත් ‌සමතලා කරලා!

October 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතියි පුතයි එකතු වෙලා නකල්ස් රක්ෂිත මායිමේ අනවසර හෝටලයක් ගහලා! සරණංකර නාහිමි ස්නානය කරපු තැනත් ‌සමතලා කරලා!
Share on WhatsAppShare on Facebook

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ සහ ඔහුගේ පුතු තරින්ද අමරසිංහ විසින් ඓතිහාසික සහ කෘෂිකාර්මික වශයෙන් අතිශය වැදගත් පාරිසරික සංවේදි භූමිභාගයක සිදුකරන හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමක තොරතුරු මාතලේ රත්කිඳ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය දෙකෙන් එකක් වන තේලගමුව ඔය ගලායන අතර, කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුපොල්ලන්ද කටුකිතුලේ ඇළද මේ ආශ්‍රිතව පිහිටා තිබේ.

ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ ඉදිකිරීම් සිදුවන අතර, එහි සිට සංචාරකයන්ට ඔයට යෑමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක්ද සැකසෙමින් පවතී.

වැලිවිට සරණංකර සඟරජ හිමියන් දිය ස්නානය කළ තොටක් මෙම ප්‍රදේශයේ පවතින බව ඇටම්වල ගම්වැසියන් විශ්වාස කරන අතර, ඒ ආශ්‍රිතව ඔවුන් කිරි ඉතිරවීමේ මංගල්‍යයක්ද පවත්වයි.

සංචාරකයන් ගැවසෙන්න පටන්ගත් කල මේ සංස්කෘතික අගයන්ට හානි පැමිණිය හැකි බවත්, අදාළ ඉදිකිරීම්වලදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයටද හානි වී ඇති බවත් ගම්වාසීහු පෙන්වා දෙති.

හෝටල් සංකීර්ණයට ළඟාවීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය නිම වෙමින් ඇත්තේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන මැදින් වන අතර, මේ වන විට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව පවතී. මේ ඉදිකිරීම් නිසා ඇළ ඉවුරුවල ස්වාභාවික ගල් පවා ඉවත් කරනු ලැබ ඇති අයුරු දැකගත හැකිය.

කුඹුරු හිමියන්ට විවිධ උපකාර කර, කුඹුරුවලට පිවිසීමට හොඳ පිවිසුම් මඟක් සකසා දෙන බවට ඒත්තු ගන්වා, ඔවුන් ලවා පල්ලේගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ගත් අවසරයක් හැරෙන්නට ප්‍රදේශයේ භූ දර්ශනයට අනුව මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ වන සංරක්ෂණ අධිකාරියෙන් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වෙනත් කිසිදු නෛතික අවසරයක් මේ හෝටල් සංකීර්ණයේ හිමිකරුවන් ලබා ගෙන නැත.

lankasara

SendShareShare
Previous Post

යාලුවොත් එක්ක ගෝල්ෆේස් ඇවිත් නාපු අවුරුදු 15ක ළමයෙක් ගිලිලා මැරිලා!

Next Post

අගමැතිකමෙන් අයින් වෙලා ගියාට පසු මහින්ද රටට කළ පළමු කතාව මෙන්න! ගෝඨාගේ වැඩපිළිවෙළට සහාය දෙන්න ඕන! ඉස්සර අපි රනිල්ට බැන්නා! දැන් රනිල් ඉන්නෙ අපිත් එක්ක! එයා යහමගට ඇවිත්! (VIDEO)

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper