ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු ඊයේ (6) පත් කරනු ලැබූ අතර එම අනු කමිටු අද(7) රැස්වීමට නියමිතය.
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරු පත් කරනු ලැබ සිටිති.
පිළිගත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විත වෙයි.










