• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් ඇමැති ධූර ගැන ජනාධිපතිවරයා හා පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අතර තීරණාත්මක සාකච්ජාවක්! බන්දුලට සාකච්ජාවෙන් නැගිට යන්නත් කියලා! EXCLUSIVE

October 6, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් අතර අද දහවල් කැබිනට් අමාත්‍ය ධූර පත් කිරීම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

ඒ, අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සදහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

මෙම සාකච්ජාව ‌සදහා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වන එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන ඇතුලු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහභාගීව සිට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සාකච්ජාව සදහා මෙම පිරිස පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අවස්ථාවේදී එහි අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා සමග සාකච්ජාවක නිරතව සිට ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නොමැතිව තමන්ට ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ යුතු බවකි.

ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාගේ කාමරයෙන් පිටව යාමට කටයුතු කොට ඇත.

පසුව ආරම්භ වූ සාකච්ජාවේදී එස්. බී. දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා පත් කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් දැඩි කැපවීමක් කළ බවත්, එසේ තිබියදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධූර ලබා නොදෙන්නේ කවර කරුණක් නිසාද යන්නත්ය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සජබ මන්ත්‍රීවරුන් පස් දෙනකු කැබිනට් මණ්ඩලයට එක්වීමට සූදානමින් සිටින නිසා කැබිනට් මණ්ඩලය පත්කිරීම කල් ගිය බවකි.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කොට ඇති පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ කිසිදු සජබ මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක් නොවන බව කැට තියා කිව හැකි බවත්, ජනාධිපතිවරයාගේ කල් මැරිල්ල හේතුවෙන් එම අවස්ථාව මේ වනවිට අහිමිව ගොස් ඇති බවත්ය.

ඒ අනුව වහාම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස මෙහිදී දිසානායක මහතා ඇතුලු පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පැවසේ.

එමෙන්ම වත්මන් අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් සම්බබන්ධයෙන් යම් විවේචනයක් ඉදිරිපත් කොට ඇති මෙම පිරිස ජනාධිපතිවරයා ඔවුන්ගේ අදස්වලට අනුව කටයුතු කරන බවද සදහන් කොට ඇත.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම පිරිසද පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවත්, ඔවුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ අය බවත්, එම තාවකාලික කැබිනට් මණ්ඩලය තමන් ඉදිරියට රැගෙන ගිය බවත්ය.

ජනාධිපිතවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ එසේ නම් වහාම මෙම තාවකාලික කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ස්ථාවර කැබිනට් මණ්ඩලයක් පිහිටුවන ලෙසය.

තවදුරටත් කල් මරමින් නොසිට වහාම මෙය සිදු කරන ලෙසද මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාද අවසානයේ ඊට යම් එකගතාවක් පළ කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

කෙසේවෙතත් මෙම සාකච්ජාවෙන් පසුව පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම මේ පිළිබදව වැඩිදුරටත් මවන්ත්‍රී කණ්ඩායම සමග දීර්ඝව සාකච්ජා කිරීමටත් තීන්දු කර ඇති බවද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

SendShareShare
Previous Post

අගුණුකොළ බන්ධනාගාරයේ රැඳවියකු හොදි හට්ටියට වැටිලා මැරිලා! ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට එයි! (VIDEO)

Next Post

දේශපාලකයන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් නළුවන්ගෙන් කෝටි ගණන් සල්ලි වංචා කළ සුරූපී කාන්තාවක් CIDයෙන් අල්ලයි! හිටපු ආණ්ඩුකාරවරයෙක්ගෙන් කෝටි 80ක් අරන්! ව්‍යාපාරිකයෙක් කෝටි 22ක් දීලා! දේශපාලන නළුවෙක් කෝටි හතහමාරක් දීලා!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.