සෑම දරුවකුටම අධ්‍යාපන අයිතිය ඇති බවත් ඒ නිසා නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත යුතු බවත් පැවසූ විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය වඩාත් සක්‍රීයව ක්‍රියාවට නැංවිය යුතු බවත් පැවසීය.
අද වනවිට පෝෂණ ඌණතාවය හේතුවෙන් දරුවන් බරපතළ ප්‍රශ්න රැසකට ලක්ව ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය.
ජනාධිපති තනතුරු,අගමැති තනතුරු වැනි වරප්‍රසාද කිසිවක් නැතිව සමගි ජනබලවේගය ජනතාවාදී කටයුතු ඉටුකරන බව පැවසූ විපක්ෂ නායකතුමා, සමගි ජන බලවේගය යනු සම්ප්‍රදායික විපක්ෂයක් නොවන බවද පැවසීය.
දේශයේ දරු පරපුර සුහුරු ලොවක් තුළ ශක්ති සම්පන්න ලෙස ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව “සක්වළ” වැඩසටහන සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
එකී අරමුණු පෙරදැරිව තෝරාගත් පාසැල් සදහා බස් රථ පරිත්‍යාග කිරීමද සිදුකරන අතර ලෝක ළමා දිනයට සමගාමීව “සක්වළ” වැඩසටහන යටතේ 35වන පියවර ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000) බස් රථයක් බම්බලපිටිය, හින්දු විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබීය.























