• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපානය රනිල්ව දන්නේ ජේ.ආර්.‌ ගෙ බෑණා විදියටද? රාජපක්ෂවරුන්ගේ රැකවලා විදියටද?

October 5, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ජපානය රනිල්ව දන්නේ ජේ.ආර්.‌ ගෙ බෑණා විදියටද? රාජපක්ෂවරුන්ගේ රැකවලා විදියටද?
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකු මහජන ඡන්දයෙන් පත්කරගත යුතු වුවද මින් පෙර කිසිදා නොවූ විරූ අන්දමට රනිල් වික්‍රමසිංහ මහතා එකී තනතුරට පසුගිය ජූලි මාසයේ පත්වූවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙනි.
එසේ පත්වූ ජනාධිපතිවරයා සිය ප්‍රථම විදේශ නිල සංචාරය වශයෙන් තෝරාගත්තේ ජපානයට යෑමටය.
ඔහුට පෙරාතුව යථෝක්ත ධුරයේ රාජකාරි කළ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙපළ විසින් තෝරාගනු ලැබුවේ ඉන්දියාවට යෑමය.
නව ජනාධිපතිවරයා ජපන් සංචාරය ඇරැඹුවේ ඉන්දියාව ජපානය සහ චීනය ‘ලසාර්ඩ්’ මූල්‍ය උපදේශන කණ්ඩායම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කිරීමත් සමගය.
මේ වන විට උද්ගතව පවත්නා ආර්ථික අහේනිය නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිසරණ යදිමින් සිටියේය.
ණයහිමි ලෝක බලවතා ඒ ඉල්ලීම පරිදි ඩොලර් බිලියන 2.9ක් සැපයීමටද එකඟතාව පළ කළේය. එහෙත් ණයගැති ශ්‍රී ලංකාව සියලු ණයහිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තෙක් අරමුදලේ විධායක මණ්ඩලය එකී ණය මුදල අනුමත කිරීම ප්‍රමාද කළේය.
ඉන්දියාව සහ චීනය එලන දැල්වලින් මිදීමට වගබලා ගනිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා සූක්ෂ්ම අන්දමින් ආණ්ඩුව ගෙන යෑමට උත්සාහ දරන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි සහ දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දීර්ඝකාලීන ණය පහසුකම් සපයන ජපානය අපට හිතැති රටකි. අපේ හිස මතට පාත්වූ ආර්ථික හෙණ ගෙඩිය නිසා අපට වෙනත් රටවල් ළඟ දණින් වැටීමට සිදුව තිබේ. මේ නිසා ඉන්දියාවත් චීනයත් ඉල්ලන දේ දෙන්න වෙලා ජපානය එසේ ඉල්ලන්නේ නෑ. මේ ජනාධිපතිවරයාට හිතැති රාජ්‍ය නිලධාරියකු කියන කතාවයි.’

ඉහත සඳහන් වන්නේ ෑජදබදපහ භැංඑ වෙබ් අඩවිය රනිල්ගේ ජපාන සංචාරය පිළිබඳ පළ කළ නිවුස් එකකි. එම වෙබ් අඩවිය නම සඳහන් නොකරන රනිල්ට හිතවත් රාජ්‍ය නිලධාරියා කියන විදියට රනිල්ගේ උපාය චීනයටයි ඉන්දියාවටයි ගහගන්න දීලා ජපානය ලංකාවට ළංකර ගැනීමය. චීනය සහ ඉන්දියාව ඩිමාන්ඩ් දමනවා වගේ ජපානය ලංකාවට උදව් කරන්න ඩිමාන්ඩ් දමන්නේ නැතැයි රනිල් හිතන බව ඔහු එම වෙබ් අඩවියට පවසා ඇත.

2002 සාම ක්‍රියාවලියේදී රනිල් මේ වැඩේම කළේය. 2002 රනිල් අගමැති වෙන්න පෙර ජනාධිපති චන්ද්‍රිකා නෝර්වේ රටට ලංකාවේ සාමය සඳහා මැදිහත් වෙන්න යැයි ආරාධනා කර තිබිණි. නෝර්වේ මැදිහත් වීම නිල වශයෙන් සිදුවූයේ රනිල් අගමැති වුණාට පසුවය. නෝර්වේ රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සාකච්ඡා ආරම්භ කළේය. නෝර්වේ සාම නියෝජිතයෝ ප්‍රභාකරන් හමුවීමට වන්නි කැලයට ගියෝය. සාම ක්‍රියාවලිය ඉස්සරහට යද්දී නෝර්වේ සාම ක්‍රියාවලියේ ඒකාධිකාර බලයක් ගැනීම රනිල්ගේ කැමැත්තට හේතු නොවීය. මේ වන විට ඉන්දියාවද නෝර්වේ රෝල් එක ගැන සැක පහළ කොට තිබිණි. නෝර්වේ, එල්.ටී.ටී.ඊ. හිතවාදීය යන සැකයක් ඉන්දියාවට තිබිණි. රනිල් කළේ නෝර්වේ ඒකාධිකාරීත්වය පාලනය කරන්න ජපානය සාම ක්‍රියාවලියට එක්කර ගැනීමය. ජපානය ඒ සඳහා විශේෂ සාම නියෝජිතවරයෙක්ද පත් කළේය. ඔහු වන්නි කැලයට ගොස් ප්‍රභාකරන්ද හමුවිය. මෙය නෝර්වේ අපහසුතාවට පත් කළේය. හේතුව නෝර්වේ එල්.ටී.ටී.ඊ. සහ ආණ්ඩුව අතර පණිවුඩකරුවා ලෙස පෙනී සිටියදී රනිල් ජපානයද පණිවුඩකරුවකු ලෙස පත් කිරීමය. සාම ක්‍රියාවලිය තුළ නෝර්වේ ඔවුන්ගේ රටේ ලංකාවට ආධාර දෙන සමුළුවක් සංවිධාන කළේය. නෝර්වේ සමුළුවට එල්.ටී.ටී.ඊ.ය සහභාගි විය. ඉන් පසු ජපානය ටෝකියෝ ආධාර සමුළුව ලෙස නම්කොට ටෝකියෝහි ලංකාවට ආධාර දෙන සමුළුවක් සංවිධාන කළේය. එල්.ටී.ටී.ඊ.ය එය වර්ජනය කළේ නෝර්වේ සතුටු කරන්නද, නැත්නම් නෝර්වේ සහ ජපානය අතර ගැටුමක් ඇති කරන්නද යන්න පැහැදිලි නැත. හැබැයි ජපානය දමා නෝර්වේ භූමිකාව පාලනය කරන්න ගිහින් රනිල් සාම ක්‍රියාවලිය කඩාකප්පල් කරගත්තේය.

දැන් රනිල් බලන්නේ ඉන්දියාව සහ චීනය මැදට ජපානය දමාගන්නටය. රනිල් ජපානය ළං කරගන්න තවත් හේතුවක් වන්නේ ඉන්දියාවයි ඇමෙරිකාවයි අතර ලංකාව සම්බන්ධයෙන් තිබෙන එකඟතාවය. ඇමෙරිකාව ලංකාව සම්බන්ධව තීරණ ගත්තේ ඉන්දියාවේ උපදෙස් මතය. රනිල්ට ඕනෑ ඇමෙරිකාව සමග ඍජු සම්බන්ධතා පවත්වන්නටය. මේ වන විට රනිල් සහ ඇමෙරිකාව සමග සබඳතා හොඳ මට්ටමක නැත. ජපානය ඇමෙරිකාවේ මිත්‍රයෙකි. රනිල් උත්සාහ කරන්නේ ජපානය හරහා ඇමෙරිකාවේ හොඳ හිත දිනාගන්නටය. ඉන්දියාව හරහා ඇමෙරිකාව සමග ඩීල් කරනවාට වඩා ජපානය හරහා ඇමෙරිකාව සමග ඩීල් කිරීම පහසු යැයි ඔහු හිතයි.

ඒත් ජපානය ඉන්නේ ලංකාව ගැන හොඳ හිතින් නොවේ. ගෝඨාභයගේ ආණ්ඩුව කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තය (ඊස්ට් ටර්මිනල්) ඉන්දු-ජපාන හවුල් සමාගමට දීම නතර කළේය. එසේම ජපාන ලයිට් රේල්වේ ප්‍රොජෙක්ට් එකද නතර කළේය. ජපාන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇමැති නිමල් සිරිපාල අල්ලස් ඉල්ලූ බවට මෙරට ජපන් තානාපති කිව්වා යැයි විපක්ෂ නායකයා ප්‍රකාශ කර තිබිණි. ඔහු එම ප්‍රකාශ කරන විට ජනාධිපතිව සිටියේ ගෝඨාභයය. ගෝඨාභය වහාම නිමල් සිරිපාලව ඇමැති ධුරයෙන් ඉවත් කළේය. රනිල් ජනාධිපති වූ වහාම නිමල් සිරිපාලව චෝදනාවලින් නිදහස් කොට ඇමැති ධුරය දුන්නේය. ඒ දුන්නේත් ජපානය දුන් චෝදනා ප්‍රතික්ෂේප කරමින්ය. ජපානය හිතන්නේ රනිල්ගේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවේම කොටසක් ලෙසය. ජපානය අද රනිල්ව දකින්නේ ජේ.ආර්. බෑණා ලෙස නොව, රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙසය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඩොලර් මිලියන ගණනක තෙල් ගැහිල්ලක් දයාසිරි එළියට දමයි! කංචනට උත්තර දෙන්න පුලුවන් වෙයිද? (VIDEO)

Next Post

මැරුණාද මැරුවාද සැත්කමක් වැරදීද නංගියේ මහ හුඟක් වේදනා දැනුණාද?

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.