පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩිහිටි නිවාස සදහා ආහාර ලැබීම පෙරට සාපේක්ෂව 90% කින් පමණ අඩු වී ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සදහන් කරයි.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් වැඩිහිටි නිවාස හයක් පවත්වාගෙන යන බවත් ඔවුන්ගේ නියාමනය යටතේ පවත්වාගෙන යනු ලබන තවත් වැඩිහිටි නිවාස තුන්සිය හතලිස් නමයක් පවතින බවත් වාර්තා වේ.
මේ තත්ත්වය මත වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියළි ආහාර සපයන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.
නමුත් අවශ්‍ය තරම් සහයෝගය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලැබී නැති බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.
මේ නිසා වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය ආහාර සපයා ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධානවල උපකාර බලාපොරොත්තු වන බවද ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි. -අරුණ









