විදෙස් රටවල ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලවල සේවය කරන සේවකයන් හට මේ මස වැටුප මෙතෙක් ගෙවා නොමැති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් තානාපති කාර්යාලවල වැටුප එම මාසයේ 24 සහ 25 යන දිනයන්හිදී ගෙවනු ලබයි.
නමුත් අද දිනය වනතුරුත් එම වැටුප් ගෙවීමට රජය අපොහොසත් වී තිබේ.
පසුගිය කාල සීමාවේදී වැටුප් ගෙවා ගැනීමට නොහැකි වීම මත රටවල් කිහිපයකම තානාපති කාර්යාල වසා දැමීමටද ආණ්ඩුව පියවර ගෙන තිබිණ.










