• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයුධ ගත් දෙන්නෙක් තඹුත්තේගම බැංකුවට ආ ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 223ක සල්ලි කොල්ලකයි! සිද්ධිය දුටු වීර පොලිස් නිලධාරියෙක් තනිවම සටන් කොට දෙන්නාවම මෙල්ල කර සල්ලිත් බේරගනී! වෙඩි තිබ්බත් වාසනාවට පත්තු වෙලා නෑ! (VIDEO & PHOTOS)

September 27, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
ආයුධ ගත් දෙන්නෙක් තඹුත්තේගම බැංකුවට ආ ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 223ක සල්ලි කොල්ලකයි! සිද්ධිය දුටු වීර පොලිස් නිලධාරියෙක් තනිවම සටන් කොට දෙන්නාවම මෙල්ල කර සල්ලිත් බේරගනී! වෙඩි තිබ්බත් වාසනාවට පත්තු වෙලා නෑ! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී තඹුත්තේගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 223  කට ආසන්න මුදලක් මංකොල්ල කෑමට ගත් උත්සාහය තඹුත්තේගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකුගේ නිර්භීත මැදිහත්වීමෙන් වලක්වා ගැනීමට අද (26) පස්වරු‌වේ හැකි වී ඇත.

මංකොල්ලයට පැමිණි  ආයුධ සන්නද්ධ මංකොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කර ගෙන එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42313 ‘බුද්ධික කුමාර’ නිලධාරියා සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව තඹුත්තේගම පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 හා 50 වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් භාරයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතරොම් 01 ක්, මන්නා පිහියක්, අත්වැසුම්, ජංගම දුරකථනයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.    

අද (26) පස්වරු 02 ට පමණ තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී මෙම මංකොල්ලය සිදු කිරීමට උත්සාහ දරා ඇත.

අදාල බැංකුවට මුදල් තැන්පත් කිරීම සඳහා  මෝටර් රථයකින් පැමිණි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල්, මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නොමැති  යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා පැහැර ගැනීමට උත්සාහ දරා ඇත,

මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිණි අවිය හා තියුණු පිහිය සහිත ආයුධ සන්නද්ධ ව කොල්කරුවන් සිට  ඇති අතර, ඔවුන් ආයුධ පෙන්වා  ව්‍යාපාරිකයා බිය ගන්වා මුදල්  පැහැර ගෙන  ඇත.

සැකකරුවන් දෙදෙනා මුදල් මංකොල්ලකා පලා යන අවස්ථාවේ දී එම ස්ථානයෙන් ගමන්කළ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර නිලධාරියා නිර්භීතව ක්‍රියා කරමින් මෙම ආයුධ සන්නද්ධ සැකකරුවන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 223 ක මුදල ද පොලිස් භාරයට ගැනීමට එම අවස්ථාවේදීම කටයුතු කර ඇත. 

ඒ අවස්ථාවේ පොලිස් නිළධාරියා සමඟ ද පොර බැදූ කොල්ලකරුවෝ සැරයන්ට ද  ගිණි අවිය එල්ල කර ගිණි අවිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇතත්, එය ක්‍රියාත්මක නොවූ බව සිද්ධියට මුහුණ දුන් සැරයන්වරයා පැවසීය.

කොල්ලකරුවන්  සතුව තිබී මිරිස් කුඩු ද තමන්ගේ මුහුණට එල්ල කළ බවත්, කෙසේ හෝ  කොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කිරීමට තමන් කටයුතු කළ බවත් සැරයන් බුද්ධික කුමාර පැවසීය.

අනතුරුව තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් පැමිණ සැකකරුවන් දෙදෙනා හා ඔවුන් සතුව තිබූ ගිණි අවිය හා පතරොම් 1, තියුණු පිහිය හා සොරා ගැනීමට උත්සාහ කළ මුදල්, ඔවුන් පැමිණි යතුරු පැදිය ඇතුළු භාණ්ඩ කීපයක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් මේ වන විට තඹුත්තේගම පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර, තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී ජීව හසන්ත සිරිසේන ගේ උපදෙස් මත, තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති එන්.ජේ අතුකෝරළ ඇතුළු නිළධාරී පිරිසක් පරීක්ෂණ පවත්වති. ලංකාඊනිව්ස්-තිසර සමල් සහ පොලිස් නිල වෙබ් අඩවිය ඇසුරිනි.

තමුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු එම මුදල් සහ ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට#Police#arrested#thambuththegama#slpolicemediahttps://t.co/dOtTgA26IG pic.twitter.com/GsoFQGFS4x

— SL Police Media (@SL_PoliceMedia) September 26, 2022
SendShareShare
Previous Post

බයික් එකකින් ඇවිත් පන්නිපිටියේ ෆාමසියක් කොල්ල කයි! රුපියල් 50,000ක් අරන් ගිහින්!

Next Post

ටොරින්ටන් එකට බෞද්ධ කොඩි උස්සන් ආපු සරත් වීරසේකරලාට ජාතික කොඩි අරන් ආපු අයගෙන් එළිපිට විරෝධයක්! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.