සමාජවාදි ශිෂ්‍ය සංගමය ඊයේ (24) කොළඹදී සංවිධානය කළ විරෝධතාවය අතරතුර අත්ඩංගුවට පත් පිරිසෙන් 42 දෙනෙකු අද දහවල් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකරනු ලැබුවා.
එහිදී එම ශිෂ්‍ය ක්රියාකාරිකයන් මාධ්‍ය වෙත කියා සිටියේ ආණ්ඩුවේ මෙවැනි මර්දනකාරී ක්‍රියාවන් හරහා අරගලය කිසිසේත් නැවැත්විය නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පලවහැරීම තම අරමුණ බවයි.
සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු 83 දෙනකු ඊයේ අත්අඩංගුවට ගැනුණා.