මඩකලපු දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ ඉල්ලීම වෙනම වගා කන්න කලාපයක් බවත්, ඒ ඔස්සේ වෙනමම කාලසටහනක් ක්‍රියාත්මක කිරීම හරහා සහල් හිඟයට යම් පිළියමක් ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එසේම මඩකලපුව ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන සීමිත බවත්, වන අලි ගම්වැදීමේ ගැටලුවද දැඩිව පවතින බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මඩකලපු දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් ඊයේ (24) හමුවූ අවස්ථාවේදීයි.
මෙම ගොවි හමුවට ශානක්‍යන් රාසමානික්කම්, අමීර් අලි ඇතුළු නැගෙනහිර පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියා.





