ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳ සකස් කළ විශේෂ විගණන වාර්තාව, කරුණු විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.
විගණකාධිපති, ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කරුණු විමසීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන බවය.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර්, ලක්ෂ 21 කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ඇනවුම් කළේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, ඉන්දීය ගොවි පොහොර සමූපකාර සමාගමෙනි.
ඉන්දියාවේදී ඩොලර් 3 යි ශත 23 කට අලෙවි වූ නැනෝ දියර පොහොර මිලිලීටර් 500 ක්, ශ්‍රී ලංකාව මිලදී ගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් 12 යි ශත 45 කටයි.
නැනෝ නයිට්‍රජන් පොහොර මිලිලීටර් 500 ක් සඳහා ඉන්දියාවේ සිල්ලර මිලටත් වඩා රුපියල් 1,867 ක පමණ වැඩිපුර අගයක් ගෙවීමට මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවිය.
මෙම මුදල සම්පූර්ණයෙන් ඇනවුම් කළ පොහොර සඳහා වැය කළේ නම් එවක එහි වටිනාකම අනුව එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 7,841 ක පමණ අමතර වියදමකි.
මෙලෙස වැඩි මිලට නැනෝ නයිටජන් පොහොර ආනයනය පිළිබඳව එල්ලවූ චෝදනා හමුවේ විගණකාධිපතිවරයා මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.