• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

චාල්ස් හම්බවුණා තමයි හැබැයි ලංකාවට එරෙහි යෝජනාව ගේන්නේ බ්‍රිතාන්‍යය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 24, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
චාල්ස් හම්බවුණා තමයි හැබැයි ලංකාවට එරෙහි යෝජනාව ගේන්නේ බ්‍රිතාන්‍යය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2015 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා මණ්ඩල රැස්වීමට එවක ජනාධිපති මෛත්‍රීපාල ගියේ සිය පුතා වූ දහම් සිරිසේනද සමගය. එය මෛත්‍රීපාල ජනාධිපති වී සහභාගි වන පළමු මහා මණ්ඩල රැස්වීමය. මෛත්‍රී මහා මණ්ඩල රැස්වීමට ගොස් නිව්යෝර්ක් හෝටලයේ සිටියදී ඔහුට කොළඹින් දුරකතන ඇමතුමක් ලැබිණි.

‘සර්, සර්ගෙ පුතාට ඩේලි මිරර් පත්තරෙන් නැතිවෙන්න ගහලා…’

කලබල වුණු මෛත්‍රී අන්තර්ජාලයෙන් ඩේලි මිරර් පුවත්පත බලා එම ලිපියේ කොපියක් තමාට දෙන්න යැයි කීවේය. පහත දැක්වෙන්නේ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි.

‘දහම් මොනවද යූ.එන්. එකේ කරන්නේ? ජනාධිපති සිරිසේන තවම පැහැදිලි කිරීමක් කර නැහැ…’

‘අප තවමත් අපේ ප්‍රතිපත්තිය ලෙස සලකන්නේ මහින්ද ඔහුගේ පුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට රැගෙන යෑම සාධාරණීකරණය කළ නොහැකි බවයි. මෛත්‍රීපාලගේ එක්සත් ජාතීන්ගේ සංචාරයට ඔහුගේ පුත් දහම් සිරිසේන සහභාගි වීම අනුමත කළ නොහැකිය. දැනටම සමාජ මාධ්‍ය හරහා දහම් සිරිසේනගේ සංචාරය දැඩි ලෙස විවේචනය කරමින් කමෙන්ට් පළවේ…’
27.09.2015 ඩේලි මිරර්

මේ සැප්තැම්බර් මාසයේ 27 වැනිදා ඩේලි මිරර්, ජනාධිපති පුතාලා තාත්තලා සමග විදේශ සංචාරවල යෑම නිර්දය ලෙස විවේචනය කළ ආකාරයය. මේ, 2022 සැප්තැම්බර්ය. ජනාධිපති රනිල් පසුගිය සතියේ මහ රැජිනගේ අවමඟුලට සහභාගි වීමට ලන්ඩන් නුවරට ගියේය. මෛත්‍රීපාලගේ එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී දහම් හිටි හැටියේ ලන්ඩනයෙන් මතු වූවා සේ රනිල්ගේ මස්සිනා වන ඩේලි මිරර් කොම්පැනියේ හිමිකරු රුවන් විජේවර්ධන රනිල්ගේ ලන්ඩන් සංචාරයෙන් මතුවිය. ඩේලි මිරර් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. හැබැයි සමාජ මාධ්‍ය මහා කෝලාහලයක් කළේය. ඒ, මහින්දලා වගේම පවුලම සවාරි ගහනවා කියාය.

‘රනිල් ඇයි මහ රැජිනගේ අවමංගල්‍යයට ගියේ…’

අද මුළු ලෝකයේම ලංකාව ගැන නිවුස් යන්නේ ලංකාවේ දරුවන් කන්න නැතිව බඩගින්නේ මැරෙනවා කියාය. රනිල්ගේ ආණ්ඩුවත් ලංකාවේ ආහාර අර්බුදයක් තියෙනවා කියමින් ලෝකෙටම හඬගා කියයි. ඒ අර්බුදය විසඳන්න ආධාර කරන්න කියා ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ නාහෙන් හඬයි. එහෙම තියෙද්දී පවුල් පිටින් රැජිනගේ අවමඟුලට යෑම ලංකාව ගැන සානුකම්පිතව බලන ලෝක ප්‍රජාව කොහොම හිතනවාද කියන්න දන්නේ නැත.

අනෙක අද මහා බි්‍රතාන්‍යයේ රජ්ජුරුවෝ ලෙස පත්ව සිටින චාල්ස්ට හෝ රජ පවුලට ලංකාවට කරන්න පුළුවන් කෙහෙම්මලක් නැත. රනිල්, චාල්ස් රජු සමග තකාබහ කරද්දී චාල්ස් රජුව නඩත්තු කරන බි්‍රතාන්‍ය ආණ්ඩුව ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානමින් සිටී. ලංකාවට එරෙහිව ආ භයානකම යෝජනාව මෙය වන අතර ලංකාවේ මානව හිමිකම් කඩකළ අයට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවටත්, ජාත්‍යන්තර අධිකරණයකදී දඬුවම් දිය යුතු බවටත් එම යෝජනාවෙන් නිර්දේශ කර තිබේ. මහින්දගේ ආණ්ඩු කාලයේවත් ගෝඨාභයගේ ආණ්ඩු කාලයේවත් මෙවැනි බරපතළ දරුණු යෝජනාවක් ලංකාවට එරෙහිව ඉදිරිපත් නොවීය. රනිල් හරි නම් යා යුතුව තිබුණේ රැජිනගේ මළගෙදරට නොව, ජිනීවාවලටය.

ජිනීවාවලට ගොස් මේ යෝජනාව වළක්වා ගන්න හෝ යෝජනාවේ සැර බාල කරගන්න රනිල් උත්සාහ ගත යුතුව තිබිණි. හේතුව, මේ යෝජනාව එන්නේ යුද්ධය කාලයේ මානව හිමිකම් කඩවීමට එරෙහිව පමණක් නොවේ. පාස්කු ප්‍රහාරය, රනිල්ගේ ආණ්ඩුව ත්‍රස්ත පනත යොදාගෙන අරගලය මර්දනය කිරීමට එරෙහිවත්, මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබේ. මේ යෝජනාවට මුහුණ දෙන්න රනිල්ගේ ආණ්ඩුව යැව්වේ විදේශ ඇමැති අලි සබි්‍ර සහ විජයදාස රාජපක්ෂවය. ඔවුන් යෝජනාවට උත්තරයක්වත් දෙන්නේ නැතිව මාරු විය. අලි සබි්‍ර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ගියේය.

‘ඇයි රනිල් යූ.එන්. එකට ගියේ නැත්තේ…?’

රැජිනගේත්, ජපානයේ හිටපු අගමැති අබේගේත් මළගෙවල්වල යනවාට වඩා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ගොස් අද ලංකාව මුහුණ දෙන අර්බුදය ගැන ලෝකෙටම ඇහෙන්න කිව්වා නම් ලංකාව ගැන ලෝකයේ අවධානය යොමුවෙයි.

රනිල් යූ.එන්. එකට ගියේ නැත්තේ වෙන මොනවාවත් හින්දා නොවේ. යූ.එන්. එකට ගිහින් විදේශ රාජ්‍ය නායකයන් හමුවෙන්න අවස්ථාවක් ලබාගන්න නොහැකි වුවහොත් එය ඔහුට මදිකමක් වන නිසාය. රැජිනගේ මළගෙදර යන හැම රාජ්‍ය නායකයාවම පොදු හමුවකදී චාල්ස් රජු හමුවන බව රනිල් දනී. ජපානයේ හිටපු අගමැතිගේ අවමඟුලට යන රාජ්‍ය නායකයන්වත් ජපානයේ අගමැති හමුවීමට නියමිතය.

හැබැයි යූ.එන්. එකේ එහෙම නොවේ. රාජ්‍ය අරගලයක් ත්‍රස්ත පනත යොදා මර්දනය කළ රාජ්‍ය නායකයෙක් හමුවෙන්න ලොව බලවත් රටවල රාජ්‍ය නායකයන් කැමැති වන්නේ නැත.

ඇත්ත කතාව ඒකය. පොදු හමුවකදී චාල්ස් රජු හමුවී වචන දෙක තුනක් කතා කිරීමෙන් ලංකාවට ලැබෙන සෙතක් නැත. චාල්ස් කුමාරයා ලෙස 1997 ලංකාවේ නිදහස් උළෙලට ආවේය. මහින්දගේ ආණ්ඩු කාලයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක රැස්වීමට ආවේය. රැජින පුද්ගලිකවම මෛත්‍රී හමුවූවාය. මේ නිසා ඒක මළගෙදරක ආවාම ස්තුතියි කියන හමුවකි. අද ලංකාව බරපතළ ආර්ථික අර්බුදයක සහ ජාත්‍යන්තර අර්බුදයකට මැදිවී ඇත. ආර්ථික අර්බුදයටත් වඩා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිර්මාණය කොට ඇති ජාත්‍යන්තර අර්බුදය භයානකය. මේ අර්බුදවලට පිළියම් හොයන්නේ නැතිව මළ ගෙවල්වලට ගියාට හම්බවෙන්නේ ‘තෑන්ක් යූ’ නැතහොත් ‘ස්තුතියි’ කියන වචන විතරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ළමයින්ට දෙන ත්‍රිපෝෂවලත් වහ! ඔබතුමන්ලා ඇමැතිකම් අරගෙන ආතල්-සැප ගන්න! හැබැයි ළමයින්ට වස දෙන්න එපා! (VIDEO)

Next Post

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.