• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජුන් තනපු රජුන් හදපු හම්බන්තොට ගමක ළමයි 80%කටම මන්දපෝෂණය! සූරියවැව සංචාරයකින් පසු වෛද්‍යවරයෙක් කරපු ඇඟ කිළිපොළා යන හෙළිදරව්ව!

September 21, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ආහාර උද්ධමනයෙන් ලෝකයෙන්ම 5 වන තැන ලැබූ ලංකාව තවත් ලෝක වාර්තාවක් තියයි! ළමා මන්දපෝෂණයෙන් ලෝකයෙන්ම 6 වන තැන! දකුණු ආසියාවෙන් 2!
Share on WhatsAppShare on Facebook

සූරියවැව සෞඛ්‍ය කොට්ඨාශයේ සිදුකළ සමාජ සමීක්ෂණයකදී දරුවන්ගෙන් 80%ක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බව අනාවරණය වූ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්වයට ගොදුරු වී තිබෙන බවට අප කළ සමාජ සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. එම නිසා කොළඹට වී සිට ගම ගැන කතා නොකර වගකිවයුතු බලධාරීන් වහාම ගමට ගොස් නිසි විද්‍යාත්මක අධ්‍යනයක් කර ඊට නිසි විසඳුම් ලබා දීමට කඩිනම් පියවරක් ගත යුතුව ඇති බවත්, එසේ නොවුනහොත් දරු පරපුර දරුණු අඝාදයකට ඇදවැටෙණු ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පැවසීය.

බලධරයෙනි ගමට ගිහින් බලන්න! සූරියවැව දරුවන්ගෙන් 80% කට මන්දපෝෂණය!
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා මාධ්‍ය දැනුවත් කල අයුරු.
 
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පෙරේදා (19දා) සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ ජනතාව පිළිබඳව සිදුකළ සමාජ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ. මෙහිදී වෛද්‍යවරුන් පිරිස විසින් ගම්මානයේ පදිංචි ජනතාවගේ නිවෙස් වෙත ගොස් එහි සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්වය හා පෝෂණ තත්වය පිළිබඳව සොයා බැලීමක නිරත වූ අතර එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

අප කළ නිරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණ තත්ත්වයන් පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජනතාව සමග අපි කතා කළාම අපට අනාවරණය වුණු එක් කරුණක් තමයි ගෙවුණු මාස හයක කාලයක සිට තමයි ජනතාව මේ තත්වයට පත්වෙමින් තිබෙන්නේ කියන එක. එහිදී දෙමාපියන් අපත් සමග කිව්වේ සතියකට දවස් දෙක තුනක් තමයි කුළියකට යන්න තියෙන්නේ. ඉතින් ඒ ලැබෙන මුදල ලයිට් බිල්, වතුර බිල් ගෙවුවම ඉවරයි. ඉතුරු වෙන කීයකින් හරි බඩවියත රැකගන්න හාල් පොල් ටිකක් ගන්න කොට මස් මාලු බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි ඒඅය කියන්නෙ. මේ ගමේ ඇවිද ගිය අපට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුනේ මාසෙකට දවස දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක්. හැමෝම කිව්වේ බිත්තර මස් මාළු කන්න තියා එදිනෙදා ජිවත්වීම පවා මේ වන විට අසීරු වී තිබෙන බවයි.

ගම්මානයේ පදිංචි වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත් අප වෙන වෙනම නීරක්ෂණය කළා. එහිදී දැකගන්න ලැබුනේ දරුවන්ගෙන් සියයට තිහක් විතර මේ වන විට උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙලා තිබෙන බවත්, සියයට පනහක් මද මන්ද පෝෂණ තත්වයට පත්ව ඇති බවත් ඉතිරි සියයට විස්සද මන්ද පෝෂණ තත්ත්වයට ළඟාවෙමින් තිබෙන බවයි. බොහෝ පවුල්වල දරුවන් තුන්දෙනයි. තුන් දෙනාම මන්ද පෝෂණ තත්වයේ තමයි පසු වෙන්නේ. ඉතින් ඒ ළමයි වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා වෙනම ආහාර වැඩසටහන් පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති නමුත් ජනතාව පවසන්නේ ඒ සඳහා යෑමට තරම්වත් පසුබිමක් මේ පවුල් වෙත නොමැති බවයි. ඉතින් බලධාරීන් මේ වෙලාවේ කළ යුත්තේ ගමේ ඉන්න මේ දුප්පත් ජනතාවට කොහෙට හරි එන්න කියලා වැඩසටහන් කරන එක නෙමේ නිලධාරීන් ගමට ගිහින් මේ ජනතාවගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනිමයි.

කොළඹ ඉදන් බොහෝ නිලධාරීන් අපි දකිනවා ගම ගැන කතා කරනවා ඇහෙනවා. අපි මේ ගමට ගියාම මේ ජනතාව පුදුම වේදනාවකින් කතා කළේ. ඒ නිසා අපි ආරාධනා කරනවා හැමෝටම එන්න මේ අසරණ මිනිස්සු වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් කරන්න මැදිහත් වෙන්න කියලත්. අපිට දැනගන්න ලැබුණා සූරියවැව ඇතැම් පාසැල්වල උදෑසන රැස්වීමේදී ළමයි විශාල ප්‍රමාණයක් නිසි පෝෂණයක් නොමැතිකම නිසා ක්ලාන්තය දමා ඇද වැටෙන බව. ඒකට හොඳම නිදසුන තමයි පසුගිය දවසේ සූරියවැව නමඩගස්වැව මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම මේ වන විට නවතා දමා තිබෙනවා දරුවන් ක්ලාන්තය හැදී බිම ඇදවැටීම නිසා. ඒ විතරක් නෙමේ පාසලේ ගුරුවරු විසින් පාසලේ වෙනම ආහාර බැංකුවකුත් පවත්වාගෙන යන බවට අපට තොරතුරු අනාවරණය වුණා. එහිදී ගුරුවරු විසින් වැඩිපුර පාසලට කෑම පාර්සලය දෙක බැගින් ගෙනත් ආහාර තබන ස්ථානයේ ගබඩා කර තබන අතර ආහාර නොමැති දරුවන්ට ඉන් කෑම පාර්ශලයක් ලබා ගැනීමට ඉඩකඩ සකස් කර තිබෙනවා. ඉතින් මේ තත්වය කඩිනමින් වෙනස් කළ යුතුයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර (දිවයින)

SendShareShare
Previous Post

ලන්ඩනයේ රනිල් නැවතී සිටි ‌සුපිරි හෝටලය ඉදිරිපිට රනිල්ට එරෙහිව විරෝධතාවක්!

Next Post

චීනය ඩොලරයට අභියෝග කරයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.