විදුලි බිල අඩු කර ගැනීමට අවශ්‍ය නම් පන්සල්වල සූර්ය බල පැනල සව් කරගන්නා ලෙස විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියේය.
එහිදී කිරිඇල්ල මහතා විමසා සිටියේ එසේ නම් ඊට ආධාර ලබා දෙන්නේද කියාය.
නමුත් ඊට කංචන විජේසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ නැත.










