• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය ගෙනා ගෝඨාව ඉන්දියාව හයිජැක් කළාද?

September 21, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
චීනය ගෙනා ගෝඨාව ඉන්දියාව හයිජැක් කළාද?
Share on WhatsAppShare on Facebook

විමල් වීරවංශ ඇතුළු ස්වාධීන පක්ෂ එක්වී නව සන්ධානයක් පිහිටුවා ගැනීම පසුගිය සති අන්තයක ගාම්භීර ලෙස සිදුවිය. මෙම අවස්ථාවට මෙරට චීන තානාපතිද ප්‍රධාන ආරාධිතයෙක් ලෙස සහභාගි විය. ඔහු ඇතුළු අමුත්තන් ඉදිරිපිට විමල් කීවේ ගෝඨාභය රාජපක්ෂ ගැන 2019ට කලින් තමන් දරපු මතය ඔහු ජනාධිපති වූ පසු වැරැදි බව ඔහුට තේරුම් ගිය බවය. ගෝඨාභය ජනාධිපති වූ පසු දැඩි ඇමෙරිකානු හිතවාදියකු වූ බවත්, එයට හේතුව ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය විට ඇමෙරිකාවේ පදිංචියට යෑමට සැලසුම් කර සිටි නිසාත්, ඔහුගේ බිරිය සහ පුතා ඇමෙරිකානු පුරවැසියන් වූ නිසා ඔහු ඇමෙරිකාව සමග ගැටුම් ඇතිකර ගැනීමට බිය වූ බවය.

විමල් වෙනත් වචනවලින් කියන්න උත්සාහ ගත්තේ ගෝඨාභය ජනාධිපති වෙන්න කලින් චීන හිතවාදියෙක්ව සිටි බවය. විමල්ගේ කතාව ඇත්තය. 2014 ඉන්දියාව කෝප ගන්වමින් චීනයේ සබ්මැරීනවලට ලංකාවට එන්න අවසර දුන්නේ එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභයය. 2014 ඔක්තෝබර් 20 ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස දිල්ලියට ගොස් ඉන්දියාවේ ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් (Ajith Doval) හමුවිය. එහිදී අජිත් ඩොවාල් ගෝඨාභයට කීවේ චීනයේ සබ්මැරීන් කොළඹ වරායට පැමිණීම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවය. ගෝඨාභය එම සංචාරයට පසු ලංකාවට පැමිණ තවත් චීන සබ්මැරීන් යානයකට ලංකාවට එන්න අවසර දුන්නේ ඉන්දියාව කෝපයට පත්කරමිනි.

ගෝඨාභය මේ සබ්මැරීන් යානයට එන්න අවසර දීමෙන් පසු 2015 ජනාධිපතිවරණය පැවැත්වීය. ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය විය. ගෝඨාභයට ආරක්ෂක ලේකම් ධුරය අහිමි විය.

ගෝඨාභයට ආරක්ෂක ලේකම් ධුරය අහිමි වීමෙන් පසු විදේශ පුවත්පත් කලාවේදීන්ගේ සංගමය හමුවූ විටදී 2017 මාර්තු 27 ඉන්දියාව කලඹන ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ ඉන්දියාව ආණ්ඩු පෙරළිය පසුපස සිටියා යැයි කියාය. ඔහු එම ප්‍රකාශය කොට දින කිහිපයකින් චීනයේ ආරක්ෂක සමුළුවකට චීනය බලා පිටත්ව ගියේය. එම සමුළුවට ආරාධනා කරන්නේ ලොව ආණ්ඩුවල ආරක්ෂක ප්‍රධානීන්ට වුවද විපක්ෂයේ සිටි ගෝඨාභයට චීනය විශේෂ ආරාධනයක් කර තිබිණි. ඉන් ටික කලකට පසු ගෝඨාභය ඔහුට එරෙහිව උසාවියේ ඇති නඩුවලින් බේරෙන්න මාසයක පමණ කාලයක් චීනයේ අධ්‍යාපන චරිකාවක නිරත විය. එම ශිෂ්‍යත්වය ඔහුට ලබාදී තිබුණේද චීනයය.

ගෝඨාගේ මේ චීන හාදකම වර්ධනය වෙද්දී ඉන්දීය අගමැති මෝදි ලංකාවට ආවේය. ගෝඨාව ඉන්දීය අගමැති මෝදිට මුණගස්වන්න රාජපක්ෂ පවුලට ඕනෑ විය. ගෝඨාගේ ඉන්දීය විරෝධය නිසා තමන්ගේ ඉන්දීය සබඳතාවලට හානි වේ යැයි මහින්ද රාජපක්ෂ සහ බැසිල් සිතූහ. මෝදි, මහින්ද හමුවීමට වේලාවක් දුන් අතර මහින්ද එම හමුවට ගෝඨාවද සම්බන්ධ කරගැනීමට ඉන්දියාව එකඟ කරගත්තේය. මහින්ද, ජී.එල්., ගෝඨාභය, මෝදි හමුවුවත්, මෝදි, ගෝඨාභය සමග වචනයක්වත් කතා කළේ නැත. මේ වෙනකොටත් ගෝඨාභය 2019 ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමින් සිටි අතර ඔහු මෝදි හමුවීමෙන් පසු ඉන්දියාව සමග සබඳතා හදාගන්න උත්සාහ කළේය.

2019 ගෝඨාභය ජනාධිපති වූ විගස චීන විදේශ ඇමැති මාධ්‍යවලට කීවේ ගෝඨාභය තමන්ගේ පරණ මිතුරකු බවය. ඒත් ගෝඨාභය ජනාධිපති වූ විගස ගියේ ඉන්දියාවටය. ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (East Terminal) දිය යුතු බව ප්‍රසිද්ධියේ කීවේය. මේ වන විට චීනය ගෝඨාභයට චීනයට එන්න ආරාධනා කර තිබිණි. ආරාධනාව කළේ චීන ජනාධිපතිය. ඒත් කොවිඩ් 19 පිට දමා ගෝඨාභය චීනයට ගියේ නැත. චීනය මවිතයට පත්විය. ගෝඨාභය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා යාපනයේ දූපත්වල පටන් ගන්න ගිය චීන විදුලිබල ව්‍යාපෘති නතර කරන්න කියා චීනයට කීවේය. චීනය එම ව්‍යාපෘති ඉවත් කරගත්තේ ඉන්දියාවට චෝදනා කරමින්ය. ඒ සමගම ගෝඨාභයගේ ආණ්ඩුව චීනයෙන් ආ පොහොර නැව ලංකාවේ භාවිතයට නුසුදුසු යැයි කියා නැව ලංකාවට භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. චීනය එය සැලකුවේ තමන්ට කළ අපහාසයක් ලෙසය. ආර්ථික අර්බුදය පටන් ගත්තේ ඉන් පසුවය. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති ලෙස චීනයෙන් ණය ආධාර ඉල්ලුවත් චීනය එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඉන්දියාව ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් වූයේ මේ අතරතුරදීය.

2019ට පෙර ගෝඨාභය චීනය නිර්මාණය කළ නායකයෙකි. චීන හිතවාදී විමල් වීරවංශලා ගෝඨාට සහාය දැක්වූයේ ඒ නිසාය. ඒත් අද විමල් කියන්නේ තමන්ට වැරැදුණු බවය. විමල්ට පමණක් නොව චීනයටත් වැරැදුණු බව ඔහු කියන්නේ නැත. නමුත් ඇත්ත ඒකය. චීනය හදපු ගෝඨාව ඉන්දියාව ඩැහැගත්තේය. චීනය රටවල් ණය උගුල්වල පටලවන්න දක්ෂය. ඒත් දේශපාලන උගුල් ඇටවීමේ ඉන්දියානු විශේෂඥතාව සමග චීනයට හැප්පෙන්නට බැරිය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ තුනෙන් එකකට කන්න නෑ! පවුල් 10කින් 8ක්ම වේලක් මග හරිනවා! නැත්නම් කන්නේ ණයට! නගරයෙයි වතුකරයෙයි තත්ත්වය බරපතළයි! ලෝක ආහාර වැඩසටහනේ අලුත්ම වාර්තාව මෙන්න!

Next Post

ළමයින්ටයි ගැබිණි අම්මලාටයි විස තියෙන ත්‍රිපෝෂ බෙදාහැරලා! වැඩේ පත්තු වීමත් එක්ක ආපහු එකතු කරගෙන!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.