• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා ගෑස් හොරකම… මෙන්න අලුත්ම හොරකම චරිත එළියට දමයි…

September 20, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මහා ගෑස් හොරකම… මෙන්න අලුත්ම හොරකම චරිත එළියට දමයි…
Share on WhatsAppShare on Facebook

මෑත කාලීන දේශපාලන ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතළොස්සක් හැර සෙසු සියලු දෙනාම ඉතා අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති අය ලෙස හඳුනාගත හැකියි. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නොවුණු ජනතා නියෝජිතයන් කිහිප දෙනකුම මේ වන විටද පාර්ලිමේන්තුව නියෝජනය කරන බව සියලු දෙනා දන්නා කරුණකි. එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන, විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයට පත්ව විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධි ලැබූවන් අතළොස්සක් හෝ සිටීම සතුටට කරුණකි. ඒ අතර, චරිත හේරත් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට පිවිසි මාහාචර්යවරයකු ලෙස හඳුන්වා දිය හැකිය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තේරීපත්ව මෙරට රාජ්‍ය ආයතන කිහිපය සිදුව තිබූ අක්‍රමිකතා සහ මූල්‍ය වංචා රාශියක් හෙළිකර ගන්නට ඔහු දැක්වූ දායකත්වය සුවිශාලය. දේශපාලනික වශයෙන් කුමන මතයක් දැරුවද වංචාවට, දූෂණයට එරෙහිව හඬ නගන මහාචාර්ය චරිත හේරත් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියි. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් පසුගිය 10 වැනිදා සංවිධාන කළ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය චරිත හේරත් මහතා, මෑත කාලයේ මෙරට සිදුවූ අතිවිශාල මූල්‍ය වංචාවන් කිහිපයක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකරන්නට යෙදිණි. මෙලෙස පළවන්නේ ඔහු සිදුකළ හෙළිදරව්වේ සුවිශේෂ උපුටාගැනීමකි.

තමුන්නාන්සේලා දකින්න ඇති මේ රටේ පාර්ලිමේන්තුව ඉතා පිළිකුල්සහගත තැනකට ගිහිල්ලා තිබුණා පසුගිය කාර්තුවේ. පාර්ලිමේන්තුවට යන බොහෝ අය ඒ වගකීම හරියට ඉටු කරන්නෙ නැති නිසා. ඒ වගේම ඇමැතිවරු විදියට පත්වෙන බොහෝ අය විශාල වශයෙන් මේ දූෂණවලට සම්බන්ධ වෙන නිසා අපේ රටේ පාර්ලිමේන්තුව සමාජයෙ පිළිකුල් කරන තැනකට ඇවිල්ලා තිබුණා. කෝප් කමිටුව හරහා තමුන්නාන්සේලාගේ මහජන මුදල්වලින් එක රුපියලක්වත් ගසාකන හොරාකන කවුරු වුණත් ඒ වෙනුවෙන් අපට කතා කරන්න පසුගිය අවුරුදු දෙකේ පුළුවන් වුණා. මෙතැන ඉන්න අයගෙන් කාරකසභාවක සභාපතිවරයෙක් විදියට වැඩ කළේ මම. මම මේ දේශපාලනයට ආවෙම මේක සාකච්ඡාවෙන් එහාට ගිහිල්ලා සමාජය ඇතුළේ කතා කරන්න තරමට ලොකු ප්‍රශ්නයක් නිසා. ඒ නිසා අපේ රටේ මහජන මුදල් අයිති තමුන්නාන්සේලාට. තමුන්නාන්සේලා වෙනුවෙන් ඒක බලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225. ඒක තමයි නොබලන එක. ඒක තමයි ආරක්ෂා නොවන එක. ඒක නිසයි අද විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මහජන මුදල් පිළිබඳ තනි තීරණ ගන්න විධායකයටවත් අපේ රටේ ව්‍යවස්ථාව ඇතුළේ බෑ. ජනාධිපතිට අයවැය සම්මත කරන්න බෑ. ඇමැතිවරයකුට තමන්ගෙ වැය ශීර්ෂය සම්මත කරගන්න බෑ. ඇමැතිවරු ජනාධිපති කියන්නේ විධායක පද්ධතිය. විධායකයට බෑ තමුන්නාන්සේලාගෙ මුදල් ගැන තීරණ ගන්න. විධායකයට බෑ වැය ශීර්ෂ අනුමත කරන්න. ඒක කරන්නේ ඕගොල්ලො අපි වෙනුවෙන් ඉන්න අපි හැමෝගෙම නියෝජිතයෝ. පාර්ලිමේන්තුව. හැබැයි මේක පාර්ලිමේන්තුව හරියට කරන්නෙ නැති නිසා මුළු සමාජයම පාර්ලිමේන්තුව දුරස් කරන තැනකට ගිහිල්ලා තිබුණා. කෝප් කමිටුවේ අපේ පහුගිය අවුරුදු දෙකේ මැදිහත් වීම ඇතුළේ අපි බැලුවේ ඇස්පනාපිට මහ දවල් කරන හොරකම් කොහොමද නවත්වන්නේ කියලා.

තමුන්නාන්සේලා දන්නවා ඊයේ පෙරේදා ගෑස් සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් අපේ රටේ ඇතිවුණා. මේ අම්මලා තාත්තලා අපිට බැණ බැණ පාරේ ගෑස් ගන්න හිටියා. මගේ අම්මත් මට බැන්නා. මොකක්ද මේ වෙන්නේ කියලා. හැම දෙනාම ගෑස් නැතුව සමාජය මාස අටක් තෙරපුවා. කවුරුවත් දන්නේ නෑ ඇයි මෙහෙම කෙරුවේ කියලා. මෙහෙම කෙරුවේ කණ්ඩායම් දෙකක් එකතු වෙලා ගෑස් ගේන්න එක සමාගමකට කොන්ත්‍රාත් එකක් දුන්නා. ඊළඟට ආපු ගෑස් සභාපතිවරයා ඒක නැවැත්තුවා. මේකට තරහා වෙලා ඒ ගෑස් සමාගම් දෙකේ නියෝජිතයෝ දෙගොල්ලක් රණ්ඩු වුණා එළියේ. මේ රණ්ඩුව කොච්චර දුර ගියාද කියනවා නම් මාස 08ක් මේ රටේ ජනතාවට ගෑස් නැතුව පාරේ දුක් විඳින්න වුණා. මේක ඉවර වුණේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් දුන්නා ආණ්ඩුවට මේ ගෑස් ගේන්න කියලා. අපේ ආණ්ඩුවෙනුත් තව ඩොලර් මිලියන 20ක් දාලා ඔක්කොම ඩොලර් මිලියන 90ක් දැම්මා ආයෙත් ගෑස් ගේන්න. මුලදී ප්‍රතික්ෂේප වෙච්ච කම්පැනිය අලුත් මිනිහෙක් දාලා අපට ගෑස් මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 96කට ලැබෙන්න තිබුණේ. ඩොලර් 96කට ගෑස් මෙටි්‍රක් ටොන් එකක් ගන්න තිබුණු වෙලාවෙ ඩොලර් 129කට ඒක ගන්න අර කම්පැනියත් එක්ක එකතු වෙලා ගැහුවා ගිවිසුමක්. ලෝක බැංකුවෙන් අපි අමාරුවෙ වැටිච්ච වෙලාවෙ දීපු ආධාර මුදලත් ගසාකන තැනට අපේ රටේ කණ්ඩායම් පත් වුණා. ඒක හින්දා අද ගෑස් එන නිසා අපට මේක ගැන වැඩිය කතා කරන්න බෑ. මොකද අපේ රටේ ජනතාවට ගෑස් ඕනෙ. හැබැයි ඒ ජනතා වුවමනාව පෙන්නලා රුපියල් මිලියන 1,300ක් මේ ගනුදෙනුවෙන් අයින් කෙරුවා. රුපියල් මිලියන 1,300ක් කියන්නේ බිලියන 1.3ක්. මේ මුදල ගත්තේ කවුද? මම අද මාධ්‍යයට කියන්නේ මේ මුදල ගත්තේ කවුද? බෙදුවේ කොහෙද? කාටද ගියේ කියන එක මේ රටේ අහිංසක ජනතාව දන්නෙ නෑ. ඒ නිසා මිත්‍රවරුනි මේක බරපතළ දූෂණ ගොඩක් එක්ක යන්නේ. මේක නිවැරැදි කරන්න තමයි අපි 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ඉස්සරහට ගෙනල්ලා මේ වැඩේ අතට ගත්තේ. අපි හිතුවේ රාජපක්ෂ පවුලේ වුණාට සාටකය දාන්නෙ නැතුව ටයි එක දාන මේ මහත්තයා රාජපක්ෂ පවුලේ දේශපාලනයට වඩා විධද්ග විද්වත් ඉහළට යන දේශපාලනයක් කරයි කියලා. ඒක වැරැදුණා. ඒ වැරැද්ද නිවැරැදි කරන්න අපට වගකීමක් තියෙනවා. මේ අම්මලා තාත්තලාගේ ඡන්දෙ වෙනුවෙන් අපි වැඩ කරලා ඒ වැඩෙන් එළියට යන්න අපට වගකීමක් තියෙනවා. ඒ වගකීම කරන්නයි මිත්‍රවරුනි අපි යන්නේ. මොන අපහාස ආවත්, මොන විවේචන ආවත්, මම කලින් කිව්වා වගේ මගේ මෑණියන්ගේ ඉඳලා ඕනෙ කෙනකුට මොන විදියේ විවේචන ආවත් අපි හැමෝම මේ ප්‍රශ්නෙන් එළියට යන්න ඕනෙ. මේ රටේ දේශපාලනය පවුල්වාදයෙන් නිදහස් කරන්න ඕනෙ. මේ රටේ රාජ්‍ය පාලනය දූෂණයෙන් නිදහස් කරන්න ඕනෙ. මේ රටේ කුසලතාව මේ අහිංසක අම්මලාගේ දරුවන්ට ඉහළට යන්න පුළුවන් රටක් අපි හදන්න ඕනෙ. මේ රටේ කුසලතාව පාගලා තියෙන්නේ දේශපාලනය විසින්. රටේ හොඳම ගායකයා වෙච්ච අමරදේවගේ පුතා සින්දු කිව්වා. හොඳම ගායකයා වුණේ නෑ. රටේ හොඳම නළුවා වෙච්ච ගාමිණී ෆොන්සේකාගේ පුතා රඟපෑවා. නමුත් හොඳම නළුවා වුණේ නෑ. නමුත් රටේ ජනාධිපතිලගෙ පුතාලා එහෙම වෙන්නේ නෑ. මෙන්න මේ දේශපාලනය පරද්දන්නයි නිදහස් ජනතා සභාව ඉදිරියට එන්නේ කියලා මම තමුන්නාන්සේලාට ඉතා ගෞරවයෙන් කියන්න කැමැතියි.

කෝප් සභාපතිට බෑ ඒ කොම්පැනියට නඩු දාන්න ඒ ෆයිල් එක අරගෙන යන්න. අපි දැනට ඉල්ලලා තියෙනවා ඒක අඩු ගානේ නීතිපතිට යවන්න අවසර දෙන්න කියලා. එහෙම නෑ. අපට තියෙන්නේ ක්‍රම තුනයි. පළමු ක්‍රමය තමයි එන සෙකටි්‍රට නියෝගයක් දෙන එක මේකට විරුද්ධව නඩු දාන්න කියලා. දෙවැනුව අපි පාර්ලිමේන්තුවට රිපෝට් එකක් යවලා මන්ත්‍රීවරුන්ට කියනවා මේ සම්බන්ධව තීරණයක් ගන්න කියලා. තුන්වැනි එක තමුන්නාන්සේලාට (මාධ්‍යයට) කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඕනෙ කෙනකුට මේකට නඩු දාන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් අපි හදලා තියෙනවා කියලා. ඒක අපේ පාර්ලිමේන්තුවෙන් තමන්නාන්සේලාට හොයාගෙන අවශ්‍ය තොරතුරු අරගෙන නඩු දාන්නත් පුළුවන්. මෙහෙම නඩු දාලා ගොඩක් ජාති කරලා තියෙනවා. තමුන්නාන්සේලා දන්නවා රක්ෂණ සංස්ථාව ආපහු ගත්තේ කෝප් එකෙන් දීපු රිපෝර්ට් එකකට නඩු දාලා. පී.බී. ජයසුන්දර සම්පූර්ණයෙන් කිසිම රාජකාරියක් කරන්න දෙන්න එපා කියලා තීරණයක් ආවේ කෝප් කමිටුවෙන් දීපු නිර්දේශයක් ක්‍රියාත්මක කරලා. ඊළඟට මේ වෙනකොට මගේ කාලේ අර ස්ලිට් ආයතනය මේක සම්පූර්ණයෙන්ම මහපොළ භාරකාර මණ්ඩලයෙන් හදපු එකක්. මේක දැන් කණ්ඩායමක් අල්ලගෙන ගිහිල්ලා තියෙනවා. මේකට විරුද්ධව වැඩ කරන්න දැන් කැබිනට් පේපර් දාලා නීති වෙනස් කරන්න ඔක්කොම හදලා තියෙනවා. මේ ආණ්ඩුව ඒක කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඒ වැඩේ කරනවා. අන්න ඒ විදියට තමයි මේක යන්නේ. හැබැයි මේක තමුන්නාන්සේලා දැනගන්න එක වැදගත්. තමුන්නාන්සේලාට පුළුවන් අවසාන තීරණය ගන්නේ ඕගොල්ලෝ. ඒ ආණ්ඩුව අයින් කරන්න ඕනෙ වෙලාවක. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ මහබැංකු හොරකම කෝප් එකෙන් තමයි ඩිව් ගුණසේකර එළියට ගෙනාවේ. ඒ කෝප් කමිටු වාර්තාවෙන් දඬුවම් කරන්න තාම බැරි වුණා. හැබැයි අර දේශපාලන පක්ෂයට හොඳට දඬුවමක් කළා අපි ඔක්කොමලා. එක ආසනයක්වත් නැතුව ගෙදර ගියා. ඉතින් ඒක කරන්න පුළුවන් නේ. සමහර දේශපාලනඥයොත් කියනවා මේක ටීවී එකට දෙන්න එපා කියලා. ඒක දෙන්න ඕනෙ. ඒකෙන් කියන්නේ නෑ ප්‍රශ්නෙ ඉවර වෙනවයි කියලා. හැබැයි තමුන්නාන්සේලාට අවසාන විග්‍රහයේදී අපි වැරැද්දක් කරනව නම් අපිව ගෙදර යවන්න තියෙන ඒ බලය තියාගන්න ඕනෙ. ඒකයි මම කියන්නේ. ඒකෙ වැරැද්දක් නෑ.

ලිට්‍රෝ සභාපති දුන් උත්තරේ…

ගෑස් ආනයනයේදී සිදුවූ වංචාවක් පිළිබඳ මහාචාර්ය චරිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාගෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එහිදී විමසන ලද ප්‍රශ්න සහ මුදිත පීරිස් මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට ඔබතුමන්ලාව කැඳවලා මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරලා තියෙනවද?

කෝප් කමිටුවේ රැස්වීමට අපි සහභාගි වුණා. එතැනදී අපි උත්තර දුන්නා. අපි ලියකියවිලිවලින් ඔප්පු කරලා පෙන්නුවා. එතුමා කියන ගෑස් ආයතනයම අපට කියලා තියෙනවා අපට ගෑස් සැපයුම කරන්න බෑ, මේක රටට කියන්න එපයි කියලා. ඊට අදාළ විiුත් ලිපියකුත් අපි කෝප් කමිටුවට ඉදිරිපත් කළා. ඇති තරම් සාක්ෂි අපි කෝප් කමිටුවට ඉදිරිපත් කරලා තියෙනවා. ගෑස් ගේන්න බැරි එක ආයතනයක් ඒගොල්ලන්ගෙ නොහැකියාව කියලා තියෙනවා. නැව් නෑ කියලා තියෙනවා. නැව් දෙන්න බෑ කියලා තියෙනවා. දුන්න නැව් අවුරුදු 25කට 30කට වඩා පැරැණියි කියලා තියෙනවා. මේ සියලු කතා එක්ක රටක ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ කොහොමද? මට හාස්කමක් කරන්න බෑනෙ. දවස් 25න් තමුන්නාන්සේලා සියලු දෙනාට ගෑස් ලබාදෙන එක විශාල වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරනකොට සුවිශේෂ බය නැති තීන්දු තීරණ ගත්ත නිසා තමයි අද අපි භුක්ති විඳින අර්බුදයෙන් තොර රටක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපේ වගකීම ඉදිරියටත් මේ කර්තව්‍යය ඉතා වගකීම්සහගතව කරන්න. ඒ එක්කම ලෝක බැංකුව වගේ සුවිශේෂ ආයතනවල අධීක්ෂණයට පවා ලක්වුණා අපේ ක්‍රමවේදය. ලංකාවෙ ආයතනයක් නෙවෙයි නේ ලෝක බැංකුව කියන්නේ ලෝකයම පිළිගත්ත ආයතනයක්. ඒකෙ අධීක්ෂණයටත් ලක්වෙලා එතැනදීත් ඒක නිවැරැදි බව තහවුරු වුණාට පස්සේ අපි ගෑස් ආයතනය විදියට අපට මේ පදනම් විරහිත චෝදනා කරන එක ගැන කනගාටුවට පත්වෙනවා කියන එක තමයි අපට කියන්න තියෙන්නේ.

ඒ කියන්නේ චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට කළ කරුණු විමසීමට ප්‍රතිචාරයක් දක්වලා කියලද ඔබතුමාලා හිතන්නේ. එතුමා වෙනුවට දැන් වෙන කෙනෙක් පත්වෙලා නම් පැරැණි ප්‍රකාශයක්ද මේ කරන්නේ?

මේක පිළුණු වුණු ප්‍රවෘත්තියක්නේ. කෝප් කමිටුවේ ඉඳලම මේක මාධ්‍ය ඉස්සරහට ගේන්න බැලුවා. ඒ ගැන අපට කනගාටුවක් තියෙනවා. අපි හරියට මේ වැඩේ කරනකොට, වගකීම ඉෂ්ට කරලා ඔප්පු කරලා, වෙන ඉන්ඩස්ටි්‍ර එකක් වගේ නෙවෙයි අපි මේ වගකීම ඉෂ්ට කරලා පෙන්නුවා. අපට මේක කරන්න පුළුවන්, ඔන්න දැන් ගෑස් තියෙනවා ඇති තරම් කියලා. අද ටෙලිෆෝන් එකෙන් කතා කරලා ගෑස් නියෝජිතයාට කියලා ගෑස් එක ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් වෙලා තියෙනවනෙ. අඩුම තරමේ එක කරදරයක් හරි නිමාවෙලා කියලා අපේ ජනතාව සතුටු වෙනවනෙ. සල්ලි දීලා ගෑස් එක ගන්න පුළුවන් කියලා. අපි ආවට පස්සේ ගෑස් සුලබ විතරක් නෙවෙයි දෙගමනක් මිල අඩු කළා. රුපියල් 246කින් අඩු කළා. ඊට පස්සේ රුපියල් 113කින් අඩු කළා. ඒ ක්‍රමවේදයන් තුළ මිල සූත්‍රය හඳුන්වා දුන්නා මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික සේවා අධිකාරියත් එක්ක එකතු වෙලා. මේ සියල්ලම අපි කරන්නේ ඉතාමත් වගකිම්සහගතව. එතුමා ඇතුළු අපට චෝදනා කරපු සියලු දෙනාට අපි දෙන්නේ සාමාන්‍ය උත්තරයක්. මේක ලෝක බැංකුවේ අධීක්ෂණයට සහ අපි ලෝක බැංකුවත් සමග එකතු වෙලා ඉතා උසස් විනිවිදභාවයක් ආරක්ෂා කරමින් කරපු කටයුත්තක්. ඒ ගැන කවුරුත් සැකයක් හිතන්න එපා කියන ඉල්ලීම තමයි අපි කරන්නේ.



සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවායත් සුඛෝපභෝගී භාණ්ඩයක් කරලා! බද්ද 45%යි!

Next Post

ලක්ෂ 31ක වංචා චෝදනාවකට සතොස හිටපු සභාපති රිමාන්ඩ් කරයි!

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.