• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසය උඩුයටිකුරු වෙයි සීගිරිය ලෙෂර් පාර්ක් එකක්ද? බළකොටුවක්ද? ඇත්ත කියන්නේ සෙනරත් පරණවිතානද? එච්.සී.පී බෙල්ද? අනුර මනතුංගද? චූලානන්ද පෙරේරාද?

September 19, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
ඉතිහාසය උඩුයටිකුරු වෙයි සීගිරිය ලෙෂර් පාර්ක් එකක්ද? බළකොටුවක්ද? ඇත්ත කියන්නේ සෙනරත් පරණවිතානද? එච්.සී.පී බෙල්ද? අනුර මනතුංගද? චූලානන්ද පෙරේරාද?
Share on WhatsAppShare on Facebook

‘අට්ට පට්ටයක්’ හෝ හරි හැටි දැනුමක් නැතිව කතා කරන්න ගිහින් හරීන් ප්‍රනාන්දු කට වරද්දාගත් තැන් කිහිපයක්ම වේ.
ඊයේ පෙරේදා දවසක හරීන් විශාරද ගුණදාස කපුගේ සූරීන්ගේ ගීතයක වචන ප්‍රසිද්ධ වේදිකාවක වැරැදියට උච්චාරණය කරන්න ගිහින් හත්පොළේ ගාගත්තේය. ගාගත් තරමෙහි අරුමය කොතෙක්ද කියනවා නම් සමාජ මාධ්‍ය පුරා ඔහුගේ නම හොඳ පදමට බයිට් වෙමින් තිබිණි.

පාස්කු බෝම්බය පුපුරා ගිය අවාසනාවන්ත කතාන්තරයේදීද මිනිසුන්ට හරීන්ව අප්‍රසන්න විය. විටෙක උපහාසය දනවන ජෝක් එකක් විය. එහෙම වුණේ, ‘අපේ තාත්තත් මට උදෙන්ම කතා කරලා කිව්වා පල්ලි යන්න එපා. බ්ලාස්ට් එකක් ගැන ආරංචියක් තියෙනවා..,’ කියා ප්‍රසිද්ධ මාධ්‍ය පුරා පවසන්නට ගත් නිසාය. වැඩේ මිනිසුන්ට එය වහ කදුරු තරමට අපුලක් වූයේ බෝම්බ සියල්ල පුපුරා ගිය පසුව හරීන් ඒ ගැන පුරසාරම් දෙඩූ නිසාය.

තාත්තා සහ බෝම්බ කතාවට අමතරව ගුණදාස කපුගේ සූරීන්ගේ ගීයක පද පටලැවිල්ලෙන් වූ හෑල්ලුවට පසු හරීන් අලුතෙන්ම නාගත් සංගදිය මොකක්ද?

මේ වතාවේ නම් නාගත්තේ හරීන් නොවේය. ඔහු ගේ අමාත්‍යාංශ ලේකම් තැනය. ඒ නෑම නම් ලෙහෙසි පහසු නැත. මොකද කියනවා නම් ඔහු නාගෙන තියෙන්නේ ඓතිහාසික නෑමකි.

ඔය කියන්න හදන්නේ ‘සීගිරිය ලෙෂර් පාක් එකක් මිස බළකොටුවක් නොවේ’ය කියලා හරීන් ප්‍රනාන්දුගේ අමාත්‍යාංශයෙන් කරපු අපූරු සොයාගැනීම ගැන වෙන්න ඇති.

අනුමානය වැරැදි නැහැ. මේ කියන්නේ ඓතිහාසිකත්වය සහ පුරාවස්තු විෂය ඈඳා ගත්ත ඒ අලකලංචිය ගැන තමයි. අවිවාදාත්මකව කියනවා නම් සීගිරිය ගැන අලුත් කතා ගොතන්න එහි වටිනාකම ගැන විශේෂණ පද කියන්න මෙතැනදී කොහොමවත් ඕනෑකමක් නැහැ. සරලව සුන්දරව කෙටියෙන් කියනවා නම් සීගිරිය කියන්නේ විදේශිකයන්ගේ සිත සොරාගත් ඓතිහාසික වස්තුවක්.

තවත් විදියකට කියනවා නම් කවිකාරයන් කවි පද ලියන්න, සින්දුකාරයන්ට ගී පද ගොතන්න, නවකතාකාරයන්ට කතා වස්තු මවන්න මිහිරි සිහිවටනක් වූ ජාතික සම්පතක්.

ටෙලි නිර්මාණකරුවන් වගේම චිත්‍රපටකාරයන්ද සීගිරි ගල පසුබිම් කරගෙන නිමවූ නිර්මාණයන් බොහොමයි.
ඒ සියල්ලම අතර ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රිය කරන සහ එය රැකියාවක් කරගත් බොහෝ පිරිස් සීගිරියට ගියාම අදටත් හිතන්නේ, ‘ආකිටෙක්ලා නැති ඒ කාලේ තාක්ෂණය කියන අටමඟල ඉඟියකින්වත් එක අංශු මාත්‍රයකින්වත් නොහඳුනන ඒ කාලේ කාශ්‍යප රජතුමා මේ තරම් අපූරු නිර්මාණයක් මේ තරම් නිර්මාණශීලීව කළේ කොහොමද කියන එක ගැනයි.

කෙටියෙන්ම කියනවා නම් කිසිම දොසක් නැති කලාවැව වැනි අද්විතීය නිර්මාණයක් තැනූ ධාතුසේන රජ තෙමේව බිත්තියට තියලා පස් ගහලා මරාදාපු නරුම පුතකු වූ කාශ්‍යපට අදටත් බොහෝ දෙනකු වෛර කරනවා හා සමානවම ගෞරව කරන්නෙත් සීගිරිය වැනි මනස්කාන්ත නිර්මාණයක් ඔහු කළ නිසයි. ඉතිහාස පොත්වල වුණත් යහපත් මුගලන්ට වඩා කාශ්‍යප ගැන ලියැවෙන්නේද සීගිරියෙහි වූ අතිසුන්දර පෞරාණික බව නිසාමය.

ඒ තරමටම පෞරාණික වස්තුවක් සංචාරක අමාත්‍යාංශයට ලෙෂර් පාක් එකක් විදියට පෙනුණෙ කොහොමද?

සංචාරක අමාත්‍යාංශය යැයි කිව්වාට මෙම ප්‍රකාශය සිදු කළේ සංචාරක අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරාය.
එහෙම කියන්නට හේතුවක් තියෙනවද? අනෙක මේ හිටි අඩියේ…

මහනුවර උත්සවයක් අමතන වෙලාවේ තමයි ලේකම්වරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ. ලේකම්තුමා කියන විදියට බළකොටුවකට වඩා සීගිරියෙ තියෙන්නේ උiානයක පෙනුමක්. කාශ්‍යප රජතුමා ඒ කාලේ තිබුණු ශ්‍රී විභූතියත් සමග එතුමාට විවේක සුවයෙන් කාලය ගතකරන්න අවශ්‍ය නිසා තමයි පොකුණු කිහිපයක් එක්ක මල්වතු එහෙම හදලා මේක අලංකාර කෙරුවේ. බළකොටුවක් කරන්න වුවමනාවක් කාශ්‍යප රජතුමාට තිබුණා නම් තමන්ගේ ආරක්ෂාව සනාථ වෙන පියවර අනුගමනය කරනවා මිසක මලින් පිරුණු උiාන සහ පොකුණු හදන්න එතුමා මොනවට සැලසුම් කළාද…?

‘ඇත්තටම කියනවා නම් සීගිරිය පේරාදෙණිය වාගෙම ‘ලෙෂර් පාක්’ එකක්.’

ඉහත ප්‍රකාශයන්ට අමතරව චූලානන්ද ලේකම් තැන සීගිරිය නරඹන්නට එන විදේශිකයන්ව මුල්කොට ගෙන මෙලෙසද කීවේය.

සංචාරක මධ්‍යස්ථානයක් විදියට මුළු ලොව පුරාම සීගිරිය ප්‍රසිද්ධයි. නමුත් සීගිරිය ගැන හරි දේ සහ නිවැරැදි දැක්ම තවම ලෝකෙට ගිහින් නැහැ. ලෝක පූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් විදියට විදේශිකයන් මෙය නරඹන්නට පැමිණියත් එය නිවැරැදි කමවේදයකට සිදු නොවීම කනගාටුවක්. පුරාවිiා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික මධ්‍යස්ථානය සහ යුනිසෙෆ් ආයතනයේ නිලධාරීන්ද සමග එක්ව ඉතාමත්ම ධනාත්මක ආකාරයේ කතාබහක් මෙම කාරණය වෙනුවෙන් පැවැත්වූවා. එතැනදීද සියලු තොරතුරු අනාවරණ වූයේ කාශ්‍යප රජුගේ බළකොටුවය කිය කියා අපි හැමෝම මේ බලන්න යන්නේ එතුමා නිර්මාණය කළ උiානයයි. එය ලෙෂර් පාක් එකක් ලෙස නිගමනය කිරීමට සහ නම් කිරීමට අවශ්‍ය සාධකයක්ද? එය සනාථ කිරීමට අවශ්‍ය කරුණු කාරණයන්ද ඔප්පු වී හමාරයි.

සාංචාරක අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා තම මතය සනාථ කොට සීගිරිය ගැන අලුත් කතාව අවසාන කළේ එහෙමය.

ලේකම්ගේ ඒ කතාව තුළ සහ කරුණු කාරණාවල ඇත්තක් තියෙනවද?

දැනටමත් චූලානන්ද ලේකම්තුමා හිතාගෙන ඉන්නේ තමා නිගමනය කළ සියල්ල හරි කියලාය. ඒ හරි යන හැඟීම මත ඔහු මෙරටට ඉදිරියේදී පැමිණීමට නියමිත සංචාරකයන් සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද ඉහත කී උත්සව අවස්ථාවේදී පැවැසුවේය.

චූලානන්දගේ ප්‍රකාශයට සහ සනාථ කිරීම ගැන පුරාවිiා දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු විරුද්ධත්වය ප්‍රකාශ කර නැතිද?

පුරාවිiා දෙපාර්තමේන්තුවේ පුරාවිiා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා, සංචාරක අමාත්‍යාංශ ලේකම් චූලානන්ද කළ ප්‍රකාශයට විරුද්ධව මාධ්‍ය වෙත තම ප්‍රකාශය නිකුත් කර ඇත.

‘චූලානන්ද ලේකම්තුමා ඊයේ පෙරේදාවක කියලා තියෙන සීගිරිය ලෙෂර් පාක් එකක් මිසක බළකොටුවක් නොවේය කියන කතාව පදනම් විරහිතයි. සීගිරිය කියන්නේ බළකොටුවක් බව මෙතෙක් කරන ලද පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. එලෙසම මගේ පුද්ගලික මතය වන්නේද සීගිරිය බළකොටුවක් බවයි…’

ඒ, පුරාවිiා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ ප්‍රකාශය විය. එතුමා තවදුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින්, එවක පුරාවිiා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මහතාද සීගිරිය පිළිබඳ ඉතා පුළුල් සහ අපූරු ගවේෂණයක් කරමින් සීගිරිය බළකොටුවක් බවත්, ක්‍රි.පූ. 03 සහ 05 යන සියවස අගභාගයේ කාශ්‍යප රජ සමයේ එය නිමවන ලද බව තමා විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ වගේම සීගිරිය කාශ්‍යප රජ සමයේ ඉදිවූ බළකොටුවක් බවට ඉඟි කෙරෙන බොහෝ සාධකයන්ද ඓතිහාසිකව සිදුකළ කැණීම්වලදීද සොයාගෙන ඇති බව පැවසූ කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා,
‘මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ද දිගු කාලයක් පුරා සීගිරිය පිළිබඳ පර්යේෂණ සිදුකළා. එම ගවේෂණය අවසානයේ එතුමා ප්‍රකාශ කර සිටියේ සීගිරිය බළකොටුවක් බවත්, එය අපට අයිති ඉතා අගනා පෞරාණික වස්තුවක් බවත්ය’ යනුවෙන් සංචාරක අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා පවසා සිටි ‘සීගිරිය ලෙෂර් පාක් එකක්ය’ යන ප්‍රකාශය වෙනුවෙන් සිය උත්තර බැඳීම අවසන් කර දැමුවේය.

එහෙත්, එය මෙලෙසින් අවසන් වේවිද?

එහෙම නැතිනම් පුරාවිiා මහාචාර්යවරුන් සහ අමාත්‍යාංශ ලේකම් අතර යම් නිහඬ ගැටුමක් ඇතිවේවිද?
චූලානන්ද පවසන්නේ බළකොටුවක් සඳහා පොකුණු මලින් පිරි උiාන සහ ඒ වටා තනා ඇති අසුන් කුමකටදැයි කියාය. සීගිරිය බළකොටුවකට වඩා පේරාදෙණිය උiානයට සමාන යැයි ඔහු පවසන්නේ එනිසාය.
පුරාවිiා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එයට විරුද්ධව ගෙන ආ තර්කයන්ද ඓතිහාසිකව ඉදිරිපත් කළ හැකි නිදසුන්ය.

කෙසේ වුවද සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා කළ ප්‍රකාශය එතරම් කාලෝචිත නැත. ඒ සියල්ල අතර දෙපැත්තට නැතුව මෙහෙමත් සිතේ.

‘රටේ මේ තරම් ප්‍රශ්න ගොඩගැසී තිබෙන අල්ල පනල්ලේ සංචාරක අමාත්‍යාංශයේ කෙරුම්කාරයකු මොන එකකට මේ සීගිරිය තම කර මතට ගත්තා දැයි කියන සිතුවිල්ල කාගේ කාගේ හෝ සිත කොනිත්තන්නට ගත්තොත් එයද පුදුමයක් නොවන බව මෙහිදී සටහන් නොකරම ඉන්නට බැරි කාරණයකි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෙන්න තවත් වාර්තාවක්! රටවල් 53ක් අතුරින් ලංකාව ආහාර උද්ධමනය අතින් 5ට එයි!

Next Post

ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.