• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැජින මියයන දිනය හරියටම කියපු තුන්දෙනා…

September 18, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
රැජින මියයන දිනය හරියටම කියපු තුන්දෙනා…
Share on WhatsAppShare on Facebook

‘අලුත් ශ්ලෝකයක් හෝ සිවුපදයක් හෝ බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ) ජනතාවට අසන්නට ලැබීම එතරම් පුදුමයක් නොවේවි. ඒ මගින් නොයෙකුත් දේ ගම්‍ය වන්නටද පටන් ගනීවි. එහිදී පළමු වරට අසන්නට ලැබෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ 02 වැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයයි. ඇය 2022 වසර වැනි කාලවකවානුවකදී වයස අවුරුදු 96 පමණ සිටියදී මියයනවා ඇත. එම ආයු කාලය ඇයගේ මව ජීවත්ව සිටි කාලයට වඩා වසර 05ක් පමණ අඩුයි. ඉන් පසුව ඇය වෙනුවට චාල්ස් කුමාරයා විසින් රජ ඔටුන්න පලඳින අතර ඔහු ‘දූපත්වල රජතුමා’ (King of the Islands) ලෙසට පත්වනු ඇතිය. මෙම නාමය මගින් ගම්‍ය වන්නේ චාල්ස් කුමාරයා ඔහුගේ මව මෙන් විශාල රාජ්‍යයන්හි ආධිපත්‍යය ලබාගැනීමට නොහැකි වීමයි. එනම් චාල්ස් කුමාරයාගේ මව වන දෙවැනි එලිසබෙත් රැජින මෙන් කැනඩාව, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ තවත් විශාල රාජ්‍යයන් අයිති කලාපවල අධිරාජ්‍යයා ලෙසට කටයුතු කිරීමට ඔහුට අවස්ථාව නොලැබෙනු ඇතිය. 2022 වසර වන විටදී චාල්ස් කුමාරයා රාජාසනය හිමිකර ගන්නා අවස්ථාවේදී ඔහුගේ වයස අවුරුදු 74ක් වනු ඇතිය. එහෙත් ඔහුට මේ රජකම ලැබීම ගැන බි්‍රතාන්‍යයේ විශාල ජනතාවක් අප්‍රසාදයට සහ අවමානයට පත්වනු ඇතිය. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු වේල්සයේ කුමරිය වන ඩයනා කුමරියගෙන් දික්කසාද වීමය. බි්‍රතාන්‍යයේ ජනතාවගෙන් ඇතිවන මෙම පීඩනය ඉතාමත්ම ප්‍රබල වේවි. එම තත්ත්වය සමහර විට ඔහුට රජකම පවා අත්හරින තත්ත්වයකට පත්වේවි. තමන්ගේ දරුවකු හෝ එසේත් නැතිනම් කිසිවකුත් නොසිතූ වෙනත් කෙනකු හෝ රජකමට පත්වේවි…’

කුමක්ද මේ අරුමපුදුම රාජකීය කතාන්දරය? මෙම වගතුග පසුගියදා අසන්නට ලැබුණේ මහා බි්‍රතාන්‍යයෙනි. එනම් එංගලන්තයෙනි. එංගලන්තයේ 02 වැනි එලිසබෙත් මහ රැජින පසුගිය සැප්තැම්බර් 08 වැනිදා මියගිය අතර එම පුවත අද ලෝකවාසීහු බොහෝ දෙනා දනිති. එංගලන්තයේ රාජකීය පෙළපත යනු ලෝකයේ ප්‍රධානතම සහ විශාලතම රාජකීය පරම්පරාව වෙයි. ඒ අනුව 02 වැනි එලිසබෙත් මහ රැජිනද ලොවට බොහෝ සුවිශේෂ චරිතයක් විය. එවැනි වටපිටාවකදී මෙම මහ රැජිනගේ අභාවය ගැන ඉහත වගතුග අපට අසන්නට ලැබුණේ කුමන බසුබිමකද? එනම් ඇයගේ අභාවය ගැන ලෝකයේ මෙතෙක් සිටි අංක එකේ මහා අනාවැකිකරුවා සහ ජ්‍යොතිෂවේදියා වන ප්‍රංශ ජාතික මයිකල් ඩි නොස්ට්‍රාඩමස් (Michel de Nostradamus) විසින් පවසා ඇති සුවිශේෂ අනාවැකියක තොරතුරු එම පුවත මගින් හෙළිවන්නට විය. රැජිනගේ මරණය සිදුවී දින හතරක් යන්නට මත්තෙන් මෙම වගතුග ලෝකයට එළිපෙහෙළි වූයේ නොස්ට්‍රාඩමස් ගැන ලියැවුණු ප්‍රකට ග්‍රන්ථයක් තුළිනි. එනම් මෙම මහා අනාවැකිකරුවා ගැන ග්‍රන්ථ කිහිපයක්ම සම්පාදනය කළ ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛකයකු වන මාරියෝ ගිල්බර්ට් රීඩින් (Mario Gilbert Reeding) විසින් රචිත ‘නොස්ට්‍රාඩමස් ද කම්ප්ලීට් ප්‍රොපෙසීස් ෆෝ ද ෆියුචර්’ (Nostradamus: The Complete Prophecies for the Future) නමැති ග්‍රන්ථය තුළිනි. එහු මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ 2006 වසරේදී වන අතර එහි එක් පරිච්ඡේදයක මෙම වගතුග සඳහන්ව තිබීම මේ වන විට මුළු මහත් ලොවම ආන්දෝලනයට පත්කර ඇත.

එලිසබෙත් මහ රැජිනගේ අභාවය සිදුවී දින කිහිපයකට පසුව මෙම ලොව කලඹවන පුවත හෙළිවිය. එනම් එම පුවත හෙළිවීම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ඉහත ග්‍රන්ථය ලියූ මාරියෝ ගිල්බර්ට් රීඩින් නමැති ලේඛකයා මේ වන විට ජීවතුන් අතර නොසිටීමය. එනම් ඔහු 2017 වසරේදී 64 වැනි වියේදී පිළිකා රෝගය හේතුවෙන් මියගියේය. මේ හෙයින් ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වූ මෙම අතිශය සුවිශේෂ වගතුග හෙළිකර ගනීම පමාවිය. කෙසේ හෝ නිසි වගකිව යුතු පාර්ශ්ව මගින් මේ බව දැන් හෙළිකරගෙන ඇති අතර 2006දී පළවූ එම ග්‍රන්ථයේ ඇතුළත් එම පරිච්ඡේදයේ සත්‍ය සේයාරුවක්ද පළකර තිබිණි. බි්‍රථාන්‍ය ලේඛකයා මෙම තොරතුරු සම්පාදනය කරමින් මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ නොස්ට්‍රාඩමස් විසින් මෙයට වසර 400කට පමණ පෙර පවසන ලද අනාවැකි ආශ්‍රය කරගනිමිනි. ලේඛකයා එම තොරතුරු එක්රැස් කරගනු ලබන්නේ බොහෝ අතීත ලිපි ලේඛන සහ අනෙකුත් සත්‍ය තොරතුරු ආශ්‍රිත කරගනිමිනි. ඒ සඳහා ඔහු දිගුකාලීන ගවේෂණයක නිරත වෙයි. කෙසේ හෝ නොස්ට්‍රාඩමස් විසින් පවසන ලද මෙම අනාවැකිය සහ ඒ ගැන වසර 16කට පෙර ග්‍රන්ථයක ලියා තැබූ එම සුවිශේෂ වගතුගක් අද මුළු මහත් ලෝකයම පුදුමයට පත්කර ඇත. විටෙක අපගේ ගත සිත කීරිගැසී යන ආකාරයෙන් එම අනාවැකිය සත්‍යයක් වී ඇත.

1503 වසරේදී ප්‍රංශයේදී උපත ලැබූ මයිකල් ඩි නොස්ට්‍රාඩමස් 1566 වසරේදී මරණයට පත්විය. ඔහු තම ජීවිත කාලය තුළ ප්‍රකාශ කරන ලද අනාවැකි රාශියක්ම සත්‍ය සිදුවීම් බවට පත්විය. ඔහු අතීත කාලයේ සිට මෙම වර්තමානය දක්වාම ඉතා පුදුමසහගත අනාවැකි රාශියක් ප්‍රකාශ කර ඇත. ප්‍රංශ විප්ලවය, ඇඩොල්ෆ් හිට්ලර්, හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ හෙලීම, ජෝන් එෆ්. කෙනඩි ඝාතනය, මිනිසා සඳ තරණය කිරීම, ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරය, භයානක වෛරස් රෝග මගින් ලොව බිලිගැනීම, ඉරාක යුද්ධය, විවිධ දරුණු ස්වභාවික විපත්, ක්‍රිස්තියානි සහ ඉස්ලාමික ජන අර්බුදය ඇතුළු තවත් අනාවැකි රාශියක් මෙම විස්මයජනක අනාවැකිකරුවා විසින් ප්‍රකාශ කර ඇත. දැන් එසේ නම් එම අනාවැකි අතරට එක්වන සත්‍ය වූ අනාවැකිය වන්නේ එංගලන්තයේ 02 වැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයයි. එසේම ඉන් පසුව සිදුවූ චාල්ස් කුමාරයාගේ රාජ්‍යත්වයට පත්වීමයි. එහෙයින් මෙම පුදුමාකාර සිදුවීම් නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි ඒවා නොවෙයි. ඉහත බි්‍රතාන්‍ය ලේඛක මාරියො ගිල්බර්ට් රීඩින් විසින් රචිත නොස්ට්‍රාඩමස් ග්‍රන්ථය මේ වන විට පිටපත් ලක්ෂ 10ක් (මිලියනයක්) අධික ප්‍රමාණයක් ලොව පුරා විකිණී ඇත. කෙසේ fාහ් එහි සඳහන්ව ඇති නොස්ට්‍රාඩමස්ගේ රැජිනගේ අභාවය පිළිබඳ අනාවැකියේ මරණය සිදුවන දිනය ගැන අනාවරණයක් නැත. එහෙත් මරණය සිදුවන වසර 2022 ලෙස ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කර ඇත. එසේම බි්‍රතාන්‍ය රජ පවුලේ අනෙකුත් පරිවර්තනයන්ද නිසි ආකාරයෙන් ප්‍රකාශ කර ඇත. වසර 400කට පෙර ඔහු මෙම අනාවැකි ප්‍රකාශ කරන්නේ ඉතා පුදුම විශ්ව ශක්ති සහ මායා ශක්ති බලයක් පදනම් කරගනිමිනි. එය කිසිවකුටත් ලෙහෙසියෙන් පිහිටනු ලබන අධ්‍යාත්මික බලයක් නොවේ. එය ආශ්චර්යයකි.

එම වගතුග ඇසෙන මායිමේම තවත් අපූරු කතාවක තොරතුරුද අසෙන්නට වී තිබෙයි. මෙම වගතුග ඇසෙන්නේද එංගලන්තයෙනි. එනම් මෙයද එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය ගැන යම් පුද්ගලයකු විසින් ප්‍රකාශ කරන ලද අනාවැකියකි. බ්‍රිතාන්‍ය ජාතිකයකු වන මොහුගේ සම්පූර්ණ නම රොබට් ජේම්ස් ස්මිත්ය. එහෙත් ඔහු සමාජයෙහි හඳුන්වනු ලබන්නේ රොබට් ස්මිත් (Robert Smith) ලෙසිනි. දැනට 64 වැනි වියෙහි පසුවන මොහු එංගලන්තයේ අතිශය ප්‍රකට සංගීත ශිල්පියෙකි. ගායනය සහ වාදනය යන ක්ෂේත්‍ර දෙකටම දක්ෂ ඔහු ‘ද කියෝ’ (The Cure) (සුවපත්වීම යන අර්ථය) නමැති අතිශය ප්‍රකට රොක් (Rock Style) සංගීත කණ්ඩායමේ නායකයාය. මෙම සංගීත කණ්ඩායම 1978 වසරේදී ප්‍රථම වතාවට ආරම්භ කර ඇත්තේද ඔහු විසිනි. එසේම එහිදී ප්‍රකාශ වන විශේෂත්වය වන්නේ දැනට වසර 44ක් ගතවී ඇතත් එම සංගීත කණ්ඩායම තවද බොහෝ ක්‍රියාකාරීත්වයක තිබීමය. ඒ අනුව ඔවුහු එංගලන්තයේ පමණක් නොව වෙනත් විදේශ රටවලද සංගීත ප්‍රසංග සඳහා සහභාගි වෙති. මේ වන විට මෙම සංගීත කණ්ඩායමේ නායක රොබර්ට් ස්මිත්ට අමතරව තවත් සාමාජිකයන් 04 දෙනෙක් සිටිති. කෙසේ හෝ මෙම වගතුග දිගහැරෙන්නේ නායක රොබර්ට් ස්මිත් ආශ්‍රය කරගනිමිනි. තම තරුණ වයසේ සිටම දැනට පත්ව සිටින වැඩිහිටි (64 වැනි විය) වයස දක්වාම ඔහු සංගීත වේදිකාවේ සහ පොදු සමාජයේදී පෙනී සිටින්නේ ඉතා වෙනස් වූ රූප විලාසයකිනි. එනම් ඔහු දැඩි ලෙස රූපලාවණ්‍ය වේශ නිරූපණය මගින් තම ස්වරූපය වෙනස් කරගෙන සිටියි. සුදු පැහැය ආලේප කරන ලද මුහුණ සහ ශරීරය, රක්ත වර්ණය අලේප කරන ලද තොල් සඟල, ඇස් වටා අඳින ලද කළු රේඛා, කම්බි වැනි කැරැලි සහිත හිසකෙස්, සම්පූර්ණ කළු පැහැති ඇඳුම්වලින්ද ඔහු සැරසී සිටී. මෙය ගොතික් සහ පන්ක් (Gothic and Punk) සංගීත ශෛලියට ආවේශ වීමකි. කෙසේ හෝ මේ නිසා ඔහු වෙතින් ඉතා අද්භූත ස්වරූපයක්ද ඉස්මතු වෙයි.

දැන් ඔබට මෙම අපූරු මිනිසා ගැන යමක් පැහැදිලි වනු ඇත. එසේ නම් රොබර්ට් ස්මිත් නමැති ඔහු ගැන පසුගියදා වාර්තා වුණු ආන්දෝලනාත්මක වගතුග කුමක්ද? එය සැබැවින්ම පුදුමාකාර කතාන්දරයකි. රොබර්ට් ස්මිත් ප්‍රධාන ඔයැ ක්‍මරු සංගීත කණ්ඩායම 2012 වසරේදී ජර්මනියේ විශාල සංගීත ප්‍රසංගය කිහිපයක් පවත්වා ඇත. මෙය The Harricane නමින් (මාරුතය) නමින් හඳුන්වා ඇති අතර ජර්මනියේ සංගීත රසිකයන් දසදහස් ගණනින් එයට සහභාගි වී ඇත. මෙම සංචාරය අතරතුර ජර්මනියේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවක් මගින් රොබර්ට් ස්මිත් සමග සංවාදයක් පවත්වා ඇත. ඉංග්‍රීසි බසින් පැවැත්වෙන එය විනාඩි 37කට ආසන්න කාලයක් පුරා විකාශය වෙයි. මෙහිදී රූපවාහිනී නිවේදකයා රොබර්ට් ස්මිත්ගේ සංගීත දිවිය ගැන බොහෝ වගතුග අසා සිටින අතර සංවාදයේ 30 වැනි මිනිත්තුව පසුවූ විට ඔහු රොබර්ට් ස්මිත්ගෙන් අපූරු පැනයන් කිහිපයක් අසා සිටී. එනම් එය එංගලන්තයේ රාජකීය පවුල ගැන වූ පැනයන් කිහිපයකි. එහිදී සංගීතකරුවා එම පැනයන්ට උත්තර ලබා දුන්නත් ඔහු බ්‍රිතාන්‍ය රජ පවුල ගැන යම් නොසතුටකින් කතා කරනු ලබයි. එම සංවාදය අවසන් වන අන්තිම මිනිත්තුවේදී පමණ ඔහු ඉතා පුදුමාකාර කතාවක් කියා සිටී. එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙවැනි වදනකි.

‘එලිසබෙත් මහ රැජින සැප්තැම්බර් 07 වැනිදා මියයනවා. ඊට පසු මම රජකමට පත්වෙනවා…’ යැයි කියා සිටින ඔහු තම සංවාදය නිමාවට පත්කරයි.

රොබර්ට් ස්මිත් විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශ නිසා අද මුළු මහත් ලෝකයම ආන්දෝලනයකට පත්කර ඇත. එංගලන්තයේ මහ රැජින හරියටම මියගියේ පසුගිය 2022 සැප්තැම්බර් 08 වැනිදාය. එනම් රොබර්ට් ප්‍රකාශ කර ඇති දිනය වන්නේ සැප්තැම්බර් 07 වැනිදාය. මෙය සැබැවින්ම එක් දිනයක වෙනසකි. මාසය හරියටම හරිය. එහෙයින් මෙම ප්‍රකාශය හරියටම වසර 10කට පෙරදී (2012) සිදුකරනු ලැබූ පුදුමාකාර අනාවැකියක් ලෙස වත්මන් සමාජයේදී අදහස් ප්‍රකාශ වන්නට විය. එනම් මේ දිනවල ලෝකය පුරා මෙම වගතුග බොහෝ උණුසුම් පුවතක් ලෙස පැතිරෙමින් ඇති අතර එම සුවිශේෂ සංවාදයේ වගතුග සේයාරූ සහ වීඩියෝ දර්ශනද මේ වන විට අන්තර්ජාලය තුළින් බහුලව දක්නට හැකිය. සැබෑ ලෙසම රොබර්ට් ස්මිත් යනු යම් ආධ්‍යාත්මික බලයක් ඇති පුද්ගලයෙක්ද? ඔහුගේ ඇතැම් සංගීත රසිකයන් ඔහුට දේවත්වයෙන් සලකන ආකාරයක්ද සමාජයෙහි දක්නට තිබේ. සත්‍ය ලෙසම එහි හේතුව වන්නේ ඔහු අනුගමනය කරනු ලබන ‘ගොත්’ නොහොත් ‘ගොතික්’ (Goth or Gothic) නමැති සංගීත සංස්කෘතියයි. මේ නිසා සමහර අන්තගාමී සංගීත රසිකයන් ඔහුට දේවත්වයෙන්ද පුදනු ලබයි. කෙසේ හෝ ඔහු දෙවියකු හෝ මනුෂ්‍යයකු හෝ වේවා මෙලෙස වසර 10කට පෙර සිදුකරන ලද ප්‍රකාශය ඉතා පුදුමාකාරය. ඔහුගේ එම සංවාදයේ වදන් කිහිපයක් ඔබගේ දැනුම උදෙසා ලියා තබමි. මෙය එම සංවාදයේ අන්තිම මිනිත්තු කිහිපයේදී ප්‍රකාශ වූ වචනය.

ඔබ සමාජයේ ඉතා ප්‍රකට පුද්ගලයෙක්. එසේම ඔබට ඕනෑ තරම් ධනය තිබෙනවා. ඔබ තවත් සමාජය තුළින් බලාපොරොත්තු වන්නේ මොනවාද?

මට මුදල්වලින් ඇති අවශ්‍යතාවක් නැහැ. මම ධනවත් වුණත්, දුප්පත් වුණත් හැමදාකම එකම මිනිසෙක් පමණයි.

ඔබගේ රට වන එංගලන්තයේ සිටින රාජකීය පෙළපත ගැන ඔබ දරන්නේ කුමන ආකල්පයක්ද?

රාජකීය පෙළපත ගැන මගේ කිසිම පැහැදීමක් නෑ. ඔවුන් සහ සමාජය අතර මම විශාල විෂමතාවක් දකිනවා. රජ පවුලේ සමහර ක්‍රියාවන් නිසා ජනතාව අතර නොරිස්සීමක් ඇතිවෙනවා. කෙසේ හෝ මම පුද්ගලිකව රජ පවුල හෙළාදකින කෙනෙක්.

 බ්‍රිතාන්‍යයේ බොහෝ ප්‍රකට සංගීත කණ්ඩායම් සහ ප්‍රකට ගායකයන් රජ පවුලේ උදවිය වෙනුවෙන් වෙනම සංගීත සංදර්ශන අවස්ථා පවත්වා තිබෙනවා. ඔබට එසේ ආරාධනා ලැබිලා නැද්ද? එසේ වුණොත් මොකද කරන්නේ?

මම මොකටද රජ පෙළපත වෙනුවෙන් සංගීත සංදර්ශන පවත්වන්නේ? ඒ අයගේ ගෞරවයක් මට අවශ්‍ය නැහැ. වෙනත් සාමාන්‍ය සමාජය වෙනුවෙන් මම ඒ දේ කරනවා. මගේ අම්මාට තාත්තාට සංගීතය ඉදිරිපත් කරනවා. ඒකයි මගේ සතුට. රජ පෙළපතට ගීත ගැයීම මගේ සිහිනයක් නෙවෙයි.

ඔබ එසේ ප්‍රකාශ කළත් එංගලන්තයේ එලිසබෙත් මහ රැජින කිසිම කාලයක නැති තරම් ජනප්‍රියත්වයට පත්වෙලා නේද?

සමහරුන්ට එහෙම ආකල්ප ඇති. එහෙත් හෙට අනිද්දාම එංගලන්තය තුළ මහා කැරැල්ලක් සිද්ධ වෙනවා. එලිසබෙත් මහ රැජින සැප්තැම්බර් 07 වැනිදා මියයනවා. ඊට පසු එංගලන්තය තුළ මහා ජනතා නැගිටීමක් ඇතිවෙනවා. රැජින මියගියාට පසුව මම තමයි රජ වෙන්නේ.

(සිනාසෙමින්) ඔව් එදාට ඔබ රජ වුණොත් අපි ඔබට ඡන්දය දෙනවා. කැමැත්ත දෙනවා.

මෙම වදන් පෙළ එම සංවාදයේ අවසාන විනාඩි 06ක පමණ කාලයක සිදුවූවකි. දැන් ඔබට මේ වගතුග හොඳින්ම පැහැදිලිය. මෙම ප්‍රකට බ්‍රිතාන්‍ය සංගීතකරුවා සිදුකළ අනාවැකිය අද සත්‍යයක් වී ඇත. මේ හෙයින් මෙම වගතුග සැබෑ ලෙසම මහත් ආන්දෝලනාත්මක සිදුවීමකි.

මේ අතර එලිසබෙත් මහ රැජිනගේ අභාවය ගැන එංගලන්තයෙන් හෙළිවන තවත් අපූරු කතාන්දරයක්ද වෙයි. එනම් 2022 ජූලි මාසයේදී ලොගාන් ස්මිත් (Logan Smith) නමැති හඳුනා නොගත් පුද්ගලයකු විසින් තබන ලද ට්විටර් සටහනකි. එහි මෙසේ සඳහන්ව තිබිණි.

‘(@Logan_Smitn526) දීර්ඝ කාලයක් පුරා මහා බි්‍රතාන්‍යය පාලනය කරන රාජකීයයා වන 02 වැනි එලිසබෙත් මහ රැජින 2022 සැප්තැම්බර් 08 වැනිදා මියයනු ඇත. එසේම ඉන් පසුව චාල්ස් කුමාරයා වහාම රජකමට පත්වී 03 වැනි චාල්ස් රජු ලෙස පත්වනු ඇත. එසේ පත්වනු ලබන චාල්ස් රජුද 2026 මාර්තු මාසයේ 28 වැනිදා මියයනු ඇත.’

මෙය සැබැවින්ම තවත් පුදුමාකාර කතාන්දරයක් නොවේද? එසේම අපගේ ගත සිත කීරිගැසෙන වගතුගක් නොවේද? කෙසේ හෝ ජූලි මාසයේදී පළවී තිබුණු මෙම ට්විටර් පණිවුඩය මේ වන විට මුළු ලොවම මහත් ආන්දෝලනයකට පත්කර ඇත. එසේ වුවද මෙම ට්විටර් පණිවුඩයේ සත්‍යතාව ගැන යම් සමාජ මාධ්‍ය පර්ශ්ව විසින් විමර්ශනය කරමින් සිටියි. එනම් එය සත්‍ය එකක්ද එසේත් නැත්නම් හුදෙක් නිර්මාණය කරන ලද එකක්ද යන්න අධ්‍යයනය කරයි. කෙසේ හෝ ජූලි මාසයේදී පළවුණු එම පණිවුඩයේ සේයාරූ පවා මේ වන විට දක්නට හැකිය. තත්ත්වය එසේ වුවද කිසිදු අනන්‍යතාවක් නොමැති පුද්ගලයකු විසින් මෙම පණිවුඩය පළකර තිබිණි.

වත්මන් ලෝකය යනු අරුම පුදුම කතා ඇසෙන තෝතැන්නකි. කෙසේ හෝ එලිසබෙත් මහ රැජිනගේ වියෝව මතින් මෙම අපූරු කතා අපට ඇසෙන්නට විය. මෙහිදී මෙම කතාන්දර තුනෙන්ම මුලින්ම ලියා තැබූ නොස්ට්‍රාඩමස් මහා අනාවැකිකරුවාගේ කතාව යම් සත්‍ය ස්වරූපයක් ගන්නා බව පෙනෙයි. සැබැවින්ම මයිකල් ඩි නොස්ට්‍රාඩමස් යනු සැබෑ විශ්ව ශක්තියක් හිමි පුදුමාකාර මිනිසකු බව පිළිගත යුතුය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

HNBA අලෙවි සම්මාන උළෙල 2021 අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි…

Next Post

ලංකාවේ ආර්ථික අපරාධ කරපු අයට ජාත්‍යන්තර නීතියෙන් දඬුවම් කරන්නේ කොහොමද?

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.