• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ආර්ථික අපරාධ කරපු අයට ජාත්‍යන්තර නීතියෙන් දඬුවම් කරන්නේ කොහොමද?

September 19, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ලංකාවේ ආර්ථික අපරාධ කරපු අයට ජාත්‍යන්තර නීතියෙන් දඬුවම් කරන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

සැමියා හොරෙකි, බිරිය හෙරකි. පුරුෂලිංග වදන ‘හොරා’ යැයි පැවසෙන විට ස්ත්‍රීලිංග වදන ‘හෙර’ යැයි සිංහල භාෂාවේ ආර්ථ ගැන්වෙයි. මෙලෙස යුවලක්ම එකට එක්ව හොරකමේ ගොස් තිබුණේ කොතැනකද? මෙම අපූරු කතාව ඇසෙන්නේ අපේ රටින් නම් නොවුණත් අපගේ ශ්‍රී ලංකාවට සමීප දේශයකින් මෙම තොරතුර ඇසෙන්නට විය. මෙම සුවිශේෂ වගතුග ඇසෙන්නට වී තවම ගතවී ඇත්තේ සති දෙකක පමණ ඉතා කෙටි කාලයකි. මෙම 2022 සැප්තැම්බර් මුල් සතියේදී මෙම කතාව අසන්නට ලැබුණේ මැලේසියාවෙනි. එනම් මැලේසියාවේ ඉතා ප්‍රබල දේශපාලකයකු වූ හිටපු අගමැති නජීබ් රසාක් (Najib Razak)ට එරෙහිව ගොනුකර තිබුණු ඉතා ප්‍රබල දූෂණ, වංචා චෝදනා කිහිපයක්ම පසුගියදා මැලේසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චයට ගැනුණේය. මෙයට පෙර වතාවන් කිහිපයකදීද ඔහුට එරෙහිව මෙම චෝදනා විභාගයට ගැනුණද ඔහු අවස්ථා කිහිපයකදී ඇප මත නිදහස් වූයේය. එහෙත් මෙවර හිටපු අගමැතිවරයාගේ හොට කෙසෙල් ගසෙහි පැටලුණේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැලේසියාව පමණක් නොව මුළු ලොවම සෙලවෙන ආකාරයෙහි නඩු තීන්දුවක් ලබාදුන්නේය. හිටපු අගමැති නජීබ් රසාක් වසර 12ක කාලයකට සිරගෙට යැවීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව දැනට 69 වැනි වියෙහි පසුවන හිටපු අගමැතිවරයා අධිකරණයේ සිටම සිරගෙය වෙත රැගෙන ගියේය. ඔහු මේ වන විටත් සිරබත් කමින් සිටියි.

මෙම සිදුවීම ඇතිවී ගතවූයේ තවත් දින කිහිපයක් පමණි. සිර දඬුවම් නියම වූ මැලේසියාවේ හිටපු අගමැතිවරයාගේ බිරියටද එරෙහිව දූෂණ, වංචා චෝදනා නැගී තිබුණු අතර ඇයට එරෙහිවද ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාග කරන්නට ගත්තේය. දැනට 70 වැනි වියෙහි පසුවන රොස්මා මන්සූර් (Rosmah Mansor) නමැති මෙම කාන්තාවද දැනට කාලයක සිට විවිධ දූෂණ වංචා චෝදනාවලට මුහුණ දුන් තැනැත්තියකි. හරියටම 2022 සැප්තැම්බර් මුල් සතිය අගදී ඇයට එරෙහි නඩු විභාගය පැවැත්වූයේය. එම නඩු විභාගයේදීද මහාධිකරණ විනිසුරුවරයා අපූරු තීන්දුවක් ලබාදුන්නේය. ඇය දූෂණ වංචා චෝදනාවලට වැරැදිකරු කළ අතර රොස්මා මන්සූර්ට වසර 10ක සිර දඬුවමක් පැනවිණි. අවසානයේදී ඇයද තම ස්වාමියා මෙන්ම අධිකරණයේ සිටම සිරගෙට ගියාය. මැලේසියාවේ ප්‍රධාන රාජ්‍ය නායක තනතුර වන්නේ අගමැති ධුරයයි. මේ නිසා ඇය එකල සලකනු ලැබුවේ රටේ පළමු කාන්තාවද ලෙසිනි. කෙසේ හෝ ඇය තම ස්වාමියා සිරබත් කන්නට ගොස් දින හතක් ගතවන්නට මත්තෙන් ඇයද සිරබත් කන්නට ගත්තාය. මෙම සුවිශේෂ සිදුවීම මේ වන විටද මුළු මහත් ලොවම කලඹවන දුර්ලභ වාර්තාගත සිදුවීමක් බවට පත්ව හමාරය. රාජ්‍ය ධනය නොහොත් මහජන ධනය මෙලෙස සොරකම් කිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත විය.

මෙලෙස මැලේසියාවේ හිටපු අගමැති බිරිය විසින් සොරකම් කරන ලද මහජන ධනය ඉතා විශාල ප්‍රමාණයකි. එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 42ක ගනුදෙනුවක් වූ අතර ඇය එම මුදලින් ඩොලර් මිලියන 03ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 110ක්) දෙවතාවකදී ලබාගෙන තිබිණි. මැලේසියාවේ රාජ්‍ය පාසල් කිහිපයකට සූර්යබල විදුලි පද්ධති සවිකිරීමේ කොන්ත්‍රාත්තුවකින් ඇය මෙම මුදල ලබාගත් බවට ඔප්පු වී තිබිණි. මේ අතර ඇයගේ සැමියා වූ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ රාජ්‍ය කොන්ත්‍රාත්තුවලින් ඩොලර් මිලියන 10ක මුදලක් වංචා කිරීමය. මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 350ක් පමණ වෙයි. එම චෝදනාවද අධිකරණයේදී ඔප්පු විය. මේ හෙයින් හිටපු රාජ්‍ය නායක යුවලම වැරැදිකරුවන් වී සිරගෙට ගියහ.

තවමත් රස්නය පවා පහව නොගිය මෙම සුවිශේෂ සිදුවීම ගැන වගතුග ලියා තිබුවේ මෙයට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණු තවත් වැදගත් කතාන්දරයක් හේතුවෙනි. එනම් ශ්‍රී ලංකාවේද මේ ආකාරයට දූෂණ වංචාවලට සම්බන්ධ රාජ්‍ය නායකයන්ට සහ අනෙකුත් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වුණු ප්‍රබල තර්ජනයකි. එනම් මෙයට සතියකට පමණ පෙරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන සකස් වුණු විශේෂ වාර්තාවක් ප්‍රකාශයට පත්විය. මෙය පසුගිය 2022 සැප්තැම්බර් 12 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කෙරුණු 51 වැනි මානව හිමිකම් සැසිවාරය ආශ්‍රය කරගෙන ප්‍රකාශයට පත්වූ වාර්තාවකි. පිටු 16කින් සහ පරිච්ඡේද 71කින් සමන්විත මෙම වාර්තාව ඉංග්‍රීසි බසින් පමණක් පිළියෙල කරන ලද විශේෂිත ප්‍රකාශනයකි. මේ වාර්තාව මගින් දැනට ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන නවතම මානව හිමිකම් තත්ත්වය ගැන දැඩි විමර්ශනයක සහ විශ්ලේෂණයක යෙදෙයි. එම වගතුග ඉතා දීර්ඝ, සවිස්තරාත්මක ආකාරයෙන් එහි දක්වා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nations Human Rights Counsil – UNHRC) යනු ලෝකයේ රටවල් 183ක් සාමාජිකත්වය දරන ලෝකයේ ඇති ප්‍රබලතම එමෙන්ම අංක එකට ඇති මානව හිමිකම් සංවිධානයකි. මෙය වසර 77ක් පැරැණි සංවිධානයක් වන අතර එය පිහිටුවා ගනු ලැබුවේ 1946 වසරේදීය. මුලින් මෙය හැඳින්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලෙසින් වන අතර, පසුව එහි නාමය මෙයට වසර 16කට පෙරදී (2006දී) ‘කවුන්සිලය’ ලෙස වෙනස් කෙරිණි. කෙසේ හෝ ලෝකයේ සෑම රටකම මානව හිමිකම් අධීක්ෂණය සිදුකරනු ලබන්නේ මෙම සංවිධානය විසිනි. මේ ආකාරයට දැනට දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැනද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අධීක්ෂණය කරයි. ඔබ බොහෝ විට කලින් කලට මෙම තොරතුරු අසන්නට ඇත. එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය ආශ්‍රිත කරගෙන මෙම සංවිධානය සෑම වසරකදීම දිගු වාර්තාවක්ද ඉදිරිපත් කරයි. ඔබට මෙම තොරතුරු බිඳක් ලියා තැබුවේ යම් ආවර්ජනයක් සඳහා පහසු වීම උදෙසාය. කෙසේ හෝ පසුගිය වසර කිහිපය පුරා මෙම කවුන්සිලය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාවන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ වාර්තාවක් 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. එනම් මෙයට පෙර ඔවුන්ගේ වාර්තාවලින් බොහෝ විට ප්‍රකාශ වූයේ යුද අපරාධ හෝ ඊට සමාන විවිධ මානව හිමිකම් කඩකිරීම්ය. එහෙත් මෙවර නව වාර්තාවේදී එවැනි අපරාධ ගැනද සඳහන්ව තිබුණද ඉතා වෙනස් ආකාරයේ අපරාධ වර්ගයක් ගැන සුවිශේෂ සඳහනක්ද කර තිබිණි. කුමක්ද මේ කතාන්දරය? එනම් මෙය සඳහන්ව තිබුණේ අපූරු වදනකිනි. ‘ආර්ථික අපරාධ’ (Economic Crimes) යන්න එම ආන්දෝලනාත්මක වදන විය. 2022 වාර්තාවේ ස්ථාන ගණනාවකදීම මේ වදන සඳහන්ව තිබුණේ එයට ආශ්‍රය වූ අනෙක් කරුණද අවධාරණය කරමිනි. මෙම විශේෂිත වගතුග ගැන සොයා බලමු.

ලෝකයේ තිබෙන නොයෙකුත් වර්ගවල අපරාධ මධ්‍යයේ මෙලෙස පැවසෙන ආර්ථික අපරාධ (Economic Crimes) යනු මොනවාද? මෙම වදන ශ්‍රී ලංකාවට යම් ආකාරයක අලුත් වදනක් වුවත් මෙය ජාත්‍යන්තරයේදී බොහෝ ප්‍රකට වූ වදනක් ලෙස සැලකිය හැකිය. ජාත්‍යන්තර අර්ථකථනයන්ට අනුව ආර්ථික අපරාධ යනු මූල්‍ය අපරාධ (Financial Crimes) ලෙසද හඳුන්වා ඇත. මූල්‍ය අපරාධ යන්න නම් අපගේ සවනට හුරුය. එසේම ඒ පිළිබඳ සිදුවන විවිධ කටයුතු රැසක්ද ශ්‍රී ලංකාව තුළ දැකගත හැකිය. කෙසේ හෝ මෙම වදන් දෙකම එකම අර්ථකථනයක් ලෙස ප්‍රකාශ වී තිබුණද ආර්ථික අපරාධවලින් ප්‍රකාශ වන තේරුම බොහෝ ගැඹුරු බව විද්වතුන්ගේ මතය වී තිබේ. එනම් මෙහිදී රටක මුළු මහත් ආර්ථිකයටම සිදුකරන අපරාධයක් එමගින් කියැවෙයි. එහිදී එම අපරාධය සිදුකෙරෙන්නේ ප්‍රධානතම වශයෙන් මූල්‍යමය අපරාධයක් හරහා බව විද්වත් මතයයි. මූල්‍යමය හෝ වෘත්තීය වාසියක් ලබාගැනීම සඳහා යම් පුද්ගලයකු හෝ පුද්ගලයන් කණ්ඩායමක් හෝ සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් මෙයින් අර්ථවත් වෙයි. මෙහිදී මෙවැනි අපරාධවල ප්‍රධාන අරමුණ නම් තමන් වෙත ආර්ථිකමය වාසි ලබාගැනීමයි. මෙම අපරාධ යම් රටක් තුළ දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන්ද ක්‍රියාත්මක වෙයි. තවත් ආකාරයකින් කියනවා නම් මෙම ආර්ථික අපරාධ ඉතා සංවිධානාත්මක මට්ටමින් ක්‍රියාත්මක වෙයි. මෙහිදී මෙම ක්‍රියාවලිය සාපරාධී ආකාරයෙන් ක්‍රියාත්මක වී එය රටක ආර්ථිකයට ඉතා දරුණු ලෙස බලපානු ලබයි. මෙම ආර්ථික අපරාධ ජාත්‍යන්තර මූල්‍ය අර්ථකථනයට අනුව ක්ෂේත්‍ර 08කට බෙදා දක්වා ඇත. මෙය සැබැවින්ම ඉතා සංකීර්ණ විෂයක් වන අතර ශ්‍රී ලංකාවට විටෙක මෙය අලුත් කතාන්දරයක් පෙන්නුම් කරයි. එසේ වුවද ශ්‍රී ලංකාව තුළ මෙම විනාශය දැකිය හැක්කේ මූල්‍යමය අපරාධයක් ලෙසිනි. කෙසේ හෝ අද ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති මෙම ආර්ථික අපරාධ කාණ්ඩයන් මොනවාද?

පිළිගත් ජාත්‍යන්තර අර්ථකථනයන්ට අනුව එම ක්ෂේත්‍රයන් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

• ආයෝජන වංචාව – Investment Fraud
• මහා අලෙවිකරණ වංචාව – Mass Marketing Fraud
• ගෙවීම්, ඇණවුම් වංචාව – Payment Order Fraud
• රක්ෂණ වංචාව – Insurance Fraud
• ප්‍රතිලාභ වංචාව – Benefit Fraud
• සහනාධාර වංචාව – Subsidy Fraud
• ප්‍රසම්පාදන වංචාව – Procurement Fraud
• ණය සහ උකස් වංචාව – Load and Mortgage Fraud

දැන් ඔබට මෙම විෂයෙහි බැරෑරුම්කම පැහැදිලි වනු ඇත. මෙම ආර්ථික අපරාධ හෝ මූල්‍ය අපරාධවලට හෝ සම්බන්ධ වන පුද්ගලයන් ‘ආර්ථික අපරාධකරුවන්’ හෝ ‘මූල්‍ය අපරාධකරුවන්’ හෝ ලෙස හඳුන්වා දී ඇත. මෙම පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් හෝ මෙම අපරාධ ඉතා සූක්ෂ්ම අයුරින් සිදුකරනු ලබන්නේ ඒ ඒ රටවලට අදාළ මහ බැංකු, බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන හරහාය. එහිදී මෙම පිරිස් එම මහා පරිමාණ වංචා හරහා දැඩි ලෙස මූල්‍ය විශුද්ධිකරණය සිදුකරනු ලබන අතර එහිදී ඒ ඒ රටවල ආර්ථිකයන් කඩාවැටීමකට ලක්වනු ලබයි. එහිදී අනෙක් භයානකම විනාශය වන්නේ එම ආර්ථිකයන් කඩාවැටීම නිසා එම රටවල සිටින ජනතාවට විඳින්නට සිදුවන මහා පීඩාවයි.

දැන් ඔබ මෙම කතාවෙහි නිසි හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණ ඇත. ආර්ථික අපරාධ යන්නද ඔබට හොඳින් පැහැදිලිය. එසේ නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කරන ලද 2022 නවතම වාර්තාව තුළින් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි අපරාධ ගැන නොවේද? එම කවුන්සිලයේ ප්‍රධානත්වය දරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. මෙහිදී ප්‍රථම වතාවට එම වාර්තාව තුළින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සහ සිදුවූ ආර්ථික අපරාධ ගැන දැඩි ලෙස අවධාරණය කර ඇත. එහි මේ ආකාරයෙන් සඳහන් වෙයි.

‘පසුගිය කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට හේතුවී ඇත්තේ ආර්ථික අපරාධ රැසක් සිදුවීමයි. මෙම ආර්ථික අපරාධ නිසා ශ්‍රී ලංකාවේ ජනතාව අතිශය ඛේදනීය තත්ත්වයකට පත්වූ අතර, ඔවුන්ගේ මානව හිමිකම්ද ඒ අනුව උල්ලංඝනය විය. මෙලෙස ආර්ථික අපරාධ සිදුවීම් ගැනත්, ඒවා සිදුකිරීමට මුල් වූ අපරාධකරුවන් ගැනත් සොයා බැලිය යුතුය. එවැනි දූෂණ වංචාවන් ගැන විමර්ශනය කිරීමට නිසි මුක්තිය යෙදාගත යුතුය. අප කවුන්සිලයේ සාමාජික රටවලින්ද ඉල්ලා සිටින්නේ මෙම විමර්ශනයන් සඳහා උදව් උපකාර කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ආරක්ෂා කිරීම සඳහා එම තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. තවද මෙලෙස ජාත්‍යන්තර මට්ටමින්ද සිදුකරනු ලැබූ ආර්ථික අපරාධ සහ එම අපරාධකරුවන් ගැන විමර්ශනය කිරීම සඳහා සියලු පාර්ශ්වවල සහාය බලාපොරොත්තු වෙනවා. මෙවැනි පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒමට වහා කටයුතු කළයුතු අතර ඔවුන් විසින් සොරකම් කරන ලද මහජන ධනය නැවත අයකර ගැනීමටත්, ඒවා රාජසන්තක කිරීමටත් පියවර ගත යුතුය. එසේම එවැනි පුද්ගලයන්ට එරෙහිව සංචරණ සම්බාධක මෙන්ම අනෙකුත් අදාළ නීතිරීතිද පැනවීමට කටයුතු කළ යුතුයි….’

මේ ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාවේ ප්‍රකාශ කර ඇත. මෙහිදී තවත් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ මෙලෙස ආර්ථික අපරාධ සිදුකරමින් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ අපරාධකරුවන්ට එරෙහිව දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන්ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. මේ ආකාරයට ආර්ථික අපරාධ සිදුකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මහා විනාශයකට පත්කිරීම ගැන වගකිව යුතු පුද්ගලයන් ගණනාවක්ම ශ්‍රී ලංකාව තුළ සිටින බවද මෙම වාර්තාවෙන් අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය තුළ මෙවැනි පුද්ගලයන් කිහිප දෙනකුගේ නම්ගම් සඳහන්ව තිබුණත් එම පිටු 16කින් සහ පරිච්ඡේද 71කින් සමන්විත වාර්තාව තුළ එවැනි නම්ගම් සඳහන්ව නොතිබිණි. එහෙත් මීට පෙර ශ්‍රී ලංකාවට ඉදිරිපත්ව තිබුණු මානව හිමිකම් වාර්තාවකදී මෙවැනි නම් කිහිපයක් සඳහන්ව තිබී ඇත. කෙසේ වෙතත් මේ ආකාරයේ අලුත්ම මානව හිමිකම් අපරාධ චෝදනාවක් ශ්‍රී ලංකාවට එල්ල වන්නේ ප්‍රථම වතාවටය. එසේම එවැන්නක් නිල වාර්තාවක සඳහන් වන්නේද ප්‍රථම වතාවටය. එහෙයින් මෙය ශ්‍රී ලංකාවේ දෙනෙත් විවර කරවන ආන්දෝලනාත්මක කතාන්දරයකි.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රැජින මියයන දිනය හරියටම කියපු තුන්දෙනා…

Next Post

අරගලයේ නියමු වසන්ත මාස 3ක් ඇතුළේ සිටියදී අරගලකරුවන් වසන්තගේ උපන්දිනය එළියේ සැමරුවේ මෙහෙමයි! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.