කඩුවෙල විවිධ සේවා සමුපකාර නිලවරණය හෙට (16) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් එය අත්හිටුවා තිබේ.
අදාළ සාමාජික පිරිස් අලුතෙන් යාවත්කාලීන වී නැති බව පවසමින් අදාළ නිලවරණය කල් දැමීමට ඔහු කටයුතු කොට ඇත.
කෙසේ වෙතත්,කඩුවෙල සම්පකාර නිලවරණය හෙට දිනයේ පැවැත්වෙන බව නිවේදනය කරමින් අදාළ ප්‍රාදේශික 32ට නාමයෝජනා ඉල්ලුම් කොට ඇති අතර ඊට අදාළ රුපියල් තිස් දෙදහක ගාස්තු ගෙවා නාමයෝජනා සියල්ල ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය කණ්ඩායම කටයුතු යොදා තිබුණි.
ඒ අනුව ඔවුන් නිලවරණයට සූදානම් වී සිටියද පොහොට්ටුව නියෝජනය කරමින් නාමයෝජනා සම්පූර්ණ කර නොතිබූ බවද වාර්තා වෙයි.
නිලවරණ දිනය නම් කොට තිබියදී සහ අයදුම්පත් කැඳවා තිබියදීත් මෙලෙස හිටිඅඩියේ නිලවරණය කල් දමා ඇත්තේ කුමන හේතුවකට දැයි යන්න නිශ්චිත නැත.
මේ දක්වා රට පුරා පැවති සමුපකාර නිලවරණවලින් 95% කට වැඩි ප්‍රමාණයක ජයග්‍රහණය හිමිව ඇත්තේ සමගි ජන බලවේගය ට ය.










