• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට විනාශ කර බංකොලොත් කළ රාජපක්ෂලා ඒ අයගේ රූකඩයක් මුල් පුටුවේ වාඩි කරවලා තමන්ට ඕන විදිහට රට පාලනය කරනවා! සසුනට අරුණ යළි අරඹමින් සජිත් පිළියන්දල සංකල්ප විහාරයට ආධාර කරයි! (VIDEO & PHOTOS)

September 14, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
රට විනාශ කර බංකොලොත් කළ රාජපක්ෂලා ඒ අයගේ රූකඩයක් මුල් පුටුවේ වාඩි කරවලා තමන්ට ඕන විදිහට රට පාලනය කරනවා! සසුනට අරුණ යළි අරඹමින් සජිත් පිළියන්දල සංකල්ප විහාරයට ආධාර කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මිනිසුන්ට ජීවත් වීම සඳහා ලබා දිය යුතු අවම සම්පත් ලබා දීමටත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබියදීත් ඒ සඳහා මුදල් වෙන් කළ නොහැකි බවට රජය විසින් පවසා සිටියදීත් රාජ්‍ය ඇමතිවරු 38ක් නඩත්තු කිරීම සඳහා අතිවිශාල මුදල් කන්දරාවක් වෙන් කර විශාල වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබා දී ඇති බව (13) පිළියන්දල දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාකන්දන,මඩපාත,පිළියන්දල සංකල්ප විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. එකී ගොඩනැගිල්ල ඉදිකිරීමට දායකත්වය සැපයීමේ අරමුණ පෙරදැරිව සංකල්ප විහාරාධිපති, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමිපාණන්වහන්සේ වෙත විපක්ෂ නායකතුමා විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

වසර දෙකහමාරකට ආසන්න කාලයක් සූරයෙක් වීරයෙන් පත් කර රට බංකොලොත් කර ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ මේ වන විට බරපතළ දේශපාලන රංගනයක නිරතවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළ රාජපක්ෂ පරපුර තනතුරුවලින් ඉවත් වුවත් ඔවුන්ගේ රූකඩයක් මේ වන විට රටේ මුල් පුටුවේ වාඩිකරවා තමන්ට අවැසි ලෙස කටයුතු කරන බවයි.

මේ වන විට ජනමතවිචාරණයක් හරහා බලය තහවුරු කිරීමට උත්සාහ කරන බවත් එහෙත් සිදු විය යුත්තේ ජනතාවගේ මනාපයෙන් පුද්ගලයන් පත් කර ගැනීම බවත් එසේ නොමැතිව පොහොට්ටු සෙවනැලි පාලනයක් ගෙන යාමට ඉඩ ලබා නොදිය යුතු බවත් මේ වන විට වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහ රාජපක්ෂලාගේ ප්‍රාණ ඇපකරුවක–ු ලෙස කටයුතු කරන බව ද පැවසීය.

රටේ ලක්ෂ 220ක් වූ ජනතාවගෙන් අති බහුතරයක් මේ වන විට අසීමිත අසහනයකට, පීඩනයකට ලක්ව ඇති බවත් මෙවන් අවස්ථාවක සියලු දෙනාම කළ යුත්තේ ආත්මාර්තකාමීත්ව පසෙක දමා පරාර්ථකාමීත්වයට මුල් තැන ලබා දීම වුවත් රටේ සිදුවන සමහර දේවල් ගැන ලොකු කණගාටුවක් ඇති වන බව ද පැවසීය.

මව්වරුන්ට අවශ්‍ය කිරිපිටි, ත්‍රිපෝෂ, අත්‍යාවශ්‍ය පෝෂණ මලු ආදිය නොලැබෙන බවත් තරුණ පරපුර විරැකියා පෝලිමේ සහ ඇතැම් පිරිස රට අතහැර යාමෙන් බුද්ධි ගලනයක් සිදුව ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ප්‍රශ්න ගැන අනාවබෝධයෙන් කටයුතු කිරීම තුළ වෛද්‍ය ක්ෂේත්‍රයේ ද විශේෂඥ වෛද්‍යවරු රට අතහැර යාම, ඖෂධ හිඟයක් ඇති වීම ආදී තත්ත්වයන් ඇතිව බවත් පැවසීය. මේ තුළින් රෝගීන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව ජීවත් වීමේ අයිතිය පවා අහිමි වී ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ වන විට ධීවර, ගොව කෘෂිකර්ම, ඉදිකිරීම් ක්ෂේත්‍රය පවා බිඳ වැටී ඇති බවත් මුළු රට රටම එකතැන නතර වී ඇති බවත් අවම වශයෙන් පාසල් අධ්‍යාපනය පවා බිඳ වැටී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයට මෙවැනි අඩුපාඩු තුරන් කිරීම සඳහා ඉල්ලීම් සිදු කරන විට කියා සිටින්නේ මුදල් නොමැති බවයි.

එසේ වුවත් මිනිමරුවන්ට පවා ඇමතිධුර ලබා දෙන තත්ත්වයට මේ රජය පත්ව ඇති බවත් ඒ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පවා පාරේ බැහැල යා නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් පැවසීය.

බංකොලොත්වුණ මේ රට නැවත ගොඩනැගීමට කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු 15ක් පමණක් ප්‍රමාණවත් බවත් එහෙත් මේ වන විට ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවත් එසේ ඉක්මවා යෑම තුළ ඔවුන් නඩත්තු කළ යුත්තේ ජනතාවගේ බදු මුදලින් බැවින් මේ සඳහා විරුද්ධ වී සැබෑ දේශප්‍රේමී රටක් නිර්මාණය කිරීමට පෙරට ආ යුතු බවද ඒ මහතා පැවසීය.

SendShareShare
Previous Post

මිනිස්සු බෝට්ටුවලින් රට පනින්න පටන් අරන්! අදත් 78ක්!

Next Post

මගේ ගෙදර කන්න බොන්න නැති නිසා නෙමෙයි මම පාරට බැස්සේ! දමිතා සටන නොනවත්වයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.