වවුනියාව බෝගස්වැව කඳවුරේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබළකුට කිසියම් පිරිසක් විසින් පහර දී තුවාල සිදු කර ඔහු සතුව තිබු ගිනි අවිය පැහැරගෙන ගොස් ඇත.
සිද්ධියෙන් තුවාල සිදු වූ සෙබලා අනුරාධපුර රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී.
මීට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, යුද හමුදාව සහ පොලිසිය මේ වනවිට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබයි.










