ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු මුදල් ඇමති, ජනපති සහ අගමැති ඉවත්ව ගියත් මේ වන විට ඔවුන්ගේ රූකඩයක් ජනාධිපති කර, පොහොට්ටු ආණ්ඩුව රට විනාශ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජන බලවේගයේ පුත්තලම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු පත්කරමින් ජනවරමක් නොමැති ජනාධිපතිවරයාට මනාප 134ක් ලබාදුන් මන්ත්‍රීවරුන්ට ඔහු කෘතගුණ දක්වමින් සිටින බවයි..