• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවට පාඩමක් උගන්වන ග්‍රීසියේ සීගිරිය…

September 13, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ලංකාවට පාඩමක් උගන්වන ග්‍රීසියේ සීගිරිය…
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ නම ලෝකෙට අරගෙන අති විශිෂ්ට පාරාදීසයක් විදියට අපට හැමදාම නම්කරන්න පුළුවන් වෙලා තියෙන තැනක් තමයි සීගිරිය කියලා කියන්නේ. සීගිරිය ඇත්තටම ලෝක පූජිත සිහිවටනයක්. සීගිරිය ලෝක උරුමයක් විදියටත් මේ වෙද්දී යුනෙස්කෝ සංවිධානය නම්කරලා ඉවරයි. ලංකාවෙ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකතු වෙලා සීගිරිය පුදුමාකාර විදියට ආරක්ෂා කරනවා. ඒ වගේම සීගිරියට තියෙන්නේ අතිවිශාල සංචාරක ආකර්ෂණයක්. ඒක නිසාම ලංකාවට ලෝකෙ කොහේ ඉඳන් සංචාරකයො ආවත් ඒගොල්ලෝ සීගිරිය බලන්න යන්න අමතක කරන්නේ නැහැ. මේ විදියට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සීගිරිය පිරී යෑම හේතුවෙන්ම සීගිරිය ආරක්ෂා කිරීම සඳහා විවිධ නීතිරීති පනවන්න සිද්ධ වෙලා තියෙනවා.

සමහර නීතිරීති නැත්නම් සීගිරිය ආරක්ෂා කරගන්න බැරි බවත් ඇත්ත. සීගිරිය විතරක් නෙවෙයි ලංකාවෙ බොහෝ සිහිවටන ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ විදේශිකයන්ගෙන් නෙවෙයි. අපේම රටේ මිනිස්සුන්ගෙන්. අපේ රටේ මිනිස්සු මේවා ආරක්ෂා කරනවා වෙනුවට මේවට විශාල වශයෙන් හානි කරන්න, කඩාබිඳ දමන්න, හොරකම් කරගෙන යන්න උත්සාහ කරන බව අපට පේනවා. ඒත් අපි දන්නවා සීගිරිය සියවස් ගණනක් තිස්සේ නරඹන්නන්ගේ හැඟීම්වලින් පිරිච්ච කැටපත් පවුර කියන දේ නිසාම ලෝකෙ ප්‍රකට වෙලා තියෙන තැනක්. ඒ නිසා සීගිරිය බලන්න ආපු මිනිස්සුන්ට තමන් මේ සීගිරිය දැක්කට පස්සේ සීගිරි අප්සරාවො නැරඹුවට පස්සේ ඇත්තටම හිතුණේ මොකක්ද කියන එක ලියන්න අවස්ථාව දීලා තියෙනවා. ඒත් පහුගිය දවසක මෙහෙම සීගිරිය බලන්න ඇවිල්ලා තමන්ගෙ හැඟීම හෝ වෙනත් දෙයක් මේකෙ ලියපු එක්තරා තරුණියක් අත්අඩංගුවට පවා පත්වෙනවා. සීගිරිය අසබඩ යම් හේතුවකින් ෆෝන් එකකින් වීඩියෝ කරන්න, පටිගතකිරීම් කරන්න, සීගිරි චිත්‍ර සම්බන්ධව යම් වැඩසටහනක් කරන්නවත් අපට කිසිසේත්ම අවසර ලැබෙන්නේ නෑ. ඒවා සඳහා විවිධ සීමා මාඉම් පනවන්න අපේ රජය කටයුතු කරලා තියෙනවා. මේ ඒකෙ වැරැද්දක් කියනවා නෙවෙයි. හැබැයි අපට හිතෙනවා අවසාන වශයෙන් මේ කියන කාරණාවේදී මේ ලිපියට අවශ්‍ය කරන කරුණු හොයද්දී අපට හිතිච්ච දේ තමයි ඇත්තටම සීගිරියෙන් හරියෙන් වැඩක් අරගෙන තියෙන්නේ කාශ්‍යප රජ්ජුරුවො විතරයි කියලා. ඒ ඇයි කියලා මේ ලිපිය සවිස්තරව කියවද්දී ඔබට තේරුම් යාවි.

මේ ලිපියත් එක්ක පළවෙන පින්තූර ඔබ දැක්කද? ඒවායෙ යම්කිසි විදියකට සීගිරිය හා සමාන බොහෝ ලක්ෂණ තියෙනවා. මේ සීගිරිය හා සමාන වුවත් මේක ලංකාවෙ තැනක් නම් නෙවෙයි. මේක තියෙන්නේ ග්‍රීසියේ. ග්‍රීසිය කියලා කියන්නේ ලෝකයේ ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන රාශියක් තියෙන තැනක්. ග්‍රීසිය ලෝකයේ දැවැන්ත සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත තැනක්. ඒ නිසාම ග්‍රීසිය කියන සංචාරක පුරවරය සංචාරකයන්ව ආකර්ෂණය කරගැනීම සඳහාම විවිධ වැඩසටහන් දියත් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ විදියට ග්‍රීසිය සංචාරකයන් ආකර්ෂණය කරගන්න තරමටම ලංකාවටත් සංචාරකයො ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒත් අවාසනාවකට ග්‍රීසිය වගේ රටවල් දියත් කරන ව්‍යාපෘති ලංකාව කරනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

මෙටෝරා (Meteora) කියලා කියන්නේ ග්‍රීසියේ තියෙන ඓතිහාසික වටිනාකමක් සහිත ආරාම සංකීර්ණයක්. මේක කඳු මුදුනක්. මේ කඳු මුදුන සීගිරිය වගේම බැලූ බැල්මට දිස්වෙන තැනක් නිසා අපට මේ ලිපියට සීගිරිය ඈඳන්න හිතුණා. සීගිරිය වගේම ආරක්ෂා කළ යුතු තැනක් වුණත්, මේ රටවල බලධාරීන් මේක ආරක්ෂා කරන්නේ වෙන විදියකට. ඒ කියන්නේ සීගිරිය ආරක්ෂා කරන විදියට නෙවෙයි. සීගිරිය ආරක්ෂා කරන්න අපේ බලධාරීන් කටයුතු කරන්නේ සීගිරියට කිසි කෙනෙකුට යන්න එන්න බැරි විදියට, සීගිරියේ තියෙන වටිනාකම් ඉතා ඉහළ බව දැනෙන විදියට සිදුකරන වැඩපිළිවෙළවලින්. ඇත්තටම සීගිරිය බොහෝ වෙලාවට අලුත් දේවල් කරන තැනක් නෙවෙයි. සීගිරියට අලුත් දේවල් කරලා, සීගිරිය වෙනස්කම් කරලා, සීගිරිය නවෝත්පාදන ආයතනයක් බවට පත් කරලා, සීගිරියට අලුත් හැඩයක් දීලා, සීගිරිය වෙනුවෙන් සංචාරක ආකර්ෂණයට විවිධ වැඩසටහන් දියත් කරලා තවමත් අපි සූදානම් නෑ. පහුගිය වතාවක සීගිරියේ රාත්‍රී සංචාරය සඳහා මේක විදුලි බුබුළුවලින් අලංකාර කරලා, නාටිකාංගනාවන් යොදාගෙන කරන්න ගිය වැඩපිළිවෙළට අපේ රටේ සංස්කෘතික සංවිධාන දැඩි සේ විරෝධය පළ කළා. ඒ පළ කළේ ඒ හරහා සීගිරියට සිද්ධ වෙන හානිය විශාල බව කියමින්. නමුත් ඇත්තටම ලෝකය සංචාරක ආකර්ෂණය දිනාගැනීම සඳහා දියත් කරන ව්‍යාපෘතිවල බොහෝ අලුත් දේවල් තියෙනවා.

මෙටෝරා වසර සිය දහස් ගණනක් පැරැණි ආරාම සංකීර්ණය නැවත එහි පාදම මත ගොඩනංවන්නට මේ අය කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ විදියට පාදම මත ගොඩනඟපු මෙටෝරා ආරාම සංකීර්ණය අද වෙනකොට සංචාරකයන්ගේ අතිශය විශාල ආකර්ෂණයක් දිනාගන්න සමත් වෙච්ච තැනක් බවට පත්වෙලා. මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ස්ථානය නරඹන්න එනවා. ඒ අසබඩ විශාල සංචාරක පුරවරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තුළට යන්න එන්න, මේවායේ නතර වෙන්න බොහෝ දෙනකුට හැකියාව නිර්මාණය වෙලා තියෙනවා. ඒත් අපි තවමත් ඒ කිසි දෙයක් කරන්න හිතන්නෙවත් නෑ. එතකොට ඇයි අපට බැරි අලුත් විදියට හිතන්න? සීගිරි බළකොටුවේ ඓතිහාසික බව ආරක්ෂා වන විදියට, ගඩොලකටවත් හානියක් නොකර මේක ආයෙත් ගොඩනගන්න අපට බැරිද? මේ තුළ සංචාරක ආකර්ෂණය ඇත්තටම දිනාගන්න පුළුවන් පරිසරයක් හදන්න අපට බැරිද? ඇවිල්ල ගිය සුද්දෙක්ට ආයෙත් වතාවක් සීගිරියට යන්න හිතෙන්න මේ දේවල් ආරක්ෂා වන විදියට යමක් කරන්න අපට බැරිද? ඇයි අපි තවමත් මීට අවුරුදු සිය දහස් ගණනකට කලින් අපේ රජවරු හදපු තැනින්ම ආයෙත් පටන් ගන්නේ නැත්තේ? අපි හදන්නේ අපි හිතන්නේ ඒගොල්ලො කරපු දෙයින්, ඒගොල්ලෝ හදපු දෙයින් හම්බ කරනගන්න විතරයි නම්, කොහොමද අපි අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ? ඒ ගැන කතා කරන්න මේ පින්තූර ඔබට අලුත් පාරක් විවෘත කරාවි.

මේ කඳු මුදුනට නම දාලා තියෙන්නෙම උල්කාපාතයක් විදියට. මීට වසර 5,000ත් 50,000ත් අතර කාලයකට පෙර උල්කාපාත අවට ගුහාවල පදිංචි වුණු අය තමයි මේ මෙටෝරාවෙ අයිතිකාරයො. මේ මුදුනෙ තියෝපෙට්‍රා ගුහාවේ දොරටුවෙන් තුනෙන් දෙකක් අවහිර කරලා ගල් පවුරක් මීට වසර 23,000කට කලින් ඉදිකරලා තියෙනවලු. පැලියොලිතික් සහ නව ශිලා යුගයේ මිනිස්සු ජීවත් වූ බවට විශ්වාස කරන්න පුළුවන් කෞතුක වස්තු මේ ලෙන් තුළින් හමුවෙලා තියෙනවා.

නව ශිලා යුගයෙන් පස්සෙ උල්කාපාතයෙ වාසය කළ බවට ලේඛනගත කරන ලද පළමු පුද්ගලයන් වූයේ, ක්‍රි.ව. නවවැනි සියවසේදී, පුරාණ කඳු මුදුන් දක්වා ගමන් කළ ආරාමික භික්ෂුන් පිරිසක්. ඔවුන් ජීවත් වූයේ තැනිතලාවෙන් අඩි 1,800ක (මීටර 550) තරම් උසකින් යුත් පාෂාණ කුලුනුවල කුහර සහ ඉරිතැළීම්වල බවයි කියන්නෙ. මේ විශාල උස, ප්‍රතාප බිත්තිවල තිබුණු අවදානම් සහිත බව නිසා අධිෂ්ඨානශීලී අය ඇර බොහෝ දෙනෙක් මේ කඳු මුදුනට ගොඩ වුණේ නෑ. මුල් කාලීනව මේ කඳු මුදුනට වැඩි දෙනෙක් ආ ගිය බවක් කියවෙන්නෙ නෑ. ඒත් ඉරිදා සහ විශේෂ දිනවල පමණක් පර්වතයක් පාමුල ඉදිකරන ලද දේවස්ථානයකට නමස්කාර කිරීමට හා යාඥා කිරීමට රැස්වුණු බවක් කියනවා.

කොහොම වුණත් මේ වෙන කොට මේ කඳු මුදුන සංචාරකයන් වෙනුවෙන් විශේෂයෙන් සකස් වෙලා ඉවරයි. පැරැණි නටබුන් මත ගොඩනඟපු නව ගොඩනැඟිලි නිසා මේ ස්ථානය වෙත එන සංචාරකයො තව තවත් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙලා. ඒ නිසා අපිත් ඉල්ලමු, අපේ රටේ අයටත් අලුත් විදියට හිතන්න කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආහාර සුරක්ෂිතතාව ඇති කරන්න රනිල්ගෙන් කමිටු 7ක්!

Next Post

ප්‍රසන්නගේ මිනුවන්ගොඩ පදාසයක් ගැලවෙයි! මීට පස්සෙ පොහොට්ටුවේ කිසිම සාකච්ඡාවකට නගරාධිපතිත් නෑ! නාගරික මන්ත්‍රීවරුත් නෑ! අද ඒකමතික තීන්දුවක් අරන්!

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.