• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රසන්නගේ මිනුවන්ගොඩ පදාසයක් ගැලවෙයි! මීට පස්සෙ පොහොට්ටුවේ කිසිම සාකච්ඡාවකට නගරාධිපතිත් නෑ! නාගරික මන්ත්‍රීවරුත් නෑ! අද ඒකමතික තීන්දුවක් අරන්!

September 13, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ප්‍රසන්නගේ මිනුවන්ගොඩ පදාසයක් ගැලවෙයි! මීට පස්සෙ පොහොට්ටුවේ කිසිම සාකච්ඡාවකට නගරාධිපතිත් නෑ! නාගරික මන්ත්‍රීවරුත් නෑ! අද ඒකමතික තීන්දුවක් අරන්!
Share on WhatsAppShare on Facebook

ගෙවල් ගිනි තියලා මාස 04යි. ඉන්න හිටින්න තැනක් නෑ. දරුවන්ගෙ අධ්‍යාපනය විනාසයි. අපට වෙච්චි අපරාධය ගැන වචනයක් කතා කරන්නෙ නැතිව පක්ෂය ගොඩදාන හැටි කතා කරන්න පක්ෂ මූලස්ථානයට ගෙන්වනවා.

ලොක්කන්ට හානි පූර්ණය කරනවා නම් අපිට ඒ වගේ දෙගුණයක් ගෙවන්න වේවි. සත පහක් ආණ්ඩුවෙන් හොරකම් කරගෙන නෙමෙයි අපේ ගෙවල් දොරවල් හැදුවේ.

මින් පසු පොදුජන පෙරමුණේ කිසිම පක්ෂ කටයුත්තකට මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති ලෙස තමාත්, තම මන්ත්‍රීවරුනුත් සහභාගී නොවීමේ තීරණයක් ගැනීමට සූදානම් බව මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර අද (13) මිනුවන්ගොඩ නගරසභා සැසිවාරයේ දී පැවසුවේය.

නිවාස ගිනිතබා සියලු දේ නැතිවූ පසු යන එනමං නොමැතිව අන්ත අසරණ වී සිටින තමන් ඇතුළු පොදුජන පෙමුණේ ප්‍රාදේශීය දේශපාලකයන්ට සිදුවූ සමාජ ව්‍යසනය පිළිබඳ එක් වචනයකින් නොවිමසා පක්ෂ මූලස්ථානයට කැඳවා පක්ෂය සංවර්ධනය කිරීම ගැන විමසන මේ දේශපාලකයන් සම්බන්ධයෙන් ඇත්තේ දරාගත නොහැකි කලකිරීමක් බව ඔහු එහිදී විවෘතව ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ පොදුජන පෙරමුණේ නායකයාටත්, පක්ෂයේ ඉහළම තැනටත් මේ කතාව කණේ තියන ලෙසත්, ලොකු කතා කීවාට කිසිම තේරුමක් නැති බවත් සභාපතිවරයා පැවසුවේය.

එහිදී ඔහු මේසේ ද කීවේය.

”අපට තියන වේදනාව අපි මිනිස්සුන්ට කිය කියා පස්සෙන් ගියෙ නෑ. මට ඉන්න හිටින්න තැනක් නෑ. මගෙ දරුවන්ගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. තුන්වැනි දරුවට යන්න පාසලක් නෑ. මම කුලියාපිටියට ගියා ඉන්න හිටින්න තැනක් නැති නිසා. අපට වෙලා තියන හරිය කියාගන්න වචන නෑ.”

”අද වෙනකම් අපේ පක්ෂය අපෙන් ඇහුවෙ නෑ මොකද කරගත්තෙ කියලා. කිසි කෙනෙක් කතා කළේ නෑ. සභාපතිවරු ලෙස අපව පක්ෂ මූලස්ථානයට කැඳෙව්වා. අපට වෙච්චි දේ ගැන වචනයක් අහන්නෙ නැතිව පක්ෂයේ ඉදිරි සංවර්ධනය ප්‍රගතිය ගැන කතා කරනවා.”

”අපි තීරණයක් ගනිමු. අපට ඔය පක්ෂයෙ වැඩවලට එන්න කිව්වාම අපි තිරණයක් අරන් අපේ පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඒවට යන්නෙ නැතිව ඉඳිමු.”

”ලොකු කතා කිව්වට බෑ. වෙන්න ඕන අසාධාරණය අපට වෙලා ඉවරයි. අපට සාධාරණය ඉටුවන තුරු පක්ෂයේ කිසිම වැඩකට සම්බන්ධ නොවී හිඳිමු.”

”මගෙ මේ කතාව ඉස්සරවෙලාම ගිහින් කණේ තියයි ඉහළම දේශපාලන අධිකාරියට. මට කමක් නෑ. කවුරු මොනව කිව්වත් මට කමක් නෑ. මිනුවන්ගොඩ නායකයට කිව්වත් කමක් නෑ.”

”අපි ජීවත් වෙන්නෙ අන්ත අසරණ තත්ත්වයක. බැංකු ණය අරන් මගෙ නිවස හදාගෙන අවුරුදු 10කට පස්සෙයි මම නගරාධිපති වෙන්නෙ. මම මගෙ දරුවන්ට මහජන දේපල හොරා කාලා කන්න දීලා නෑ.”

”ඒ මිනිස්සුන්ට හානි පූර්ණය කළා නම් ඒ වගේ දෙගුණයක් අපට සහන සලසන්වන්න ඕන.”

එම සභාව තුළම පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී දීපාල් ගුණවර්ධන ප්‍රකාශයක් කරමින් කීවේ ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ නායකයා තමන්ට කතාකර ඉන්න තැන පරිස්සමින් ඉන්න ලෙස උපදෙස් දුන් බවය.

”අපේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා. වාහන ගිනි තිබ්බා. ඒත් අපේ ආණ්ඩුව නිකම් ගෙනත් ඇහුවෙ නෑ උඹලට මොකද වුනේ කියලා.”

”ඔබ දැනගත යුතුයි. අපේ ගෙවල් ගිනි තියලා දැන් මාස හතරක් වෙලා. වන්දි නෙමෙයි උඹලට මොකද වුනේ කියලා පක්ෂයෙන් අහලා නෑ.”

”දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි. නමුත් ආණ්ඩුවේ පරිපාලනය කරන්නේ පොහොට්ටුව.”

”ප්‍රසන්න රණතුංග අපේ පාළාතෙ නායකයා. අපේ ගෙවල් ගිනි තියපු වෙලාවෙ ඔහු කිව්වෙ ඉන්න තැන පරිස්සමින් ඉන්න කියලා.”

”මේ ප්‍රශ්නය සභාවෙ කතා කළේ ගෙරද ප්‍රශ්නය ගෙදරදි විසඳගන්න උත්සාහ කරලා බැරිම තැනයි. ඒ නිසා සභාවක් ලෙස මන්ත්‍රීවරයෙක් ලෙස රටට කියන්න ඕන.”

lankasara.

SendShareShare
Previous Post

ලංකාවට පාඩමක් උගන්වන ග්‍රීසියේ සීගිරිය…

Next Post

ගෑස් ගන්න ලෝක බැංකුවෙන් දුන් සල්ලිවලිනුත් මිලියන 1300ක් ගසා කෑවා! ජනතාව මාස 8ක් පෝලිම්වල දුක් විඳිද්දී ගෑස්වලින් ගහපු මහා ගැහිල්ල ගැන කෝප් එකේ හිටපු සභාපති මහාචාර්යවරයා ආන්දෝලනාත්මක හෙළිදරව්වක! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර...

Read more
ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.