• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආහාර සුරක්ෂිතතාව ඇති කරන්න රනිල්ගෙන් කමිටු 7ක්!

September 13, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ආහාර සුරක්ෂිතතාව ඇති කරන්න රනිල්ගෙන් කමිටු 7ක්!
Share on WhatsAppShare on Facebook

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)ආරම්භ කෙරිණි

මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කරන අතර “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවීමෙහිලා ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.

අදාළ යාන්ත්‍රණය කමිටු හතක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ. ආහාර සුරක්ෂිතාව හා පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක අතර ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මකය.

ආහාර සුරක්ෂිතතාව හා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණය පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සභාපත්තිවයෙන් ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශිය ඒකාබද්ධ යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ග්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, සමෘද්ධි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකුගෙන් සමන්විත ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදා ගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙම යාන්ත්‍රණයෙන් කටයුතු කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී මට්ටම දක්වා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයන් සම්බන්ධ කර ගෙන තිබේ.

රටට අවශ්‍ය සමස්ත සහල් අවශතාවය මෙට්‍රික් ටොන් දසලක්ෂ 3.6ක් නිෂ්පාදනය කිරීම, වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50%ක් රට තුළම නිපදවීමටත්, අර්තාපල් අවශ්‍යතාවයෙන් 35% ක් දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් සැලසුම් කර ඇත.

වාර්ෂික සෝයා අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 250,000න් 20%ක් 2025 වසර වන විට මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම, වියලි මිරිස් අවශ්‍යතාවයෙන් 20%ක් 2025 වන විට දේශීයව නිෂ්පාදනය කිරීම, 2025 වන විට කුරක්කන්, මුං ඇට, කව්පි, තල හා රටකජු සම්පූර්ණ අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

බිත්තර හා කුකුළු මස් වැනි පශු සම්පත් සංවර්ධනයට වාර්ෂික අවශ්‍ය වන බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 650,000න් 80%ක් මේ වසර තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. 2025 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සමස්ත බඩ ඉරිඟු ප්‍රමාණය දේශීයව වගා කිරීමට බලාපොරොත්තු වේ.

මහ කන්නයේ වි සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 230,000ක්, TSP මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ MOP මෙට්‍රික් ටොන් 182,000ක් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආනයනය කිරීමටත් අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනයට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආනයනය කිරීමටත් මේ වන විට කඩිනම් පියවර ගෙන තිබේ.

කෘෂි රසායනික හා කාබනික පොහොර හිඟයකින් තොරව වෙළඳපොළෙන් මිලදී ගැනීමට පහසුකම් සපයා දීමට නියමිතය අතර යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක් දැනට පවතින වෙළඳපොළ මිලට වඩා අඩු සාධාරණ මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.

2022 මහ කන්නය සාර්ථක කර ගැනිමට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය හා බීජ නිසි කලට වෙළඳපොළ හරහා ගොවීන්ට සැපයීමේ යාන්ත්‍රණය මේ වන විටත් රජය ආරම්භ කර තිබේ.

කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ නිෂ්පාදන 2018 වර්ෂයේ නිෂ්පාදන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය බීජ, රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර සත්ව ආහාර හා ඉන්ධන ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කෙරේ.

මෙම නිෂ්පාදන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා නූතන දියුණු වාරි ක්‍රම හා තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර ඇත.

පොහොර යෙදීම සඳහා රජයේ සංකල්පය ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කෘෂිකර්ම හා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, බැංකු හා සංස්ථා සභාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-09-13

SendShareShare
Previous Post

මෙයා එයාම තමයි කිව්වට ඇහුවෙ නෑනෙ – විරුවා ගැන පාපොච්චාරණයක්…

Next Post

ලංකාවට පාඩමක් උගන්වන ග්‍රීසියේ සීගිරිය…

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.