දඹුල්ල පොලිස් වසමේ කොට්ටවෙල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී කාලයේදී ස්වාමි පුරුෂයා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇති බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි ගීතා කුමාරි කරුණාතිලක නම් කොට්ටවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය ඩුබායිහි සිට පසුගිය 31 වනදා නැවත පැමිණ ඇගේ මවගේ නිවසේ සිටියදී ස්වාමි පුරුෂයා විසින් ගෙල කපා ඝාතනය කර ඇත.
දීර්ඝ කාලයක සිට දෙදෙනා අතර ඇතිව තිබූ පවුල් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










