• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ ලෙවල් එකෙනුත් වෙන ලෙවල් එකක වැඩ පෙන්නපු අපේ කාලේ වීරයෝ…

September 4, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඒ ලෙවල් එකෙනුත් වෙන ලෙවල් එකක වැඩ පෙන්නපු අපේ කාලේ වීරයෝ…
Share on WhatsAppShare on Facebook

9 පන්තියෙන් උසස් පෙළ ලියපු වීරයෙක්, කකුලෙන් ලියලා කැම්පස් යන වීර වරියක්

මේ අපේ රටෙන් බිහිවෙච්ච අපූරු වීරයො දෙන්නෙක් ගැන ඔබට අපි කියන කතාව. ලංකාවෙ බොහෝ වෙලාවට වීරයො බිහිවෙනවා. ඒ වීරයො ගැන අපි ටික දවසක් කතා කරලා අමතක කරලා දානවා. හැබැයි මේ දෙන්නගෙ කතාව මම ඔබට යෝජනා කරනවා එහෙම එක පාරට අමතක කරලා දාන්න එපා කියලා. ඒකට හේතුව වෙන්නේ දරුවනේ මේ රට අපි හිතනවට වඩා ඉතා සුන්දර රටක් බවට පත්කරන්න නම් අපි හැමෝටම සිදුවෙනවා විවිධ විදියේ කැපකිරීම් කරන්න. ඒ වගේම උත්සාහවන්තයෝ බවට පත්වෙන්න. හුඟක් වෙලාවට අපි උත්සාහවන්තයෝද නැද්ද කියන එක ගැන අපෙන්ම ප්‍රශ්න කරන්න වෙන තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. සමහර වෙලාවට අපි බලාගෙන ඉන්නේ දෙයක් අපේ කටට වැටෙනකන්. ඒත් එහෙම නොවී උත්සාහවන්තයො විදියට වැඩ කරලා, තමන්ට අභියෝගයක් වෙච්ච දේවල් ජයග්‍රහණවලින් කෙළවර කරගත්තු මේ වීරයො දෙන්නා ගැන ඔබ කියවලා බලන්න. සමහර විට මේක ඔබට ඔබේ ජීවිතයට විශාල පාඩමක් බවට පත්වේවි.

ඇත්තටම අපි දන්නවා අපේ රටේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ උසස් පෙළ කියලා කියන්නේ බොහොම දුෂ්කර, බොහොම අසීරු අභියෝගයක් කියලා. ඔව්. ඒක ඇත්ත. උසස් පෙළ කියලා කියන්නේ ඉතා දුෂ්කර අසීරු අභියෝගයක්. උත්සාහ නොකළොත් මේ කඩඉමෙන් පැනගන්න කිසිවෙකුටවත් ඉඩ ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව වෙන්නේ මේක හදලා තියෙන්නේ අපට දුවගෙන ගිහිල්ලා වේගෙන් පැනගෙන යන්න තියෙන අභියෝග රාශියක්, වැටකඩුලු රාශියක් තියෙන තැනක් විදියට. සාමාන්‍යයෙන් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළ ලියනවා. ඊට පස්සේ ප්‍රතිඵල ආපු දවසේ ප්‍රවෘත්තිවලට එහෙම කියනවා ඔබ අහලා ඇති මේකෙන් 60%කට විතර ආසන්න ප්‍රමාණයකට සරසවි වරම් ලැබුණාය කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1,60,000ක විතර ප්‍රමාණයක් සරසවි වරම් ලබාගත්තු අය බව නිල වශයෙන් රජය විසින් නිවේදනය කරනවා. ඒත් ලංකාවෙ විශ්වවිද්‍යාලවල ඉඩ තියෙන්නේ ඒ ප්‍රමාණයෙනුත් හරිම ටිකකට විතරයි. සාමාන්‍යයෙන් 40,000කට 50,000කට වඩා අඩු ප්‍රමාණයකට තමයි ලංකාවේ සරසවි වරම් හිමිවෙන්නේ. ඒක නිසයි අපි මේ උසස් පෙළ විභාගය අසීරු අභියෝගයක් කියලා කියන්නේ.

අපි දැන් යමුකො වීරයො දෙන්නගෙ කතාවට. එක්කෙනෙක් ඇහැලියගොඩ. අනෙක් එක්කෙනා කඩවත. ඇහැලියගොඩ ඉන්නේ ගෑනු ළමයෙක්. කඩවත ඉන්නේ පිරිමි ළමයෙක්. ඒ නිසා ගෑනු ළමයාගේ ආදර්ශයත්, පිරිමි ළමයාගේ ආදර්ශයත් ගන්නත් පුළුවන් අවශ්‍ය නම්. නැත්නම් සමස්තයක් විදියට ගත්තම හැමෝටම මේ කතාව ඉතා වැදගත් නිසා ඒ වගේම උසස් පෙළ ලියන අයට නෙවෙයි මොන විභාගයක් ලිව්වත්, ජීවිතේ මොන අභියෝගයක් ජයග්‍රහණය කරන්න උත්සාහ කළත් කාටත් මේක පොදුවේ බලපාන කාරණාවක්.

දැන් මේ ගෑනු දරුවා ඉපදෙන්නේම උපතින් දෑත් අහිමි වෙලා. මතක තියාගන්න මේ ලිපිය පටන්ගන්න තැනම අපි කිසිවකුට අනුකම්පා කරන්න ඕනෙ නෑ. අපි ඔවුන්ට ගෞරව කරන්නයි ඕනෙ. ඒකට හේතුව ඇය අපට ලබාදුන්නු උපදේශය, පාඩම ලෝකයෙ කොහෙ හරි ඉන්න අතිවිශිෂ්ට යැයි සම්මත කෙනෙක් විසින් කියලා දුන්නා නම් අපි ඒකට මාර විදියට ගරු කරනවා. ඒ නිසා මේ ලංකාවෙ ඉන්න පොඩි එවුන්ට තියෙන ගෞරවය අපි ලබාදිය යුතුයි. මේ ගෑනු දරුවා ඉපදෙන්නේ දෑත් අහිමි වෙලා. ඉස්සෙල්ලත් මම කිව්වනේ. දෑත් අහිමි වෙච්ච කෙනකුට විභාග ලියන්න පුළුවන්ද? මේක තමයි පළමු ප්‍රශ්නය. හැබැයි මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට දෑත් තියෙනවා නේද? ඔබට දෑත් තියෙනවා නම් ඇයි ඔබ පසුතැවෙන්නේ? ඇයි ඔබ දුක් වෙන්නේ? ඈට දෑත් තිබුණෙ නෑ. ඈට දෑත් නොතිබුණත් ඈ නතර වුණේ නෑ. ඈ පුරුදු වුණා කකුලෙන් ලියන්න. කකුලෙන් ලියනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අපිට අත් දෙකක් තිබිලා, මේ අත් දෙකම පාවිච්චි කරලා ලියන්න පුළුවන්කම තියෙද්දිත් අපි කොච්චර දේවල් නොලියා ඉන්නවද? ලියනවා වෙනුවට අපි කරන්නේ නළියන එක. හැබැයි ඈ කළේ ලියපු එක. ඈ එහෙම ලියලා බොහෝ විභාග සමත් වෙච්ච කෙනෙක්. ඈ මේ වතාවෙත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගෙන ඉවරයි. දැන් ඈ පාසලට විතරක් නෙවෙයි, ඇගේ පවුලට, ඇගේ ගමට සියලු දෙනාටම ආඩම්බරයක්. මේ කතාව ලෝකෙට ගියොත් ඈ අපේ රටටත් ආඩම්බරයක්. ඒ නිසා ඈ වීරවරියක් විදියට අපි මේ මොහොතේ නම් කරනවා. උසස් පෙළින් හමුවෙච්ච වීරවරියක්. ඈ ඇගේ පාදයෙන් විභාගය ලියලා ඉතා ඉහළින් විභාගය සමත් වෙලා තියෙනවා. ඇගේ ජීවිතයේ ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක ගැන ඈ සතුටු සිතින් කියනවා. ඇගේ පියකරු මුහුණේ ඒ හිනාව ඇඳුණාම අපිටත් ඈ දැක්කම ආදරේ හිතෙනවා. ඈ ඒ තරම්ම සුන්දරයි. ඉතින් මේ වගේ සුන්දරත්වයක් තියෙන ඈට ජීවිතේ අභියෝග ජයග්‍රහණය කරගන්න, ඉලක්ක වෙත යන්න ශක්තිය ධෛර්යය, වාසනාව තවදුරටත් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ඇගේ කතාව. එතකොට ඔහු කවුද?

ඔහු කඩවත. හරිම පොඩියි. තාම 09 පන්තියේ. එහෙනම් මොකටද මේ උසස් පෙළ අස්සේ පොඩි එකක් ගැන කියන්නේ? නේද? එහෙම හිතෙනවා. ඒත් ඔහු පොඩි එකෙක් නෙවෙයි. ඔහු පොඩියි කියන එක අමතක කරපු පොඩි වීරයෙක්. අපි හිතන්නෙ මොකක්ද? අපේ වයස. අපිට තව ටිකක් තියෙනවා. ජීවිතේ අවුරුදු 35, 40, 45 පහු වෙලත් තව රස්සාවක් කරන්න අවුරුදු දෙක තුනක් තියෙනවා කියලා හිතන මිනිස්සු අස්සේ ඔහු එහෙම නෙවෙයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. අපෝ ක්‍රිකට්වලට ආදරේ නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. අම්මලා තාත්තලා මේක කියවන්න කලින්ම පැත්තකට දානවා. බෝලෙයි බැට් එකයි කරට ගත්තට පස්සේ කොහෙද ඉතින් අපේ එවුන්ට මතක නෑනෙ පාඩමක් පොතක් අල්ලන්න. එතැන තමයි වැරැදුණු තැන. බෝලෙයි බැට් එකයි අතට අරගෙන, බෝලෙටයි, බැට් එකටයි ආදරේ නිසා ඔහු 08 පන්තියේදී ඕලෙවල් ලියලා, 09 පන්තියේදී ඒලෙවල් ලියනවා. දෙකෙන්ම පාස් වෙනවා. දැන් 09 පන්තියේදී ඒලෙවල් ලියලා ‘බී’ තුනක් අරගෙන පාස් වෙනවා. ඔහු කියන්නේ මට මගේ ජීවිතේ ක්‍රිකට්වලට ලොකු ඉඩක් දෙන්න ඕනෙ. අපි අන්ඩර් නයින්ටින් වගේ සෙල්ලම් කරනකොට අපිට ක්‍රිකට්වලට ඉඩ දෙන්න ගියාම අපේ විභාග වගේ දේවල් මඟහැරෙනවා. ඒ නිසා ඔහු කරන්නේ කලින්ම විභාගය ලියන එක. දැන් ඔහු 09 වසරෙන් විභාගෙ ලියලා ඔහුගෙ බලාපොරොත්තුව විදියට ඔහු කියන්නේ අවුරුදු 19ක් වෙනකොට තමන්ගෙ උපාධියත් සම්පූර්ණ කරලා ඉවර කරගන්න ඕනෙ කියලා. ඔහු කියනවා ඔහුට නීතිඥයෙක් වීමේ සිහිනය තියෙනවා කියලා. ක්‍රිකට් පැත්තෙනුත් ඉස්සරහට යන්නත් ඕනෙ. හැබැයි නීතිවරයෙක් වෙන්නත් ඕනෙ කියලා ඔහු කියනවා. මේ දෙකම ඔහුට කරන්න බැරි වෙන්නෙ නෑ. ඒකට හේතුව ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙක් ලෙස එල්.එල්.බී. උපාධිය ලබාගන්න වයස් සීමාවක් නැති වීම. අවශ්‍ය නම් ඔහුට දැනටත් ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලියන්න තරම් සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා කියලයි අපට හිතෙන්නේ. අපි දන්නේ නෑ මේවායෙ තියෙන අතුරු නීති රීති මොනවද කියලා. කොහොම නමුත් ඔහු 09 වසරෙදි වීරයෙක් බවට පත්වෙනවා. එතකොට මේ දෙන්නගේ නම්ගම් මොනවද කියලා අපි සවිස්තරව ලියලා තියන්නම්. මතක තියාගන්න. කොහෙදි හරි දැක්කොත්, කොහෙදි හරි හම්බවුණොත් මේ වීරයන්ට අවශ්‍ය ගෞරවය ලබාදෙන්න. ඔවුන් තමයි අපේ රටේ දරු දැරියන්ගේ අනාගතේට පාර කියන තාරකා බවට පත්විය යුත්තේ. උසස් පෙළ විභාගය අමාරුයි, උසස් පෙළ ලියනවද නැද්ද, සෙකන්ඩ් ෂයි එක කරනවද නැද්ද, මේකෙන් අයින් වෙන්න ඕනෙ, රස්සාවක් හොයාගන්න ඕනෙ, මොකටද මේ විභාග කරන්නේ වගේ බහුබූත හිතෙනව නම් ඔබට වහාම මේ දෙන්නගෙ පින්තූර දෙකක් ගෙදර බිත්තියෙ අලව ගන්න. වෙන වෙන වීරයන්ගෙ පින්තූර ගලවලා දාන්න. මේ වීරයො ඔබට පාර කියාවි ජීවිතේ හරි තැනට යන්න. අපි ඒ නිසා මේ දෙන්නට ගෞරවයක් විදියට මේ මොහොතේ අපේ උත්තමාචාරය පුද කරනවා. එතකොට කවුද මේ දෙන්නා? ඇහැලියගොඩ යාළුවා කවුද? කඩවත යාළුවා කවුද? මේ දෙන්නගෙ නම් දෙකත් දැනගෙනම අපි ලිපිය අවසාන කරමු.

මේ අවුරුදු 14න් A ලෙවල් ලියලා ගේමක් ගහපු කොලු පුංචා තමයි දෙවුම් සනහස් රණසිංහ.

කෙලි පැංචි තමයි අනිත් කෙනා. එයා රශ්මි නිමේෂා ගුණවර්ධන. මේ දෙන්නටම මෙන්න අපෙන් ආදරය මුසු සුබපැතුම්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සුපිරි වටයේ දෙවන තරගය අද! පාකිස්තානය ඉන්දියාවට බැට් කරන්න කියයි!

Next Post

IMF එක්ක ගහපු ගිවිසුම රහසිගත එකක්! පාර්ලිමේන්තුව දන්නෙත් නෑ! (VIDEO)

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.