ඉදිරි දින කිහිපය තුළ ජල ගාස්තු නියත වශයෙන්ම ඉහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව වාර්තා වේ.
වසරක් පාසා ජල ගාස්තු ඉහළ නැංවිය යුතු වුවත් පසුගිය වසර 03ක් පුරා ජල ගාස්තු ඉහළ දමා නොමැති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද පසුගිය සතියේ අනාවරණය කර සිටියේය.
කෙසේවෙතත් පහළ සහ මධ්‍යම පන්තියට මෙම මිල ගණන් වැඩිවීම බලනොපානු ඇති බවත්, ඒකක 15ට වැඩි බිල්පත් සදහා පමණක් මෙම මිල වැඩිවීම බලපානු ඇති බවත් පැවසේ.










