මෙරට වත්මන් දේශපාලන තත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හි ඉදිරි කටයුතු පිලිබඳ දැනුවත් කිරීමේ අරමුණින්, හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සමඟ වූ හමුවක් ගරු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ ඩී.වී. චානක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හි මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ද සහභාගි විය.












