ඉන්ධන අර්බුදය සඳහා රජය හඳුන්වා දෙන ලද QR ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන අලෙවිය 60%ක් පහත වැටුණු බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම තත්ත්වය යටතේ ටැංකි රථ හිමිකරුවන් සහ පිරවුම්හල් හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.










