• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදුන් වහන්සේ වැඩ සිටි බුද්ධගයාව ලෝකෙට පෙන්වූ නූතන ඩිජිටල් සිත්තරා… (PHOTOS)

August 19, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
බුදුන් වහන්සේ වැඩ සිටි බුද්ධගයාව ලෝකෙට පෙන්වූ නූතන ඩිජිටල් සිත්තරා… (PHOTOS)
Share on WhatsAppShare on Facebook

‘සිරි බුද්ධගයා විහාරේ
වඳිනේමූ මෝක්ෂ පතාලා…’
වෙසක් පොහෝ සමයේ ඉඳහිට ඇසෙන මේ කන්කලු ගීය අප හදවත් තුළ ජනිත කරන්නේ ඉමහත් වූ ශ්‍රද්ධාවක්. එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් ලියා සංගීතවත් කර, රුක්මණී දේවිය සමග ගායනා කළ මෙහි පද මාලාව, සම්බුදු රදුන් බුද්ධත්වයට පත් අසිරිමත් බුද්ධගයා පුදබිම අප සිත්හි මවන්නට සමත්ය. චිත්ත රූප මැවෙන රුක්මණී දේවියගේ ගායනය අප මනෝමයෙන් බුද්ධගයාව වෙත කැඳවාගෙන යයි.

‘වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදුවුණදා…
තිලෝහිමි මොක්සුව ලද මොහොතේ
සමාධී… භාවනා…’

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගේය පද රචනයෙන්, ආචාර්ය අමරදේවයන්ගේ සංගීතය සහ ගායනයෙන් නිර්මාණය වූ මේ ගීතයද අප දෙසවන් තුළ සම්බුද්ධ ගෞරවය මොනවට ඉස්මතු කරන්නට සමත් වෙයි. මහබෝසතාණෝ සකල ක්ලේෂයන් ප්‍රහාණ කොට මහබෝමැඬදී බුද්ධ රාජ්‍යයට පිළිපන් ඒ ගාම්භීර නිමේෂය මානවසිංහයන් විශිෂ්ට ලෙස සිය ගේය පද රචනයට අරමුණු කොටගෙන ඇත. දඹදිව ජයශ්‍රී මහා බෝසමිඳුන් අබියසදී නිර්වාණ ධාතුව ප්‍රතික්ෂ කළ බුදුරජාණන්වහන්සේගේ සිතට දැනුණු ඒ ශ්‍රේෂ්ඨ වූ නිවීමේ රසයෙන් අංශු මාත්‍රයක් හෝ අප සිත් තුළත් මවන්නට ගීත රචකයා සහ ගායනවේදියා දක්වා ඇති දස්කම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.

එදා බුදුරදුන් වැඩසිටි දඹදිව් තලය පිළිබඳ චිත්ත රූප මවන, බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරවන ගීත කිහිපයක් පිළිබඳ සටහන් තැබුවේ තවත් එවැනි වූ විශිෂ්ට ගීත නිර්මාණයක් ගැන සඳහන් කිරීමට නම් නොවේ. ගායනය, වාදනය, නර්තනය, සිතුවම්කරණය ආදී විවිධ කලා මාධ්‍යයන් අතර නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කරමින් සම්බුද්ධ ගෞරවය මනුෂ්‍ය හදවත් තුළ උද්දීපනය කරන්නට සමත්වූ වෙනස්ම ආකාරයේ නිර්මාණ ශිල්පියකු පිළිබඳ හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි.

අරී ජයප්‍රකාශ් (Ari Jayaprakash) නම් වූ නිර්මාණකරු ඉන්දියාවේ වෙලින්ටන්හි උපන්, ‘බඩගා’ ගෝත්‍රයට අයත් වූවෙකි. ලොව පුරා සිය කලා කෘති ප්‍රදර්ශනය කර නම රැන්දූ අරී ජයප්‍රකාශ්ගේ ප්‍රධාන කලා මාධ්‍යයන් වන්නේ කෘත්‍රිම බුද්ධිය මුසුකළ ඩිජිටල් සිතුවම්, සංගීතය, ඡායාරූපකරණය සහ ලේඛන කලාවයි. මනුෂ්‍ය ඇසට පෙනෙන දර්ශනයක් හෝ සිද්ධියක් මසැසේ සීමාවෙන් ඔබ්බට ගොස් සිය කුසලතාව කාවද්දමින් මනා කොට ප්‍රතිනිර්මාණය කිරීමේ විශිෂ්ට හැකියාවක් අරී ජයප්‍රකාශ් සතුය. මේ ලිපිය සඳහා ප්‍රස්තුතය සැපයෙන්නේද ඔහු නිර්මාණය කළ Ancient Bodh Gaya (පුරාණ බුද්ධගයාව) නම් ඩිජිටල් සිත්තම් පෙළ තුළිනි. අප දැක ඇති බුද්ධගයාවට තරමක් වෙනස් ආකාරයෙන් නිර්මිත මෙම සිතුවම් තුළින් බුදුරදුන් ජීවමාන සමයේ එහි පැවැති තත්ත්වය ඩිජිටල් තිරය මත සිත්තම් කරන්නට මේ නිර්මාණකරුවා දක්වා ඇති දස්කම විශිෂ්ටය.

බුද්ධගයාව යනු ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරය වන පැට්නා (පාඨලීපුත‍්‍ර සිට කි.මී 115ක් දුරින් පිහිටා ඇති පුණ්‍ය භූමියකි. මහ බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ මෙම උතුම් බිම්කඩ සිහිපත් කරමින් අශෝක අධිරාජ්‍යයා මහාබෝධි විහාරය ඉදිකර ඇත්තේ මෙම ස්ථානයේය. මුළු ලොවක් වන්දනා කරන, ඓතිහාසික වටිනාකම් සපිරි බුද්ධගයාව අප සැබැවින්ම දැක ඇත්තෙමු. ඇතැම් විට ඡායාරූපවලින්ද, තවත් විටෙක රූපවාහිනියෙන්ද දැක ඇත්තෙමු. එහෙත් බුදුරදුන් ජීවමානව වැඩසිටි සමයේ එම ප්‍රදේශය පැවැතියේ අද පවතින ආකාරයටම යැයි කාට නම් කිව හැකිද? පුරාවිද්‍යා කැණීම් සිය ගණනක් අදටත් සිදුවන මේ ඓතිහාසික භූමිය අදට වඩා සශ්‍රීකවත්, විරාජමානවත් බුදුරදුන් ධරමාන සමයේ පවතින්නට ඇතැයි යම් කෙනකු තර්ක කළහොත් එය එසේ නොවේ යැයි පවසන්නට කිසිවකුට නොහැකිය. මන්ද, අදින් වසර 2,600කටත් එපිට දඹදිව් තලයෙහි පැවැති සමාජ, ආර්ථික, දේශපාලනාදී තත්ත්වයන් අපගේ අනුමාන ඥානයට සැබෑ ලෙසම ගෝචර නොවන නිසාවෙනි. එම තතු තම කාල්පනික සිතුවම්කරණය තුළින් සිත් සේ ප්‍රතිනිර්මාණ කළ අරී ජයප්‍රකාශ්, Ancient Bodh Gaya (පුරාණ බුද්ධගයාව) නමින් සිතුවම් 72ක එකතුවක් පසුගිය අගෝස්තු 04 වැනිදා එළිදැක්වීය.

කැන්වසයක් මත දියසායමින් සිතුවම් නිර්මාණය කිරීම එක් කලා සම්ප්‍රදායකි. එහෙත් ඩිජිටල් කැන්වසයක් මත පරිගණක මෘදුකාංග රාශියක නිර්මාණශීලී භාවිතය මගින් ඔහු මතුකර ඇති සිතුවම් විස්මයජනකය. මෙම නිර්මාණයන් සඳහා අරී ජයප්‍රකාශ් ‘කෘත්‍රිම බුද්ධිය’ Artificial Intelligence (AI) ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇති බව සඳහන් කර ඇත. එසේම ඔහු Midjourney, Adobe Photoshop සහ Faceapp යනාදී පරිගණක යෙදවුම් කිහිපයක්ම භාවිතයට ගෙන ඇත. එහිදී ඔහු වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ Midjourney යෙදවුම බව විශේෂයෙන් සඳහන් කර ඇති අතර, එය තවමත් අප රටෙහි නිර්මාණ ශිල්පීන් අතළොස්සක් පමණක් භාවිත කරන යෙදවුමක් බවද සඳහන් කළ යුතුය. නිර්මාණකරුවාගේ සිතෙහි උපදින ඕනෑම අදහසක් අදාළ යෙදවුමට ඇතුළත් කර සබෑ ලෝකය තුළ විද්‍යමාන නොවන ආකාරයේ දර්ශනයක් වුවද ක්ෂණයකින් පරිගණක තිරය මතට ගැනීම මෙම යෙදවුමෙන් සිදුකළ හැකිය.

අප අසා ඇති, දැක ඇති මහාබෝධි විහාරය, බුද්ධගයාව ආදී ස්ථානවලට හාත්පසින්ම වෙනස්ව, එහෙත් එම ස්ථානවල පවතින්නට ඇතැයි සැලකිය හැකි බුද්ධ තේජස, ගාම්භීරත්වය, සැනසිලිදායක බව සහ සිත් නිවන ස්වභාවය සිය නිර්මාණාවලියෙන් විද්‍යමාන කරන්නට ජයප්‍රකාශ් දක්වා ඇති දස්කම විශිෂ්ටය. බුදුරජාණන්වහන්සේ තුළ පැවැති මහා කරුණාව, අකම්පිත බව, මහා ප්‍රඥාව ආදී ගුණයන්ද ඔහුගේ සිතුවම්වල කැපීපෙනෙන ලක්ෂණයකි. බුද්ධගයාව ආශ්‍රිතව සිය ගණන් ජනී ජනයා වීදි සරණ ආකාරයත්, දහස් ගණන් උවැසි උවැසියන් බුද්ධෝපහාර දක්වන ආකාරයත් අරී ජයප්‍රකාශ් සිය පරිගණක තිරය මත ප්‍රතිනිර්මාණය කර ඇත්තේ ඩිජිටල් සිතුවම් නිර්මාණකරුවකු කෘත්‍රිම බුද්ධිය Artificial Intelligence (AI) භාවිතයෙන් එළිදැක්වූ පළමු බොදු සිත්තම් පෙළ ලෙස විය යුතුය. විශිෂ්ට කලාකරුවකු තුළ තිබිය යුතු ප්‍රතිභාව, නිර්මාණකරණයට නොදෙවැනි තාක්ෂණික ඥානය සහ තාක්ෂණය භාවිතයට ඇති සූර බව ඔහුගේ තවත් විශේෂත්වයකි. ඡායාරූපයක් දෙස බලා හුදු සිතුවමක් නිමවීමෙන් ඔබ්බට ගොස් කාල්පනිකත්වය සහ යථාර්ථය අතර දෝලනය වෙමින් කලා රසිකයන් අමන්දානන්දයට පත්කරන්නට අරී ජයප්‍රකාශ් මෙම නිර්මාණ සමුදාය හරහා සමත්ව ඇති බව නොකිවමනාය. දශක කිහිපයක් තිස්සේ විවිධ වූ නිර්මාශීලී ගවේෂණයන්හි නිරතව ඇති අරී ජයප්‍රකාශ් සිය කලා දිවියේ සුවිශේෂ සන්ධිස්ථානයක් ‘පුරාණ බුද්ධගයාව’ සිතුවම් පෙළ හරහා සනිටුහන් කර ඇත.

සිද්ධාර්ථ කුමරාගේ විවිධ වයස්වල සිතුවම්ද ඔහුගේ නිර්මාණකරණයට පාදක වී ඇති අයුරු අපූරුය. ශාක්‍ය වංශයේ රාජ කුමරකු සතු තේජස, ප්‍රභාව අරී ජයප්‍රකාශ් සිය කෘති තුළින් ගෙනහැර දක්වන්නේ සැබෑවටම එකල දඹදිව් තලය ඇසුරුකළ නගරවැසියකු තරමටම සමීප බවකිනි. ඩිජිටල් සිතුවම් 72ක් පුරා ජයප්‍රකාශ් තම ප්‍රාමාණික කලා කෞෂල්‍යය ප්‍රකට කර ඇතත්, එම නිර්මාණ අවසන් කිරීමට ගතකළ කාලය කොතරම් දැයි ඔහු සඳහන් කර නැත. බොහෝ විට එය දින කිහිපයක් හෝ මාස ගණනාවක් විය හැකිය. විවිධ වූ ඡායාරූප, පෞරාණික ප්‍රතිමා, ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම නිරීක්ෂණය කරමින්, සසඳමින්, ඒවා සමගම ජීවත් වෙමින් ගතකළ දීර්ඝ කාල සමයක අවසාන ඵලය ලෙස මෙම සිතුවම් පෙළ ජයප්‍රකාශ්ගේ පරිගණකයෙන් බිහි වූවා වන්නටද හැකිය. ඒ කෙසේ වෙතත් පරිගණක තාක්ෂණයත්, නිර්මාණශීලීත්වයත්, සහජයෙන් ඔහුට දායාද වුණු ප්‍රතිභාවත් එකට මුසුකරමින් අරී ජයප්‍රකාශ් ‘පුරාණ බුද්ධගයාව’ නමින් එළිදැක්වූ මේ ඩිජිටල් සිත්තම් ගොන්න දස දහස් ගණන් මිනිසුන් තුළ බුද්ධ ගෞරවය බොහෝ සේ උපදවන්නට සමත්ව ඇති බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය.

චානක ලියනගේ

SendShareShare
Previous Post

තාත්තලා තුන් දෙනෙක් දුවලා තුන් දෙනෙක්…

Next Post

ඇමැති බන්දුලට බස් එකක් ඇතුළේ වෙච්ච අකරතැබ්බයක් සමාජ මාධ්‍යවල වයිරල් යයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.