යුආන් වැන්ග් 5 නෞකාවේ ලංකා ගමන අත්හිටුවන ලෙස ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබියදීත් එය නොතකා අදාළ නැව මේ වනවිටත් හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
එම නැව අද පෙරවරු 10 ඉන්දුනීසියාව ආසන්න මුහුදේ පැයට කිලෝමීටර් 26ක වේගයෙන් යාත්‍රා කරමින් සිටින බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කොට ඇත.
ලබන බ්‍රහස්පතින්දා ඉන්දීය වේලාවෙන් පෙරවරු 10.30ට එම නැව හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බව ඉන් පෙන්වා දී තිබේ.
බැලස්ටික් මිසයිල ලුහුබැඳීමට යොදා ගත හැකි නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව මේ වනවිටත් නිල වශයෙන් ලංකාවට සිය කනස්සල්ල පළ කිරීමට පියවර ගෙන තිබේ.











